දිවයිනපුරා පවතින සංචාරක පොලිසී නවීකරණයට පියවර ගන්නා බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ කොවිඩ් වසංගත තත්වයෙන් පසුව දිවයිනට පැමිණෙතැයි අපේක්ෂිත සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම පියවර ගන්නා බවයි.

මේ යටතේ සංචාරක පොලිස් ඒකක සඳහා අවශ්‍ය නිලධාරීන් ලබා ගැනීම, අවශ්‍ය වෙනත් යටිතල පහසුකම් ලබා දීමට සිදු කෙරෙන බවත් දැනටමත් ආරක්ෂක අමාත්‍යංශය සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බවත් ඇමතිවරයා සඳහන් කරයි.

ආරුගම්බේ සංචාරක පොලීසිය නිරීක්ෂණය කිරීමේ චාරිකාවකට පසුගියදා එක්වෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.ආරුගම්බේ පොලිස් ස්ථානය මීට පෙර පැවතියේ පොලිස් මුරපොලක් ලෙසයි. වත්මන් රජය යටතේ එය සංචාරක පොලිසීයක් ලෙස උසස් කෙරුණු අතර ඊට අවශ්‍ය පහසුකම්ද ලබාදීමට නියමිත බවද ඇමතිවරයා මෙහිදී කීවේය.

මේ වනවිට දිවයින පුරා සංචාරක පොලීසි 16ක් ස්ථාපිත කර තිබේ. මේ වසර තුල උණවටුන, කල්පිටිය, ගල්කිස්ස, ඒත්තුකාල හා ආරුගම්බේ සංචාරක පො‍ලිස් මුරපොල සංචාරක පොලිස් ස්ථාන බවට උසස් කිරීමට පියවර ගැණුනු බවද ඇමතිවරයා කියයි.මේ වනවිට සංචාරක පොලිස් ඒකක 37ක් අලුතින් පිහිටුවීමට යෝජනා වී ඇති අතර ඒ සඳහාද සංචාරක අමාත්‍යංශය හා ආරක්ෂක අමාත්‍යංශය අතර සාකච්ඡා ආරම්භ වී තිබේ. සංචාරක කලාප ආශ්‍රිතව පොලිස් ඒකක පිහිටුවීමට ප්‍රමුඛතාව දෙමින් ඒ සඳහා අවශ්‍ය පියවර ගනිමින් තිබෙන බවද ඇමතිවරයා කියයි.

සංචාරක පොලිසි ක්‍රියාත්මක කිරීම සඳහා වෙනම නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතට පවරා ඇති බවත් ඒ අනුව දෙස් විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පොලීස් ස්ථාන වල කටයුතු විධිමත් කිරීමට පියවර ගනිමින් තිබෙන බවත් ඇමතිවරයා වැඩිදුරටත් කීවේය.

ආරුගම්බේ සංචාරක පොලීසියේ නිරීක්ෂණ කටයුතු සඳහා සංචාරක අමාත්‍යංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතා ඇතුළු පිරිසක්ද එක්වූහ.

 FO4A3566

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Continue Reading

Sri Lanka Tourism Strengthens Travel Trade Partnerships Through 2026 B2B Networking Series in Australia and New Zealand

Sri Lankan delegates engage over 250 Australian and New Zealand travel agents across a landmark five-city roadshow

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය