ශ්‍රී ලංකාවට සංචාරකයින් ගෙන්වීම වේගවත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

දිවයිනට සංචාරකයන් ගෙන්වීම වේගවත් කිරීම සඳහා නව සැලැස්මක් ක්‍රියාත්මක කිරීම තුළින් අර්බුදයට ලක්ව ඇති සංචාරක ක්ෂේත්‍රය නැවත ගොඩනැංවීම කඩිනම් කරන බව   අද (09) පෙරවරුවේ ගුවන් සමාගම්  විසි පහක නියෝජිතයින් සමග පැවති සාකඡ්චාවකදී  සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කළේය.

මෙම වසර අවසාන වන විට  සැලකිය යුතු සංචාරකයින් ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ගැනීම රජයේ අරමුණු වන අතර එහිදී වඩාත්  සැළසුම් සහගත ලෙස සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන්ද වැඩි අවධානයක් යොමු කරනු ලැබේ.

කෙටිකාලීනව වැඩි සංචාරකයින් ප්‍රමාණයක් ගෙන්වාගැනීමට හැකිවන පරිදි  සංචාරකයින්ට සහන පැකේජයක් ලබාදිය හැක්කේ කෙසේද යන්න සම්බන්ධයෙන් මෙහිදී ගුවන් සමාගම් වල අවධානය යොමු කෙරිණි.

 මේ අතර දැනටමත් මත්තල ගුවන් තොටුපළේ ගොඩ බැස්සවීමේ සහ නවතා තැබීමේ ගාස්තු සම්බන්ධයෙන්  ගුවන් සමාගම්වලට සහන පැකේජයක් ක්‍රියාත්මක කෙරෙන අතර එය තවදුරටත් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට තමා බලාපොරොත්තු වන බවත් ඊට අමතරව ගුවන් සමාගම් සඳහා තවදුරටත් සහන ලබාදිය හැක්කේ කෙසේද යන්න සම්බන්ධයෙන් සොයා බලා කඩිනම් පියවර ගන්නා බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා  මෙහිදී අවධාරණය කරනු ලැබීය.

  ඉදිරි සති තුන ඇතුලත කටුනායක  බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් මගීන් සඳහාම වෙන්වූ පී. සී. ආර් පරීක්ෂණාගාරයක් පිහිටුවා පැය තුනක් ඇතුලත ගුවන් මගීන්ගේ  පී. සී. ආර් වාර්තා ලබා දීම සිදු කිරීමටද  තීරණය කර ඇත.

සංචාරක ක්ෂේත්‍රයේ නියැලී සිටින්නන්ට කොවිඩ්  එන්නත් කරණය කිරීම හෙට ආරම්භ කෙරන අතර  ලක්ෂ පහකට අධික සෘජුව සංචාරක ක්ෂේත්‍රයේ නියැලී සිටින්නන් වෙනුවෙන් කඩිනම් එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙයි.

සාර්ථක එන්නත්කරණය කිරීමකින් අනතුරුව රජය විසින් සහන පැකේජ ක්‍රියාත්මක කිරීමත් සමඟම මෙම වර්ෂය අවසාන වනවිට සංචාරකයින් ගෙන්වාගතහැකි රටවලින් ලංකාවට සැළකියයුතු  සංචාරකයින් ප්‍රමාණයක් ගෙන්වාගතහැකි වනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාසය පළකරයි.

දැනටමත් මේ සම්බන්ධයෙන් සංචාරකයින් ගෙන්වීමේ ආයතන සහ ගුවන් සමාගම් සමඟ විශේෂ සාකච්ඡාවක් වට කිහිපයක් පවත්වමින් සැලසුම් සකස් කරමින් පවතින   අතර මෙම වසර අවසාන වනවිට සංචාරක ක්ෂේත්‍රයේ නියැලී සිටින්නන් ගේ ජීවන මට්ටම හැකිතාක් දුරට යථා තත්ත්වයට  පත්කිරීමට රජය අපේක්ෂා කරයි.

 04  

සංචාරක පුවත්

Sri Lanka Convention Bureau’s Roadmap for a Knowledge-Driven MICE Sector

During the first half of 2026, the Sri Lanka Convention Bureau (SLCB), through its Research, Development & Training Division, successfully implemented a series of capacity-building initiatives aimed at strengthening Sri Lanka's Meetings, Incentiv

Continue Reading

Sri Lanka Tourism Showcases Progress Across Key Sectors – July 2026

Sri Lanka Tourism continues to strengthen its global presence through a series of impactful initiatives and achievements across wellness, marine, cultural, educational, and business tourism. The Sri Lanka Tourism Promotion Bureau (SLTPB) has recently

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය