කොවිඩ් අභියෝගය හමුවේ සංචාරක ව්‍යාපාරය රැකගැනීම සදහා සංචාරක ක්ෂේත්‍රයට ලබාදුන් ණය සහන පැකේජය තවත් මාස 09 කට දීර්ඝ කිරීමට රජය තීරණය කළ බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඊට අදාළ චක්‍ර ලේඛය පසුගිය 13 වෙනිදා ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර තිබේ. සංචාරක ක්ෂේත්‍රය සදහා ලබා දී තිබු ණය සහන කාලය මේ මස 30 වෙනිදායින් අවසන් වීමට තිබිණි.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේත්, අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේත් උපදෙස් පරිදි මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා මේ සදහා අවශ්‍ය පියවර ගත් බවයි. මේ වන විට ලෝකයේ බොහෝ රටවල සංචාරක ව්‍යාපාරය යළි ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකාවේ ද සංචාරක ව්‍යාපාරය යළි ආරම්භ වී ඇති අතර එය ක්‍රම ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතී. පසුගිය කාලය තුල මෙරටට සංචාරකයන් 45,000 කට ආසන්න පිරිසක් පැමිණ තිබේ. ඉදිරි මාස 03 ක කාලය තුල මෙරට සංචාරක ක්ෂේත්‍ර යේ සුවිශේෂි වර්ධනයක් අපේක්ෂා කරන බවත්, ලබන වසර තුළ දෛනිකව සංචාරකයන් 5,000 ක් පමණ මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඇමතිවරයා සදහන් කරයි.
කොවිඩ් හේතුවෙන් පීඩාවට පත් වූ සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු වූවන්ට පසුගිය කාලය තුළ විවිධ සහන ලබාදීමට රජය කටයුතු කර තිබිණි. සංචාරක ක්ෂේත්‍ර යේ නිරත වූවන්ට ණය සහන පැකේජය, විදුලි හා ජල බිල්පත් ගාස්තු ගෙවීමට සහන සැලසීම, ලීසිං ගෙවීම සදහා සහන සැලසීම මෙන්ම සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදීංචි රියදුරන් හා මාර්ගෝපදේශකයන් සදහා රුපියල් 15,000 බැගින් හා රුපියල් 20,000 බැගින් වූ දීමනාවක් ලබා දීමට ද කටයුතු කෙරිණි. රජය මේ සියල්ල සිදු කළේ සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු වූවන් රැකගැනීමේ අරමුණිනි. කොවිඩ් වසංගතය හේතුවෙන් ලෝකයේ බරපතළම අර්බුදයට ලක් වූයේ සංචාරක ව්‍යාපාරයයි. එය නැවත ගොඩ නැංවීමට නම් එම ක්ෂේත්‍ර යේ නියුතු වූවන් රැක ගත යුතු බව රජය දැඩි ලෙස පිළිගනු ලබන කාරණයකි. ඒ අනුව ණය සහන පැකේජය ලබාදීමේ කාලසීමාව දීර්ඝ කිරීමට කටයුතු කෙරුණු බව ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.
මහ බැංකුව විසින් නිකුත් කළ ණය සහන දීර්ඝ කීරීමේ චක්‍ර ලේඛය මේ වන විට වාණිජ බැංකු වෙත නිකුත් කර ඇත. පසුගිය වසරේ අගෝස්තු මාසයේ දී මීට අදාළ චක්‍ර ලේඛය නිකුත් කෙරිණි. සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු විවිධ පාර්ශව රජයෙන් ඉල්ලා තිබුණේ අදාළ ණය සහන පැකේජය තවත් මාස 06 ක් දක්වා හෝ දීර්ඝ කරන ලෙසයි. නමුත් පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් රජය එව තවත් මාස 09 ක කාලයක් දක්වා දීර්ඝ කිරිමට කටයුතු කළ බව ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටි. සංචාරක ණය සහන පැකේජය තවත් මාස 09 කට දීර්ඝ කිරීම එම ක්ෂේත්‍ර යේ නියුතු වූවන් රැක ගැනීම සදහා ගත් පියවරක් බවත්, පවතින ආර්ථික තත්ත්වය යටතේ වුව ද මේ සදහා පියවර ගැනීම සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරීම සදහා රජයේ ඇති කැපවීම පිළිඹිබු කරන්නක් බව ද රණතුංග මහතා පෙන්වා දෙයි.

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Continue Reading

Sri Lanka Tourism Strengthens Travel Trade Partnerships Through 2026 B2B Networking Series in Australia and New Zealand

Sri Lankan delegates engage over 250 Australian and New Zealand travel agents across a landmark five-city roadshow

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය