කොවිඩ් වසංගතයයෙන් බැට කන සංචාරක කර්මාන්තය නැංවීමේ පස් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

සංචාරක කර්මාන්තය නගා නගාසිටුවීම සඳහා රජය ක්‍රියාත්මක කරන මෙම සැලැස්ම යටතේ වසංගත තත්වය  හමුවේ සහ වසංගතයෙන් පසුව  ඉදිරි වසර පහ තුළ  සංචාරක කර්මාන්තය ගොඩනැංවීම අරමුණු වී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය . සංචාරක අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ  පසුගියදා (10) යුක්‍රේනයේ හිල්ටන් හෝටලයේ දී  යුක්රේන සංචාරක සංවිධායකවරුන් හමු වූ අවස්ථාවේදී ය.

සංචාරක සංවර්ධන අධිකාරිය හා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය  එක්ව ක්‍රියාත්මක කරන සංචාරක ප්‍රවර්ධන වැඩසටහනකට සහභාගිවීමට අමාත්‍යවරයා  යුක්රේනයට ගොස් තිබිණි.එහිදී, යුක්‍රේනයේ සංචාරක සංවිධායකවරුන් හමු වූ අවස්ථාවදී කොරෝනා වෛරස ව්‍යාප්තිය පවතින අවස්ථාවේදී ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කළ සංචාරක නියාමන ව්‍යාපෘතිය සඳහා යුක්රේනය දැක්වූ සහයෝගය අමාත්‍යවරයා අගය කළේය.සංචාරක බුබුළු ක්‍රමය යටතේ ක්‍රියාත්මක කෙරුණු මෙම නියාමන ව්‍යාපෘතිය හරහා  යුක්රේන , රුසියානු සහ කසකස්ථානු සංචාරකයින් 2258ක් මෙරටට පැමිණ  ඇති අතර එම සංචාරකයින්ගෙන් වෛරසය ආසාදිත බව තහවුරු වූයේ සංචාරකයින් නම දෙනෙකුට පමණි. ආසාදිත සංචාරකයින්  ප්‍රතිකාර ලබා සුව පත් වීමෙන් අනතුරුව නැවතත් සිය මව් රට බලා පිටත්ව ගොස් තිබේ.සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කළ රටවල ක්‍රියාත්මක වන ක්‍රමවේද සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් හා මාර්ගෝපදේශ සැලකිල්ලට ගනිමින් වසංගත තත්වය තුළ  නැවතත් සංචාරක ව්‍යාපාරය ආරම්බ වූ ආකාරය අමාත්‍යවරයා එහිදී පැහැදිලි කළේය .විශේෂයෙන් ජනතාවගෙන් සංචාරකයින්ට ත්,සංචාරකයින්ගෙන් ජනතාවටත් වෛරසය ආසාදන නොවන ක්‍රමවේදයක් අනුව සංචාරක කර්මාන්තය නැංවීමට  රජය අපේක්ෂා කරයි.එහි පළමු පියවර වශයෙන් ශ්‍රී ලාංකික ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරමින් එන්නත් කරන වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා රජය මූලික අවධානය යොමු කර ඇත.ඒ අනුව ජනතාවගෙන් කෝටියකට වැඩි පිරිසකට එන්නත් මාත්‍රා 2ම ලබාදීමට  ශ්‍රී ලංකා රජයට හැකිවීම ජයග්‍රහණයක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.කලාපයේ අනිත් රටවලට සාපේක්ෂව ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාවට හා සුභසිද්ධියට පළමු තැන දෙමින් කටයුතු කරන රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වා දුන් අමාත්‍යවරයා පැවසුවේ  ඉකුත් යුද සමයේ මානුෂීය  මෙහෙයුම ක්‍රියාත්මක කළ ආකාරයටම වත්මන් කොරෝණා තත්වය හමුවේ ද ශ්‍රී ලංකාව ක්‍රියාත්මක වන බවයි.

කොරෝනා තත්ත්වය යටතේ ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ දී සෞඛ්‍යය ප්‍රශ්නයකට මුහුණ දුන්  විදේශීය නාවිකයන්ට අවදානම නොතකා උපකාර කිරීම හරහා  ශ්‍රී ලාංකිකයන් නිහතමානී, පරාර්ථකාමී ජාතියක් ලෙස  බොහෝ රටවල් හඳුන්වා දුන් බවද එහිදී අමාත්‍යවරයා සිහිපත් කළේය.කොවිඩ් වසංගත තත්වය තුළ ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහා ක්‍රියාත්මක කෙරෙන ක්‍රමවේදය මගින් සෞඛ්‍ය උපදෙස් අවශ්‍ය  සංචාරකයන් සඳහා වහාම සෞඛ්‍ය සහාය ලබාදීම ද සිදු කෙරේ.රට තුළ ක්‍රියාත්මක වෙන සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද පිළිබඳව දීර්ඝ ලෙස පැහැදිලි කල අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් පිළිගැනීම සඳහා රටක් වශයෙන් ශ්‍රී ලංකාව සූදානම් බව ද කීවේය.මෙහිදී අදහස් දැක්වූ යුක්රේන රාජ්‍ය ඒජන්සියෙ මරියානා ඔලෙස්කියු මහත්මිය සඳහන් කළේ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය නැංවීම සඳහා යුක්රේනයේ සහාය ශ්‍රී ලංකාවට ලැබෙන බවයි.

මෙම අවස්ථාවට යුක්රේනයේ සංචාරක සංවිධායකවරුන් 150ක් පමණ සහභාගී වූ අතර විදේශ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති අධිකාරිය සභාපති කිමාලි ප්‍රනාන්දු, ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ උප සභාපති  රජිව් සූරියආරච්චි  ගුවන් තොටුපල හා අපනයන සැකසුම් කලාප  රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්  සුනිල් ගුණවර්ධන   ඇතුළු නියෝජිතයින් සහභාගී වූහ.

5b2aff24 8f2e 4ceb bd6d c2f856f65bb8

8515b79a 3465 42fb a687 206e84513a41

d8c51b16 2918 42a5 b952 f3caa61c2d63

c1c70de5 814c 4d34 8ac3 c6770f3fa0c2

f7279e8c aef4 4837 a1e3 d92b6ac110c0

සංචාරක පුවත්

Sri Lanka Mega Roadshow 2026 Achieves Remarkable Success In Seoul, Strengthening Tourism, Cultural And Buddhist Ties Between Sri Lanka And South Korea

The Sri Lanka Tourism Promotion Bureau (SLTPB), in collaboration with the Embassy of Sri Lanka in the Republic of Korea, successfully concluded the Sri Lanka Mega Roadshow 2026 at the prestigious Lotte Hotel Seoul on 08 June 2026, further strengtheni

Continue Reading

The Embassy of Sri Lanka in the Republic of Korea hosted Pulse of Sri Lanka – A Celebration of Dance and Heritage on 5 June 2026 at the Kkumbit Theater, Seongbuk Media Culture Maru, Seoul, presenting a vibrant showcase of Sri Lanka’s cultural traditi

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය