කොරෝන වෛරස ව්‍යාප්තිය පවතින අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කල සංචාරක නියාමන ව්‍යාපෘතිය සඳහා රුසියාව යුක්රේනය සහ කසකස්තානය රටවල් දැක්වූ දායකත්වය අගය කිරීමක් ලෙස ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රචලිත  කිරීම සඳහා හොඳම කලාපය ලෙස එම කලාපයේ රටවල් තෝරා ගැනුණු බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ රුසියාවේ Redisson royal flotilla යාත්‍රාවේ පැවැති සංචාරක ප්‍රවර්ධන වැඩසටහනකට සහභාගි වෙමිනි.රුසියානු සංචාරක යන් ශ්‍රී ලන්කාවට වැඩි වශයෙන් ගෙන්වාගැනීම සදහා රුසියානු සංචාරක නියෝජිතයින් හා ශ්‍රී ලන්කා සංචාරක නියෝජිත හමුවක් ලෙස මෙය සන්විධානය කර තිබිණි .

සංචාරක සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කරන සංචාරක ප්‍රවර්ධන වැඩසටහනට සහභාගි වීම සඳහා අමාත්‍යවරයා රුසියාව බලා පිටත්ව ගොස් ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

තාක්ෂණය, ගමනාගමනය ආදියේ දියුණුවත් සමග මුළු ලෝකය ම අද වෙනකොට විශ්ව ගම්මානයක්. නමුත්, කොවිඩ්‍  ලෝක වසංගත තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා සෑම රටකටම සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරන්න වුනා. මේ නිසා එකම විශ්ව ගම්මානයක් බවට පත්ව තිබුණු ලෝකයේ රටවල් අතර  ගමනාගමනය සීමා වුණා.  මේ වෙනකොට වසංගත තත්ත්වයට පිළියම් හොයන අතරේ ක්‍රමක්‍රමයෙන්  සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුව සංචරණ සීමා ඉවත් කරමින් තිබෙනවා. ඒ අතර ශ්‍රී ලංකාවත් ලෝකය පිළිගත් සෞඛ්‍යය  ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරමින් ශ්‍රී ලංකිකයින්ගේත්,  සංචාරකයින්ගේත් ආරක්ෂාව තහවුරු කරමින් සංචාරක ව්‍යාපාරය නැංවීමට අවශ්‍ය පියවර ගනිමින් තිබෙනවා.

ඉකුත් සතියේ ජනගහනයට  සාපේක්ෂව ලොව වේගවත්ම එන්නත්කරණය සිදුකෙරෙන රට බවටත් ශ්‍රී ලංකාව පත් වුණා.

දෙකෝටි දහනම ලක්ෂයක ජනගහණයකින් යුක්ත ශ්‍රී ලංකාවේ  පුද්ගලයින් 12,703,070ට කොරෝනා මර්දන එන්නතේ  පළමු  මාත්‍රාවත්, ඒ අතරින් පුද්ගලයින් 9,137,887 ට දෙවන මාත්‍රාවත් ලබාදී  අවසන්.  ඒ කියන්නේ සමස්ත ජනගහනයෙන් සියයට 60 කට ආසන්න පිරිසකට  පළමු මාත්‍රාවත්, සියයට 40කට වැඩි පිරිසකට දෙවන මාත්‍රාවත් ලබාදෙන්න අපිට පුළුවන් වුණා.

අපේ ජනාධිපතිතුමා එන්නත් කරන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට පෞද්ගලිකවම මැදිහත් වෙමින් දැඩි වෙහෙසක් ගන්නවා. ඒ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම රජයේ ප්‍රමුඛ අරමුණ නිසයි.

ඔහුගේ කාලයේ අපි සංචාරක කර්මාන්තය නැවත නගා සිටුවීමට අදාළව නියාමන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළා. ඒ ව්‍යාපෘතිය ඉතා සාර්ථකයි. සංචාරකයන් ශ්‍රී ලංකා භූමියට ඇතුළත් වූ අවස්ථාවේ සිට ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරමින්,ඔවුන්ට සුහද සුහදශීලී සේවාවක් සැපයීමට පුළුවන් වුණා.මේ වන විටත් ශ්‍රී ලංකාව සංචාරකයින්ට ආරක්ෂිත රටක් බව අපි තහවුරු කර තිබෙනවා.ඒ වගේම ශ්‍රී ලංකාව සහ රුසියාව අතර දැඩි මිත්‍රත්වයක් පවතිනවා. ඓතිහාසික සාධක ඊට සාක්ෂි දරනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව  මුහුණ දුන් අසීරු අවස්ථාවවල දී රුසියානු මිත්‍රත්වය  ශ්‍රී ලංකාවට   ශක්තියක් වුනා.රුසියානු සංචාරකයන් ශ්‍රී ලංකාවට වැඩි කැමැත්තක් දක්වනවා වගේම ශ්‍රී ලාංකිකයින් රුසියානු සංචාරකයින්ගේ හෘදයාංගම විලාසයට දැඩි කැමැත්තක් දක්වනවා.  ඇත්තටම කියනවා නම් සංචාරක කර්මාන්තයේදී  රුසියානුවන් හා ශ්‍රී ලාංකිකයින් අතර ඉතා ආදරණීය බැඳීමක් ගොඩනැගිලා තිබෙනවා.සීත සෘතුවේදි බොහෝ රුසියානුවන් සංචාරය කිරීමට ලැදියාවක් දක්වනවා. ශීත සෘතුවේදී ශ්‍රී ලංකාව ඔබේ සංචාරක ගමනාන්තයක් බවට පත්කර ගන්නා ලෙස රුසියානු සංචාරක සංවිධායකයන්ගෙන් මා ඉල්ලා සිටිනවා. වසර ගණනාවකට පසුව ශ්‍රී ලංකාව හා රුසියාව අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කලා.

ශ්‍රී ලංකාව කියන්නේ  භූගෝලීය ,සමාජීය,  විවිධත්වයකින් යුක්ත ආකර්ෂණීය රටක්. ඡෛව විවිධත්වයෙන් අනූනයි. ඉන්දියානු සාගරයේ  මුතු ඇටය විදියට හඳුන්වන  ශ්‍රී ලංකාව වටා  සංචාරක ආකර්ෂණය දිනාගත් සුන්දර මුහුදුක් තිබෙනවා.  දිය ඇලි 350ක්,ජාතික වනෝද්‍යානය 26ක් ශ්‍රී ලංකාවේ තියෙනවා. ශ්‍රී ලංකාවේ  භූමියෙන් සියයට 33ක් වන ගහනයක් සහිතයි. යුනෙස්කෝව  ලෝකෙ අට වෙනි පුදුමය විදියට නම් කළ සීගිරිය ඇතුළු අපේ ස්වභාවික සංස්කෘතික උරුමයන් ඔබ පුදුමයට පත් කරයි.පශ්චාත් වසංගත තත්ත්වයන්ට මුහුණදීමට මේ මොහොතේ ශ්‍රී ලංකාව සූදානම්. රුසියාව හා ශ්‍රි ලංකාව අතර සංචාරක කටයුතු ප්‍රවර්ධනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ  ප්‍රධාන පෙළේ නියෝජිතයින් පිරිසක් රුසියාවට ඇවිත් ඉන්නවා. ඒ රුසියාවට ශ්‍රී ලාංකිකයින් ගේ වැඩි කැමැත්තක් තිබෙන නිසා සහ රුසියාව හා ශ්‍රී ලංකාව අතර තිබෙන මිත්‍රශීලී සබඳතාවය නිසාත් බව කියන්නේ  සතුටින්.

එළැඹෙන ශීත සෘතුවේදී අපේ සුන්දර රට දැකබලාගන්න, නිදහසේ ස්වභාව සෞන්දර්යය විඳගන්න පැමිණෙන්න කියලා ඔබට ආරාධනා කරනවා. 

මෙම අවස්තාවට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, සංවර්ධන අධිකාරියේ අධිකාරිය සභාපති කිමාලි ප්‍රනාන්දු , ශ්‍රී ලන්කන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ ඇතුළු ශ්‍රී ලංකා නියෝජිතයින් සහභාගී වූහ.

4a22b23f 7125 4aa6 8e65 e86f92a4cd61

8cdfc316 b9de 4ceb a9b4 6b4b1afd993b

e42b57ab 7f4b 4881 8c0c 8f256bcf1547

සංචාරක පුවත්

Sri Lanka Mega Roadshow 2026 Achieves Remarkable Success In Seoul, Strengthening Tourism, Cultural And Buddhist Ties Between Sri Lanka And South Korea

The Sri Lanka Tourism Promotion Bureau (SLTPB), in collaboration with the Embassy of Sri Lanka in the Republic of Korea, successfully concluded the Sri Lanka Mega Roadshow 2026 at the prestigious Lotte Hotel Seoul on 08 June 2026, further strengtheni

Continue Reading

The Embassy of Sri Lanka in the Republic of Korea hosted Pulse of Sri Lanka – A Celebration of Dance and Heritage on 5 June 2026 at the Kkumbit Theater, Seongbuk Media Culture Maru, Seoul, presenting a vibrant showcase of Sri Lanka’s cultural traditi

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය