දිවයින පුරා විසිරී සිටින මල් වගාකරුවන් සදහා මූල්‍ය හා අලෙවිකරණ පහසුකම් වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙළක් සැකසෙයි. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ සිය උපදෙස් පරිදි ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව එය ක්‍රියාත්මක කරන බවයි.

මේ යටතේ මල් වගාවේ යෙදී සිටින ගොවීන් සංවිධාන ගත කිරීම , සංවිධාන ගත වූ මල් වගාකරුවන්ට අවශ්‍ය තාක්ෂණික දැනුම , උසස් තත්ත්වයේ රෝපන ද්‍රව්‍ය, වගා කටයුතු සදහා අවශ්‍ය උසස් තත්ත්වයේ ආනයනය කළ මල් පැළ හා යටිතල පහසුකම් සැපයීම, හා මල් වගා කරුවන් සදහා වෙළදපළ සම්බන්ධතා ඇතිකර දීමට අපේක්ෂා කෙරේ. මීට අමතරව මල් වගාව පිළිබදව දැනුම හා කුසලතා වැඩිදියුණු කරමින් වගා කරුවන් සවි බල ගැන්වීම සදහා පුහුණු වැඩසටහන්ද ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතයි.

මේ සම්බන්ධයෙන් මල් වගා කරුවන් සමග මේ වන විට කථිකාවක් ආරම්භ වී ඇති බවත් ඔවුන්ගේ අවශ්‍යතා හදුනා ගනිමින් ඒ අනුව වැඩ සටහන් ඉදිරියට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව පැවසූ ඇමතිවරයා සියළුම උද්භිද උද්‍යාන වල මල් හා පැළෑටි අලෙවිසැල් ස්ථාපිත කිරීමටත් ඒවා වැඩි දියුණු කිරීමටත් සැලසුම් කර ඇති බවත් සදහන් කරයි.

මේ අතර මේ වසරේ උද්භිද උද්‍යාන වල දෙස් විදෙස් සංචාරකයන්ට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය සදහා රජය රුපියල් මිලියන 575.48 ක මුදලක් වෙන් කර ඇතැයි ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි. ඒ අනුව උද්භිද උද්‍යාන වල ප්‍රවේශ ස්ථාන සංවර්ධනය, නරඹන්නන් සදහා පානීය ජල පහසුකම්, නව භෝජනාගාර, නරඹන්නන්ට උද්‍යාන නැරඹීමේ පහසුව සදහා බැටරි කාර් යෙදවීම, මෙන්ම මහ ජනතාව තුළ ශාක දැනුම වර්ධනය සදහා වන වැඩ සටහන් සදහාද මෙම ප්‍රතිපාදන වෙන් කර තිබේ.

මේ වසරේ මුල් කාර්තුව තුළ පේරාදෙනිය, හග්ගල, ගම්පහ, මිරිජ්ජවිල, අවිස්සාවේල්ල හා ගනේවත්ත උද්භිද උද්‍යාන සදහා දේශීය සංචාරකයන් 185,864 දෙනෙකු පැමිණ තිබේ. විදේශීය සංචාරකයන් 1,104 දෙනෙකු පැමිණ ඇතැයිද ඇමතිවරයා සදහන් කරයි.

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Continue Reading

Sri Lanka Tourism Strengthens Travel Trade Partnerships Through 2026 B2B Networking Series in Australia and New Zealand

Sri Lankan delegates engage over 250 Australian and New Zealand travel agents across a landmark five-city roadshow

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය