කොවිඩ් එන්නත්කරණයේ සාර්ථකත්වයත් සමග සංචරණ සීමා පණවා ඇති රටවල රතු ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ගැනීමට කටයුතු කරමින් සිටින බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ දැනටමත් මේ සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි. එම රටවල රාජ්‍ය නායකයින් හා සෞඛ්‍ය අංශ හා සංචාරක බළධාරින් දැනුවත් කිරීමට ඒ අනුව කටයුතු කරමින් සිටින බව ද ඇමතිවරයා සදහන් කරයි. 

මෙරටට සංචාරකයින් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් සංචාරක සංවර්ධන අධිකාරියේ නිළධාරීන් සමග පසුගිය දා (17) පැවති සාතච්ඡාවක දී ඇමතිවරයා මේ බව සදහන් කළේය. සාකච්ඡාව පැවැත්වුණේ සංචාරක හෝටල් කළමණාකරණ පුහුණු ආයතනයේ ශ්‍රවණාගාරයේ දීයි.

මේ වන විට ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ජර්මනිය, කැනඩාව, ස්පාඤ්ඤය, චීනය, සිංගප්පූරුව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රටවල් ශ්‍රී ලංකාවට සංචරණ සීමා පණවා ඇති අතර බ්‍රිතාන්‍ය පසුගිය දා ශ්‍රී ලංකාව රතු ලැයිස්තුවෙන් ඉවත් කළේය. පසුගිය කාලය තුළ මෙරට කොවිඩ් පැතිරයාම සැලකිල්ලට ගනිමින් මෙම රටවල් මෙම සීමා පණවා තිබේ. මෙම සාකච්ඡාවේ දී සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ඒ ඒ කළාප භාර නිළධාරීන් ඇමතිවරයාට පෙන්වා දුන්නේ  එම රටවල් වල පවතින සීමා හේතුවෙන් ශ්‍රී ලංකාවට සංචාරකයන් ගෙන්වා ගැනීමේ දී බාධා ඇති බවයි. එමෙන්ම මෙරට ඇතැම් සෞඛ්‍ය මාර්ගෝපදේශ ද මෙරටට සංචාරකයන් පැමිණීම සීමා වීමට හේතු වී ඇති බව ද ඔවුහු පෙන්වා දුන්හ.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ සෞඛ්‍ය බළධාරීන් සමග සාකච්ඡා කර සංචාරකයින්ට  බලපාන සෞඛ්‍ය මාර්ගෝපදේශ යාවත්කාලීන කිරීමට කටයුතු යොදා ඇති බවයි. මෙරට කොවිඩ් එන්නත්කරණ  වැඩ සටහන ආරම්භ වීමට පෙර සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් සැකසු ඇතැම් සෞඛ්‍ය මාර්ගෝපදේශ යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව සෞඛ්‍ය අමාත්‍යාවරයා වෙත පෙන්වා දුන් බව ද ඇමතිවරයා මෙහි දී කියා සිටියේ ය. මේ වන විට මෙරට සමස්ථ ජනගහණයෙන් 50%කට අධික පිරිසක් කොවිඩ් පූර්ණ එන්නත්කරණයට ලක්ව තිබේ. ලෝකයේ බොහෝරටවල් මේ වන විට සංචාරක ව්‍යාපාරය ආරම්භ කර ඇති අතර කොවිඩ් වසංගතයෙන් ද ආරක්ෂා වෙමින් සංචාරක ව්‍යාපාරය ද පවත්වාගෙන යනු ලබයි. ඒ පිළිබදව ද අධ්‍යනය කර ජනතාව කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා කර ගනිමින් සංචාරක ව්‍යාපාරය ද පවත්වාගෙන යා හැකි වන පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ යාවත්කාලීන කිරීමට සෞඛ්‍ය බළධාරීන් එකගත්වය පළ කළ බව ද ඇමතිවරයා කීවේය.

කොවිඩ් වසංගතයෙන් පසු සංචාරක ව්‍යාපාරය යළි දියුණු කිරීමේ දි සංචාරකයන්ගෙන් මෙරට ජනතාවටත්, මෙරට ජනතාවගෙන් සංචාරකයන්ටත් එය පැතිර යාම වැළැක්වීමට හැකි උපරිම ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ද ඇමතිවරයා කීවේය. පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා සංචාරකයන් 40,000 කට අධික පිරිසක් මෙරටට පැමිණ ඇති බවත්, ඔවුන්ගෙන් කොවිඩ් අසාදිතයන් වාර්තාවුණේ 270 ක් පමණක් බවත් පෙන්වා දුන් ඇමතිවරයා යුරෝපා රටවල ඉදිරියේ දී එළඹෙන ශිත සෘතුවත් සමග මෙරටට වැඩි සංචාරකයන් පිරිසක් පැමිණෙනු ඇතැයි විශ්වාසය පළ කළේය.

ඉදිරි මාස තුනක කාලය තුළ අවම වශයෙන් දෛනිකව සංචාරකයන් 1500ත් 2000ත් අතර සංඛ්‍යාවක් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතු බවත්, ඉදිරි වසර වන විට දිනකට මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව 5000 ක ඉලක්කය සපුරාගැනීමට අවශ්‍ය ලෙස සංචාරක ප්‍රවර්ධන කටයුතු සැලසුම් කරන ලෙසත් ඇමතිවරයා නිළධාරීන්ට මෙහි දී උපදෙස් දුන්නේය. ඒ සදහා නිර්මාණශීලි ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස ද පූර්ණ එන්නත්කරණය සාර්ථකව සිදු කළ රටක් ලෙස ශ්‍රී ලංකාව සංචාරකයන් අතර  ප්‍රචලිත කිරීමට කටයුතු කරන ලෙස ද ඇමතිවරයා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට උපදෙස් දුන්නේය.

‘ ප්‍රවර්ධන කටයුතු මොනතරම් කළත් වැඩක් නෑ ප්‍රතිඵලයක් නැත්නම්. ඒ නිසා නිදහසට කරුණු අවශ්‍ය නෑ. ඉලක්ක සපුරා පෙන්වන්න.‘ ඇමතිවරයා නිළධාරීන්ට කීවේය.

මෙම සාකච්ඡාවට සංචාරක අමාත්‍යාංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි, සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් ධම්මිකා විජේසිංහ, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ වැඩ බලන කළමණාකරණ අධ්‍යක්ෂක මධුභානි පෙරේරා යන මහත්ම මහත්මීහු ද එක්වූහ.

241566139 6784427591582699 7195077489817921740 n

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Continue Reading

Sri Lanka Tourism Strengthens Travel Trade Partnerships Through 2026 B2B Networking Series in Australia and New Zealand

Sri Lankan delegates engage over 250 Australian and New Zealand travel agents across a landmark five-city roadshow

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය