මෙරට සංචාරක කර්මාන්තය ණයබරින් නිදහස් වූ කර්මාන්තයක් ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය  කඩිනම් ක්‍රියාමාර්ග ගැනිම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වෙයි.

ණය වලින් නිදහස් කර්මාන්තයක් බවට සංචාරක කර්මාන්තය පත්කිරීම කොවිඩ් වසංගතය හේතුවෙන් සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු වුවන් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් විසදුම් ලබාදීම සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීමේ විධිමත් සැලැස්මක් ක්‍රියාත්මක කිරීම යන කරුණු මත පදනම්ව මහ බැංකුව ඒ සදහා කටයුතු කරමින් සිටින බව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩි ලක්ෂ්මන් මහතා පවසයි. කොවිඩ් වසංගත තත්වය පාලනය වීමෙන් අනතුරුව වුවත් දීර්ඝ කාලීනව සංචාරක කර්මාන්තයේ නියැලී සිටින්නන් කුමන හේතුවක් මත හෝ නැවත කඩා වැටීමට ලක් නොවන ආකාරයෙන් සංචාරක කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා මෙම නව වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන බව ද මහ බැංකු අධිපතිවරයා මෙහිදී  අවධාරණය කළේය.

 සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ඉල්ලීම මත පෙරේදා (29) පස්වරුවේ මුදල් රාජ්‍ය අමාත්‍ය   අජිත් නිවාඩ් කබ්රාල් මහතා  සහ සංචාරක කර්මාන්ත පාර්ශවකරුවන්  අතර පැවති සාකච්ඡාවක දී මේ බව අවධාරණය කෙරිණ.

කෝවිඩ් වසංගතය හේතුවෙන් සංචාරක කර්මාන්තය මුහුණ දුන් දරුණු බිඳ වැටීම නිසා මේ වන  විට සංචාරක කර්මාන්තයේ නියැලී සිටින්නන් විශාල ප්‍රමාණයකගේ ජීවනෝපාය අහිමි ඇතැයි මෙහිදී සංචාරක කර්මාන්ත පාර්ශවකරුවන් අවධාරණය කළ අතර රජය විසින් ලබාදුන් සහන ද නිසියාකාරව  නොලැබුණු බවට ඔවුහු චෝදනා කළහ.

මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ මුදල් රාජ්‍ය අමාත්‍ය  අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කළේ කොවිඩ් සමයේ ලබාදුන් සහන තව දුරටත් දීර්ඝ කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බවයි.

සංචාරක කර්මාන්තය බිඳ වැටීමට අවස්ථාව නොදී එය රැකගැනීම සඳහා මේ  අවස්ථාවේදී ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගන්නා බවත් අපේක්ෂිත කාලයක් තුළ සංචාරක කර්මාන්තය නැවත පැවැති තත්ත්වයට ගෙන ඒම සදහා නව සැලසුම් සකස් කෙරෙන  බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය වරයා මෙහිදී  අවධාරණය කළේය.

රජය විසින් පසුගිය වසර එකහමාර කාලයක තුළ විවිධ සහන ලබාදුන් බවත් තවත් මාස 06 ක් සදහා සහන ලබාදෙන ලෙසට ඉදිරිපත්ව ඇති ඉල්ලීම් කෙරෙහි රජයේ අවධානය යොමු ව ඇතැයි පෙන්වා දුන් රාජ්‍ය ඇමතිවරයා කොවිඩ් තත්ත්වය තුළ ජීවිතය මෙන්ම ජීවනෝපාය ද රැකගත යුතු ව ඇතැයි කීවේය. ණය මත ණය පටවා මේ තත්ත්වයට විසදුම් සොයා ගත නොහැකි බව ද රාජ්‍ය ඇමතිවරයා පෙන්වා දුන්නේය. කොවිඩ් වසංගතය මර්දනය සදහා රුපියල් බිලියන 165 ක් රජය වැය කර ඇති බවත් සෞභාග්‍යා ණය ලබාදීම සදහා රුපියල් බිලියන 168 ක් වැය කර ඇති බවත් පෙන්වා දුන් මුදල් රාජ්‍ය ඇමතිවරයා ණය සහන පැකේජ සදහා රුපියල් බිලියන 4000 ක මුදලක් වැය කර ඇතැයි ද කීවේය.

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී අදහස් දක්වමින් පෙන්වා දුන්නේ සංචාරක කර්මාන්තය රැක ගැනීමට නම් එම ක්ෂේත්‍ර යේ නියුතු වූවන් රැක ගත යුතු බවයි. ඒ සදහා රජය විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළ ද එහි ප්‍රතිලාභ ක්ෂේත්‍ර යේ නියුතු වූවන් ලෙස ලබාදීමේ විවිධ ගැටළු මතු ව ඇති බවත්, එම ගැටළු වලට විසදුම් ලබාදීම මෙම සාකච්ඡාවේ අරමුණ ළුූ බවත් ඔහු පෙන්වා දුන්නේය. කොවිඩ් වසංගතය මෙරටට පැමිණීමට පෙර තිබු තත්ත්වයටත් වඩා සංචාරක කර්මාන්තය දියුණු කිරීම රජයේ අපේක්ෂාව බව පෙන්වා දුන් ඇමතිවරයා ඒ වෙනුවෙන් රජය හැකි සෑම පියවරක්ම ගනිමින් සිටින බව ද කීවේය. කොවිඩ් එන්නත්කරණ වැඩසටහන සාර්ථක වීමත් සමග මෙරට සංචාරක කර්මාන්තය බාධාවකින් තොරව යළි ආරම්භ කිරීමට හැකි වනු ඇති බව පැවසු ඇමතිවරයා ඉතා ඉක්මණින් සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම රජයේ අපේක්ෂාව බවත්, කුමන තත්ත්වයක් යටතේ වුව ද රජය ඒ සදහා කටයුතු කරන්නේ සෞඛ්‍ය මාර්ගොපදේශ ද සැලකිල්ලට ගනිමින් බවත් කීවේය.

දැනට  ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන කෝවිඩ්  වසංගත තත්ත්වය මර්දනය කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරන වැඩසටහන් අනුව  ඉතා ඉක්මනින් සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවස්ථාව හිමිවනු ඇතැයි ද බලාපොරොත්තුවේ .

ඒ අනුව ජාත්‍යන්තර වශයෙන් සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා  වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට ද අපේක්ෂා කෙරෙන බව මෙහිදී වැඩිදුරටත් අනාවරණය විය.

මෙම අවස්ථාවට සංචාරක අමාත්‍යාංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි, මුදල් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත රත්නායක, සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් ධම්මිකා විජේසිංහ, සංචාරක ක්ෂේත්‍ර යේ විවිධ සංවිධාන නියෝජිතයන් එක්ව සිටියහ.

 FO4A2732  

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Continue Reading

Sri Lanka Tourism Strengthens Travel Trade Partnerships Through 2026 B2B Networking Series in Australia and New Zealand

Sri Lankan delegates engage over 250 Australian and New Zealand travel agents across a landmark five-city roadshow

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය