ගුවන්තොටුපොළ  වැසීම හෝ සංචාරකයින් ගෙන්වීම සීමා කිරීම සම්බන්ධයෙන් ඉදිරි තීරණ ගනු ලබන්නේ සෞඛ්‍යය නිර්දේශ අනුව යැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ අද (28) ගම්පහ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 කොවිඩ් වෛරසයේ ප්‍රභේද වෙනස් කරමින් නැවත නැවත මතුවීමේ තත්ත්වයට මුහුණ දීමට සෞඛ්‍ය අංශ ඇතුළු  රාජ්‍ය යාන්ත්‍රණය සූදානම් කර  ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව  සංචාරකයින් ගෙන්වීම සීමා කිරීම හෝ ගුවන්තොටුපොළ වැසීමට අදාළව තීරණ ගනු ලබන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

කොවිඩ් වෛරසයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින ඉන්දියාවෙන් සංචාරකයන් මෙරටට පැමිණීම සම්බන්ධයෙන් ද මෙහිදී මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් විමසීය.

"ඉන්දිය සංචාරකයින් මෙරටට පැමිණෙන්නේ සංචාරක බුබුල ක්‍රමය (travel bubble) හරහායි. මෙතන කිසිම ජාවාරමක් සිදු වෙන්නේ නැහැ.මේ වන විටත් ඉන්දියාවෙන් එන සංචාරකයින්ට විවිධ සීමා කිරීම් පනවලයි තිබෙන්නේ. ඉන්දියාවේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින්  මෙරටට පැමිණෙන ඉන්දීය සංචාරකයන් වෙනමම හෝටල් කාමරවල නිරෝධායනයට ලක් කරනවා.  ඒ වගේම ඉන්දියාව සමග සාකච්ඡා කර මේ අවස්ථාවේ ඉන්දීය සංචාරකයන්ගේ පැමිණීම සීමා කිරීමටත් පියවර ගත්තා.

එක්වරම සංචාරකයින් පැමිණීම සීමා කර ගුවන් තොටුපළ වසා දමන්න අපට බැහැ.සංචාරකයින්ට වඩා අපේ විදෙස්ගත ශ්‍රමිකයන් තමයි වැඩිපුරම ගුවන්තොටුපොළ හරහා මෙරටට පැමිනෙමින් සිටින්නේ. විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට කිසිදු අවසරයකින් තොරව මෙරටට පැමිණීම සඳහා අවස්ථාව ලබා දීලා තිබෙනවා. ජනාධිපතිතුමා උපදෙස් දීලා තිබෙන්නේ අපේ විදෙස්ගත ශ්‍රමිකයින්ට කිසිදු බාධාවකින් තොරව මෙරටට පැමිණීමේ අවස්ථාව ලබා දෙන්න කියලයි. යම් හෙයකින් නිරෝධායන මධ්‍යස්ථානවල     ඉඩකඩ මදි වීමක් සිදු වුණොත් තමයි විදෙස්ගත්   ශ්‍රමිකයින්ගේ පැමිණීම සීමා කරන්න වෙන්නේ.

කෙසේ වෙතත් මේ වනවිට  ගුවන්තොටුපොළට සාමාන්‍ය ජනතාවට ඇතුල් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ගුවන්තොටුපලට ඇතුල් වෙන්න පුළුවන් මගීන්ට විතරයි. "  යි ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Continue Reading

Sri Lanka Tourism Strengthens Travel Trade Partnerships Through 2026 B2B Networking Series in Australia and New Zealand

Sri Lankan delegates engage over 250 Australian and New Zealand travel agents across a landmark five-city roadshow

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය