දිවයින පුරා සංචාරණ සීමා පවතින කාලය තුළ අත්‍යවශ්‍ය සේවා බෙදාහැරීමේ යාන්ත්‍රණයක් සැකසේ. එය සම්බන්ධිකරණය සදහා රජය විසින් අමාත්‍ය කමිටුවක් ද පත් කර තිබේ. ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන, ජෝන්ස්ටන් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන් සහ අග්‍රමාත්‍ය ලේකම් ඇතුළු නිළධාරීන්ගෙන් මෙම කමිටුව සමන්විතයි.

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සදහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් මෙම කමිටුව පත් කර තිබේ. සංචරණ සීමා පණාවා ඇති කාල සීමා වල දී අත්‍යවශ්‍යය ආහාර ද්‍රව්‍ය, එළවලු, පළතුරු වැනි නිෂ්පාදන, ධිවර නිෂ්පාදන ග්‍රාමීය මට්ටමින් බෙදාහැරීම සම්බන්ධිකරණය මෙම කමිටුවට පැවරේ.

සංචාරක ඇමති ප්‍රසන්න රනතුංග මහතා සදහන් කළේ දැනටමත් සියලුම  දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ අධික්ෂණය යටතේ ප්‍රා දේශීය ලේකම්වරු හරහා සංචාරණ සීමා පවතින කාලය තුළ සෞඛ්‍ය උපදෙස් අනුව අත්‍යවශ්‍යය ආහාර සහ අනෙකුත් භාණ්ඩ බෙදාහැරීම සදහා  වැඩපිළිවෙලක් සකස් කර ඇති බවයි. ඒ අනුව හදුනාගත් අත්‍යවශ්‍යය සේවා සපයන්නන් සදහා අවසර ලබා දී ඇතැයි ද ඔහු සදහන් කරයි. නුවරඑළිය කැප්පෙටිපොළ හා තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට ගෙන එන එළවලු මිලදී ගැනීම හා බෙදාහැරිම සදහා යාන්ත්‍රණයක් සකස් කිරීමට ද කටයුතු යොදා ඇත. එහි වගකීම විෂයභාර අමාත්‍යවරුන්ට පවරා ඇතැයි ද ඇමතිවරයා සදහන් කරයි.

 ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් මේ වන විට මෙලෙස අත්‍යවශ්‍යය භාණ්ඩ හා සේවා සැපයීම සදහ බලපත්‍ර 4,870 ක් නිකුත් කර තිබේ. ඖෂධ, බේකරි නිෂ්පාදන, එළවලු, පළතුරු, මස්, මාළු නිෂ්පාදන, සිල්ලර භාණ්ඩ සැපයීම වෙනුවෙන් මෙම බලපත්‍ර ලබා දී ඇතැයි ද ඇමතිවරයා සදහන් කරයි. අදාළ බලපත්‍රලාභින් අත්‍යවශ්‍යය භාණ්ඩ හා සේවා බෙදාහැරීමේ දී සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම අත්‍යවශ්‍යය වෙයි. ඒ පිළිබද ව දැඩි පරීක්ෂාවකින් කටයුතු කරන ලෙස අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇතැයි ද ඇමතිවරයා සදහන් කරයි.

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases Progress Across Key Sectors – July 2026

Sri Lanka Tourism continues to strengthen its global presence through a series of impactful initiatives and achievements across wellness, marine, cultural, educational, and business tourism. The Sri Lanka Tourism Promotion Bureau (SLTPB) has recently

Continue Reading

Sri Lanka Recognized Among World’s Best Travel Destinations for 2026

Sri Lanka has continually proven its potential as a top travel destination, maintaining a strong global image despite challenges such as the Easter attacks, the COVID-19 pandemic, the economic crisis, and the recent Ditwah disaster. Demonstrating res

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය