කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වූ සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවල නියුක්තිකයින්ගේ ගැටළු විසදීමේ එකම මාර්ගය රට විවෘත කර සංචාරක ක්ෂේත්‍රය නැවත යථා තත්ත්වයට පත්කිරීම යැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

සාර්ථකව එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම හරහා ශ්‍රී ලංකාව කොවිඩ් වෛරසයෙන් ආරක්ෂිත රටක් ලෙස ප්‍රවර්ධනය කිරීම මගින් නැවත සංචාරක ආකර්ශනය දිනා ගැනිම මිස මේ සඳහා පැළැස්තර විසඳුම්වලින් ඵලක් නැතැයිද අමාත්‍යවරයා පසුගියදා (18) සිගිරියේ සංචාරක ව්‍යාපාරයේ නියුක්තිකයින් සමඟ පැවැති සාකච්ඡාවේදි පැවසීය.

කොවිඩ් වසංගත තත්ත්වය හේතු කරගනිමින් මෙරටට පැමිණීම අත්හිටුවා ඇති රටවල බලධාරීන් සමඟ සාකච්ඡා එම තහනම ඉවත් කර ගැනීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා එහිදී අවධාරණය ‍කළේය.සංචාරක ක්ෂේත්‍රය නැංවීම සම්බන්ධයෙන් නව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කරන බවද කී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මේ වන විටත් මෙරටට පැමිණෙන සංචාරකයින් පිළිගෙන ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම සඳහා අමාත්‍යංශය පියවර ගෙන ඇති බවයි.

ශ්‍රී ලංකාව කොවිඩ් වෛරසයෙන් සුරක්ෂිත රටක් බව විදෙස් රටවල ප්‍රවර්ධනය කිරීම සඳහා විදේශීය රටවල සිටින මෙරට තානාපතිවරුන්ගේ සහාය ලබා ගැනීමට ද සාකච්ඡා කර කර ඇත.අවුරුදු 30ට වැඩි අය පමණක් එන්නත්කිරීමේ ක්‍රමවේදයෙන් බැහැරවෙමින් ආයෝජන කලාපවල සේවක සේවිකාවන් සහ සංචාරක ක්ෂේතුයේ රැකියාවල නියුතු අවුරුදු 18 ට වැඩි සියලුම දෙනා එන්නත්කිරීමට විශේෂ අවස්ථාවක් ලබා දී ඇත.  ඒ අනුව එළැඹෙන පළවෙනිදා සිට දිනකට සංචාරකයින් 500ත් 1000ත් අතර ප්‍රමාණයක් මෙරටට පැමිණේ යැයි අපේක්ෂා කෙරේ.

කොවිඩ් වෛරස තත්ත්වය හේතුවෙන් වසා දැමූ රට නැවත විවෘත කිරීමෙන් පසුව සංචාරකයින් 18200ක් මෙරටට පැමිණ ඇති අතර ඉන් ඇමරිකන් ඩොලර් මිලියන 40කට ආසන්න ආදායමක් උපයා තිබේ.

FO4A1779

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Continue Reading

Sri Lanka Tourism Strengthens Travel Trade Partnerships Through 2026 B2B Networking Series in Australia and New Zealand

Sri Lankan delegates engage over 250 Australian and New Zealand travel agents across a landmark five-city roadshow

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය