පසුගිය දා ශ්‍රී ලංකාවට රැගෙන ආ ඇමරිකාවේ නිශ්පාදිත මෝඩර්නා  එන්නත  සීගිරිය ප්‍රදේශයේ සංචාරක ක්ෂේත්‍රයේ  නියුතු වුවන්ට ලබාදීමේ කටයුතු ආරම්භ කෙරේ.

සීගිරිය ප්‍රදේශයේ දෙදහසකට ආසන්න සංචාරක ක්ෂේත්‍රයේ නියැලී සිටින්නන්  සඳහා ඊයේ (18) දිනය තුළ එන්නත් කරන  වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එන්නත් කරන  වැඩපිලිවෙල නිරීක්ෂණය කිරීම සදහා  එක් විය.

කොරෝනා ආසාදනය සහ දරුණු රෝගී තත්ත්වය මෙන් ම මරණ ඇතිවීම වැළැක්වීම සඳහා නිර්මාණය වූ එන්නත් අතර මුලින්ම භාවිතයට පැමිණි එන්නතක් ලෙස මොඩර්නා  එන්නත හැඳින්විය හැකියි .

 මූලික පර්යේෂණ වලදී ඉදිරිපත් වුණු දත්තවලට අනුව 94% ක ඉහළ කාර්යක්ෂමතාවයකින් රෝග නිවාරණය කිරීමේ හැකියාවක් මෙම එන්නත මගින් පෙන්වා තිබේ.

 එමෙන් ම ඇතැම් නව කොවිඩ් වෛරස ප්‍රභේද සඳහා ද මෙය සාර්ථකව ක්‍රියා කරන බවට විදෙස් රටවල සිදු කල මූලික මට්ටමේ පර්යේෂණ වලින් අනාවරණය වෙමින් පවතියි.

 මෙය ඇමරිකා එක්සත් ජනපදයේ එන්නත් සමාගමක් වන Moderna Inc. මගින් ස්පාඤ්ඤයේ නිෂ්පාදනාගාරයක නිෂ්පාදනය වන එන්නතක් වන අතර  ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ක්‍රියාත්මක වන COVAX (කොවැක්ස්) පදනම යටතේ මෙම එන්නත් තොගය ලංකාවට ලැබිණි.

එන්නත් කරන  වැඩසටහන නිරීක්ෂණය කිරීම සඳහා   එක්වූ  

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා 

අද වෙනකොට ලංකාවේ හැම දිස්ත්‍රික්කයක්ම එන්නත්  කරණය කිරීම ආරම්භ කරලා තිබෙනවා.

ලංකාවට විදේශ විනිමය ගෙන එන සංචාරක ක්ෂේත්‍රයේ   තරුණ තරුණියන් විශාල ප්‍රමාණයකට සහ  රැකියා අවස්ථා උත්පාදනය කෙරෙන අනිකුත්  අංශයන් වෙනුවෙන් එන්නත්කරණය කිරීමේ වැඩසටහනේදී විශේෂ අවධානය යොමු කරලා තිබෙනවා.

මේ වෙනකොට කර්මාන්තපුර, කර්මාන්ත ජනපද, කාර්මික ජනපද සියල්ලම පාහේ ආවරණය කරමින් තිබෙනවා.මේ දඹුල්ල ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයේ නියැලී සිටින තරුණ තරුණියන් සහ වැඩිහිටියන් වෙනුවෙන් අද එන්නත්කරණය ආරම්භ කෙරුණා.

සංචාරක හෝටල් වල වැඩ කරන පිරිසට අමතරව සංචාරක ව්‍යාපාරයත් එක්ක සම්බන්ධ වූ අනිකුත් ආයතන ඇතුළු අනිකුත් සෆාරි  රියදුරන් ,සංචාරක මගපෙන්වන්නන්, භාණ්ඩ සපයන්නන් සහ සංගීතය සපයන්නන් ඇතුළු සියලු ක්ෂේත්‍රයන් ආවරණය වන ආකාරයට එන්නත් කරණය කිරීම සිදු කරනවා.

ලබන සතිය වෙනකොට නැගෙනහිර පළාතේ එන්නත්කරනය කිරීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා.- සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා

අපේ රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් අපි සංචාරකයින් එන එක තාවකාලිකව අත්හිටුවලා තිබුණා. දැන් නැවත අපි සංචාරකයින් ගෙන ඒම  ආරම්භ කරලා තිබෙනවා.සංචාරකයින්ට විශ්වාසයක් ගොඩ නැගෙන්න අවශ්‍යයි අපේ රට කොවිඩ් වසංගතය තුරන් කළ රටක් බවට.ඒ විශ්වාසය ඇති කරන්න නම් සංචාරක ක්ෂේත්‍රය ඇතුළු මුළු රටේම ජනතාවට එන්නත්කරණය සිදුකල යුතුයි.

ජනාධිපතිවරයා බලාපොරොත්තු වෙන්නේ මේ රටේ එන්නත් ලැබිය යුතු සියලු දෙනාගෙන් 60% ක්  තව මාස දෙකක් ඇතුළත එන්නත් කරනය කිරීමටයි.මේ වසර අවසාන වන විට වනවිට එන්නත් ලැබිය යුතු සියලු දෙනාට එන්නත් ලබාදීමට අපි වැඩසටහන් සැලසුම් කරලා තියෙනවා. අද  සිංගප්පූරුව රට විවෘත කරලා තිබෙන ආකාරයට රට සංචාරකයින් සඳහා විවෘත කිරීමට එවිට අපට හැකියාව ලැබෙනවා.සංචාරක  ව්‍යාපාරයේ ආදායම සියලුම කුඩා වෙළඳසැල් දක්වා බෙදී යන ආකාරයට  නැවත යථාතත්වයට  ගෙන ඒමට  අපි කටයුතු කරනවා.

PSX 20210718 111404

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Continue Reading

Sri Lanka Tourism Strengthens Travel Trade Partnerships Through 2026 B2B Networking Series in Australia and New Zealand

Sri Lankan delegates engage over 250 Australian and New Zealand travel agents across a landmark five-city roadshow

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය