තිරසාර සංචාරක කර්මාන්තයක් සඳහා ශ්‍රී ලංකාවට සහය දැක්වීමට ජර්මනිය එකඟතාවය පළ කරයි. තිරසාර සංචාරක කර්මාන්තයක් සඳහා ශ්‍රී ලංකාවට සහය දැක්වීමට ජර්මනිය එකඟතාවය පළ කරයි. 
සංචාරක අමාත්‍යවරයා සහ මෙරට ජර්මන් තානාපති  holger seubert   අතර zoom තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකදි මෙම එකඟතාවයට පැමිණියහ .
කොවිඩ් වසංගත තත්වය හමුවේ දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ  සංචාරක කර්මාන්තය පවත්වාගෙන යාමේ වැදගත්කම සම්බන්ධයෙන් එහිදී දෙපාර්ශවය අතර සාකච්ඡා පැවැත්විණි.
පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරයක වැදගත්කම  දෙපාර්ශවයේම අවධානයට ලක්වූ අතර සංචාරක හෝටල් , සංචාරක නැරඹුම් ස්ථාන, සංචාරක නියෝජිත ආයතන  ආදී සංචාරකයින් හා සම්බන්ධ වන සෑම අංශයක්ම ප්ලාස්ටික් වැනි  පරිසරයට අහිතකර නිෂ්පාදනවලින් තොර  ස්ථාන බවටත් පරිසර හිතකාමී ආකර්ෂණීය ස්ථාන බවට පත් කිරීමත් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.
වාර්ෂිකව වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් මෙරටට පැමිණෙන මුල්ම රටවල් පහ අතරට ජර්මනිය ද අයත් වේ. වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා වසා දැමුනු ගුවන් තොටුපළ නැවත විවෘත කිරීමෙන් පසු සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්  පළමුව මෙරටට පැමිණියේත් ජර්මන් නියෝජිතයින් පිරිසක් යැයි අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේය.       ජර්මානු  තානාපතිවරයා මෙහිදී අවධාරණය කළේ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා ජර්මානු රජයේ පූර්ණ සහය සහාය පළ කරන බවයි .ජර්මානු සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීමට විශේෂ කැමැත්තක් දක්වන බවත් කොවිඩ් වසංගත තත්ත්වය  යටතේ හඳුන්වා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ඔවුන් මෙරටට පැමිණීමට සූදානම් බවද  තානාපතිවරයා මෙහිදී කියා සිටියේය .ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී පෙන්වා දුන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ මත සංචාරකයන්ට මෙරට සංචාරය කිරීමේ කිසිදු බාධාවක් නොමැති බවයි .සංචාරක ආකර්ෂණීය ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා වත්මන් රජයේ විවිධ පියවර ගනිමින් සිටින බවත් කොවිඩ්  තත්වය යටතේ වුව ද එම කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කරන බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය .
මෙම අවස්ථාවට සංචාරක අමාත්‍යංශ ලේකම් එස් හෙට්ටිආරච්චි සංචාරක  සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Continue Reading

Sri Lanka Tourism Strengthens Travel Trade Partnerships Through 2026 B2B Networking Series in Australia and New Zealand

Sri Lankan delegates engage over 250 Australian and New Zealand travel agents across a landmark five-city roadshow

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය