යක්කල වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ බාහිර හා අභ්‍යන්තර ඇමතුම් පද්ධතියක් ස්ථාපනය කෙරේ. මේ සදහා වැය කෙරුණු මුදල රුපියල් ලක්ෂ 15 කි. ගම්පහ රන්ලිය අරුණ කාන්තා සංවිධානයේ සභාපතිණි අර්චනා රණතුංග මෙනවියගේ මැදිහත්වීමෙන් මේ සදහා අවශ්‍ය ප්‍රතිපාදන දානපතීන් හරහා ලබා දී තිබේ. එම අභ්‍යන්තර හා බාහිර ඇමතුම් පද්ධතිය සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (15) පරීක්ෂා කර බැලුවේය.

මෙම කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ බාහිර හා අභ්‍යන්තර ඇමතුම් පද්ධතියක් නොමැති වීම හේතුවෙන් රෝගීන් ඇතුළත් කිරීම දිගින් දිගටම ප්‍රමාදවෙමින් තිබිණි. මේ සම්බන්ධයෙන් ගම්පහ රන්ලිය තරුණ සංවිධානයට දැනුම් දීමෙන් පසු එහි සභාපතිණිය අර්චනා රණතුංග මෙනවිය ඊට අවශ්‍ය ප්‍රතිපාදන සොයා දීමට මැදිහත් විය.

ඇමතුම් පද්ධතිය ස්ථාපනය කිරීම නිසා වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට රෝගීන් ඇතුළත් කිරීමට හැකි බව එම අවස්ථාවට සහභාගී වු වෛද්‍යවරු පෙන්වා දුන්හ. ඇමතිවරයා මෙහිදී උපදෙස් දුන්නේ කඩිනමින් එම රෝගීන් ඇතුළත් කර ගැනීමේ කටයුතු ආරම්භ කරන ලෙසයි.

ඇදන් 2500 කින් සමන්විත යක්කල වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ පළමු අදියර යටතේ ඇදන් 750 කින් සමන්විත කොවිඩ් ප්‍රතිකාර වාට්ටුවක් මේ වන විට ඉදිකර අවසන්ව ඇති අතර දිස්ත්‍රික්කයේ කොවිඩ් රෝගීන්ට මෙහි ප්‍රතිකාර කිරීම සදහා එය වෙන් කිරීමට නියමිතය.

 1 1

 

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Continue Reading

Sri Lanka Tourism Strengthens Travel Trade Partnerships Through 2026 B2B Networking Series in Australia and New Zealand

Sri Lankan delegates engage over 250 Australian and New Zealand travel agents across a landmark five-city roadshow

Continue Reading
Exit
දිස්ත්‍රික්කය