ශ්‍රී ලංකාව හා රුසියාව අතර ආයෝජන අවස්ථා පුළුල් කෙරේ. ඒ අනුව මෙරට ආයෝජන කටයුතු වෙනුවෙන් රුසියානු ආයෝජකයන්ට අවශ්‍ය සහයෝගය ලබාදීමට රජය සුදානම් බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

රුසියානු ආයෝජකයන්, රුසියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් සමග රුසියාවේ මොස්කව් නුවර දී පැවති සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සදහන් කළේය.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී වැඩිදුරටත් පෙන්වා දුන්නේ සංචාරක ආයෝජන සදහා රජය විශේෂ අවධානයක් යොමු කරන බවයි. කොවිඩ් වසංගතය පැවතිය ද පසුගිය කාලය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 879.94 ක නව සංචාරක ආයෝජන අනුමැතිය සදහා ඉදිරිපත්ව තිබිණ. ඉදිරිපත් වු  ව්‍යාපෘති සංඛ්‍යාව 54 කි. කොවිඩ් තුන්වන රැල්ල අතරතුරත් ඇමෙරිකානු ඩොලර් මිලියන 34 ක නව සංචාරක ආයෝජන යෝජනා ඉදිරිපත් වු බව ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී කියා සිටියේ ය.

කොවිඩ් වසංගතය පැවතිය ද රට තුළ නව ආයෝජන අවස්ථා පුළුල් කිරීම සදහා රජයේ විශේෂ අවධානය යොමු වූ බවත් මෙරට ආයෝජනය සදහා පැමිණෙන විදේශීය ආයෝජකයන් සදහා අනුමැතිය ලබාදීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට කටයුතු කළ බවත් ඇමතිවරයා මෙහි දී වැඩිදුරටත් පෙන්වා දුන්නේය. නව ආයෝජන අනුමැතිය ලබා දීමේ දි පැවති ප්‍රමාදය මෙන්ම අක්‍රමිකතා ද ඉවත් කිරීමට රජය කටයුතු කර තිබේ. ඒ අනුව මේ වන විට ආයෝජනය සදහා මෙරටට පැමිණෙන ආයෝජකයන්ට නිසි අවසරයකින් පසුව ප්‍රමාදයකින් තොරව සිය කර්මාන්තශාලා ආරම්භ කිරීමට හැකියාව ඇතැයි ද ඇමතිවරයා කීවේය.

මෙරට එන්නත්කරණ වැඩසටහනේ දි කර්මාන්තශාලා සේවක සේවිකාවන් සදහා ප්‍රමුඛතාව හිමි විය. මේ වන විට ආයෝජන මණ්ඩලය සහ වෙනත් කර්මාන්තශාලා වල සේවය කරන සේවක සේවිකාවන් 90% කට ම කොවිඩ් එන්නත ලබාදී තිබේ. රට වසා තිබුණ ද කර්මාන්තශාලා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව  විවෘත කර මෙරට නිෂ්පාදන ක්‍රියාවලිය ඉදිරියට පවත්වාගෙන යාම සදහා රජය කටයුතු කළ බව ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී පෙන්වා දුන්නේය.

සංචාරක පුවත්

4th Meeting of the BIMSTEC Network of Tour Operators – July 2026

Sri Lanka successfully hosted the 4th Meeting of the BIMSTEC Network of Tour Operators on 21–22 July 2026 at the Sheraton Colombo

Continue Reading

Sri Lanka Convention Bureau’s Roadmap for a Knowledge-Driven MICE Sector

During the first half of 2026, the Sri Lanka Convention Bureau (SLCB), through its Research, Development & Training Division, successfully implemented a series of capacity-building initiatives aimed at strengthening Sri Lanka's Meetings, Incentiv

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය