දෙස් විදෙස් සංචාරකයින්ගේ  ආකර්ශණය දිනාගත් සංචාරක සථානයක් ලෙස සැලකෙන ඇල්ල ආරුක්කු නවයේ පාලම(nine arch bridge) ආශ්‍රිත ප්‍රදේශය සංවර්ධනය කිරීමට පියවර ගැනේ.ඇල්ල සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ආරුක්කු නවයේ පාලම(nine arch bridge) සංචාරකයින් විශාල ලෙස ගැවසෙන ස්ථානයක් ලෙස කඩිනමින් සංවර්ධනය කරන බව පසුගියදා එම ස්ථානය නිරීක්ෂණය කළ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.

ඇල්ල සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ ඇල්ල ආරුක්කු නවයේ පාලම(nine arch bridge)  ආශ්‍රීතව නව  සංචාරක සේවා මධ්‍යස්ථානයක් පිහිටුවීමට පියවර ගන්නා බවත් ඒ ආශ්‍රිතව යටිතල පහසුකම් සංවර්ධනය කර දේශීය සහ විදේශීය සංචාරකයින්ට පහසුකම් සළසන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 ඇල්ල ආරුක්කු නවයේ පාලම(nine arch bridge)සංවර්ධනය කිරීමට අමතරව ඇල්ල සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ඇල්ල නගරයේ සංචාරක සේවා මධ්‍යස්ථානයක් හා තොරතුරු මධ්‍යස්ථානයක් ඉදිකිරීම, නව උමං මාර්ගයක් හඳුන්වා දී ඇල්ල පිවිසුම් දොරටුවක් ලෙස සංවර්ධනය කිරීම,සංචාරක ප්‍රදේශ ආශ්‍රීතව තාවකාලික කුටි ඉදිකිරීම,ඇල්ල වල්ලවාය මාර්ගය  සහ අනෙකුත් මාර්ග සංවර්ධනය කිරීම, වනාන්තර කඳවුරු භූමියේ සිට ජලය මත පදනම් වූ විනෝදාත්මක කඳවුරු භූමිය දක්වා සොබාදහමේ මාර්ගයක් ඉදිකිරීම, රාවණා ගුහා සහ පන්සල් පිවිසුම් මාර්ග වැඩිදියුණු කිරීම, සංරක්‍ෂිත පුරාවිද්‍යාත්මක ස්ථානවල මායිම් භෞතිකව වෙන් කිරීම, නායයෑම් සනාථ කරන ලද ප්‍රදේශ සඳහා සුදුසු දේශීය ශාක සමඟ හෙක්ටයාර 72 ක් නැවත වන වගා කිරීම, ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රීයාත්මක කිරීමට නියමිතය.

දේශීය සහ විදේශීය සංචාරකයින්ගේ නෙත් සිත් ඇද ගැනීමට සමත් වී ඇති ඇල්ල ප්‍රදේශය මෑතක සිට ඌව පළාතේ සංචාරක කලාපයක් ලෙස ප්‍රකට වී තිබේ. ඒ හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයන්  විශාල ලෙස ඇල්ල නගරය කරා ඇදී එයි.සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය හේතුකොට ගෙන ඇල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශය තුළ දැනට හෝටල් 500ක් පමණ ඉදිවී ඇත.

සුන්දර දසුන් සහිත කඳු, හෙල් දිය ඇලි ආශ්‍රතව නවාතැන් ගෙන සංචාරක ආකර්ශනීය ස්ථාන රැසක් නැරඹීමට අවස්ථාව සැලසීම හේතුවෙන්  ඇල්ල ප්‍රදේශයේ නවාතැන් සඳහා සංචාරකයන් වැඩි වශයෙන් ආකර්ශනය වෙයි.   ඇල්ල සංචාරක ආකර්ශනීය ස්ථාන අතරින් ආරුක්කු නවයේ පාලම (nine arch bridge)  විශේෂත්වයක් උසුලන බැවින් ඒ ආශ්‍රීත සංවර්ධන කටයුතු කඩිනමින් අවසන් කර ඉදිරියේදී මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා එය නැරඹීමට අවස්ථාව සළසා දෙන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළේය.

WhatsApp Image 2021 07 20 at 11.22.31

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Continue Reading

Sri Lanka Tourism Strengthens Travel Trade Partnerships Through 2026 B2B Networking Series in Australia and New Zealand

Sri Lankan delegates engage over 250 Australian and New Zealand travel agents across a landmark five-city roadshow

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය