ගම්පහ වැරැල්ලවත්තේ ඉදි කෙරුණු අතරමැදි කොවිඩ්  ප්‍රතිකාර මධ්‍යස්ථානය ඊයේ (07)  සිට කොවිඩ් රෝගීන් සඳහා ප්‍රතිකාර කටයුතු අරඹයි .ගම්පහ රෝහලට අනුබද්ධිතව ක්‍රියාත්මක කෙරෙන ප්‍රතිකාර මධ්‍යස්ථානය සඳහා අවශ්‍ය  වෛද්‍යවරු ඇතුළුව හෙද කාර්ය මණ්ඩලය ද ඊට අනුයුක්ත කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.වසා දමා තිබූ වැරැල්ලවත්ත පොලිටෙක්ස් ගාමන්ට් කර්මාන්තශාලාව කොවිඩ්  අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස ප්‍රතිසංස්කරණය කෙරුණේ  සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ මහතා ගේ උපදෙස් මතයි. 

ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් සඳහා මේ වන විට වන විට රුපියල් මිලියන 25ක වැයකර ඇත. මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානයට  අවශ්‍ය කරන සම්පූර්ණ සෞඛ්‍ය කාර්යය මණ්ඩලය අනුයුක්ත කර දීමට සහ ගම්පහ දිස්ත්‍රික්කයේ  රෝහල්වල සෞඛ්‍ය කාර්යය කාර්යමණ්ඩල හිඟය ඇතුළු පහසුකම් පියවීමට හැකි ඉක්මනින් පියවර ගන්නා බව මෙහිදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට පැවසීය . 

ආසාදිතයින් දෙදහස් පන්සියයකට එකවර ප්‍රතිකාර කිරීමේ පහසුකම් සහිතව මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය ඉදි කෙරෙන අතර එහි පළමු අදියර ලෙස ආසාදිතයින්  750ක්  අද සිට මෙම මධ්‍යස්ථානය සඳහා යොමු කෙරෙයි.මෙම මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු භාරව සිටින ශ්‍රී ලංකා නාවික හමුදාව මේ වන විට දෙවන අදියරේ ඉදිකිරීම් ද අරඹා තිබේ.ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ වෛරස ආසාදිතයින් සඳහා වැරැල්ලවත්ත, සීදුව හා කටුනායකදී ප්‍රතිකාර මධ්‍යස්ථාන තුනක් ක්‍රියාත්මක කෙරේ. ප්‍රතිකාර කටයුතු අරඹන වැරැල්ලවත්ත කොවිඩ්  ප්‍රතිකාර මධ්‍යස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා පැමිණි  සෞඛ්‍යය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මෙසේ පැවසුවාය.

"කොවිඩ් වෛරසය ආසාදනය වන අයගෙන් 20%ක් පමණ ප්‍රමාණයක්  රෝහල්ගත කර ප්‍රතිකාර කරන්න වෙනවා. නමුත් අපි තවමත් වෛරය ආසාදනය වන සියලු දෙනාවම ප්‍රතිකාර සදහා යොමු කරනවා. රෝගීන් වැඩිවන විට මෙවැනි ප්‍රතිකාර මධ්‍යස්ථාන අවශ්‍ය වෙනවා. රෝග ලක්ශන නොපෙන්වන ආසාදිතයින් වෙනුවෙන් තමයි මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය හැදෙන්නේ. "

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා

"මේ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වැඩ සම්පූර්ණයෙන් අවසන් කළා ම ආසාදිතයින් දෙදහස් පන්සියයකට ප්‍රතිකාර කිරීමේ පහසුකම් තිබෙනවා. එතකොට තවත් සෞඛ්‍ය කාර්යය මණ්ඩලය මෙතනට අවශ්‍ය වෙනවා. දැනට ගම්පහ රෝහලට අනුබද්ධවයි මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය මධ්‍යස්ථානයේ ක්‍රියාත්මක වෙන්නේ. මෙම මධ්‍යස්ථානය සකස් කිරීම සඳහා බස්නාහිර පළාත් සභාව රුපියල් මිලියන 25ක මුදලක් ලබා දුන්නා. පෞද්ගලික අංශයේ දායකත්වය ලැබුණා. ගම්පහ දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය සහාය දුන්නා. නාවික හමුදාව ස්වෙච්ඡාවෙන්  ඉදිකිරීම් කලා. ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ආසාදිතයින් සඳහා කටුනායක  පිහිටවූ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ හයසියකට පහසුකම් තිබෙනවා. යුද හමුදාව මගින් සිදුවේ ඉදිකළ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ තවත් 1000 කට  පහසුකම් තිබෙනවා. මිනුවන්ගොඩ මීරිගම හා වතුපිටිවල රෝහල්වලට ඇඳන් 50කින් යුක්ත ප්‍රතිකාර මධ්‍යස්ථාන ඉදි කළා. බියගම හා දොම්පේ ප්‍රදේශ වලත්  මෙවැනිම අතටම ඇති ප්‍රතිකාර මධ්‍යස්ථාන ඉදි කිරීමට නියමිතව තිබෙනවා. 

එන්නත් කරන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද මෙහිදී මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් අදහස් විමසූ අතර ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ මේ වන විට  දෙලක්ෂ හැටහතර දහසකට  එන්නත ලබාදීම සඳහා පියවර ගෙන ඇති බවයි.  ඔවුන්ට එන්නතෙ දෙවැනි මාත්‍රාව ලබාදීමද හෙට සිට ආරම්භ කරන බව සඳහන් කළ අමාත්‍යවරයා ඒ සඳහා නිසි ක්‍රමවේදයක්   සෞඛ්‍ය අංශ,ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ පළාත් පාලන ආයතන එක්ව  ක්‍රියාත්මක කරන බවද වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය නිරීක්ෂණය කිරීම සදහා බස්නාහිර පළාත් ආණ්ඩුකාර  රොශාන් ගුණතිලක මහතාද එක් වූහ.

FO4A5698

 

සංචාරක පුවත්

Sri Lanka Convention Bureau’s Roadmap for a Knowledge-Driven MICE Sector

During the first half of 2026, the Sri Lanka Convention Bureau (SLCB), through its Research, Development & Training Division, successfully implemented a series of capacity-building initiatives aimed at strengthening Sri Lanka's Meetings, Incentiv

Continue Reading

Sri Lanka Tourism Showcases Progress Across Key Sectors – July 2026

Sri Lanka Tourism continues to strengthen its global presence through a series of impactful initiatives and achievements across wellness, marine, cultural, educational, and business tourism. The Sri Lanka Tourism Promotion Bureau (SLTPB) has recently

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය