ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර යෝජිත සංචාරක ගුවන් බුබුළ අත් හිටුවා නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ දෙරට අතර සංචාරක ව්‍යාපාරය නංවාලීමේ අරමුණින් එය ක්‍රියාත්මක කරන බවයි.

ඉන්දියාවේ උත්තර ප්‍ර දේශයේ කුෂිනගර් ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ සමාරම්භක ගුවන් ගමනක් මේ මස 26 වන දිනට යෙදී තිබිණි. ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස නවීකරණය කරන ලද ඉන්දියාවේ කුෂිනගර් ගුවන් තොටුපළට පළමු ජාත්‍යන්තර ගුවන් යානයක් ගොඩබැස්සවීම සදහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකාවට කරන ආරාධනයකට අනුව මෙම ගුවන් ගමන සංවිධානය කර තිබුණි.  ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර පවතින සුහද ආගමික සබදතා වැඩි දියුණු කර ශ්‍රී ලංකා බැතිමතුන්ට බෞද්ධ සිද්ධස්ථාන වැද පුදා ගැනීමට හැකිවන පරිසරයක් නැවත නිර්මාණය කිරීම එම ගමනේ තවත් අරමුණක් විය. ඉන්දියාවේ පවතින කොවිඩ් තත්ත්වය සලකමින් මෙම කුෂිනගර් ගමන තාවකාලිකව කල් දැමිමට තීරණය කළ බව ඇමතිවරයා සදහන් කරයි.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සංචාරක ගුවන් බුබුළ ක්‍රියාත්මක කිරීමට තීරණය කළේ දෙරට අතර සංචාරක ව්‍යාපාරය නංවාලීම සදහායි. සංචාරක ගුවන් බුබුළ යටතේ දෙරට අතර නැවත ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීම එහි අපේක්ෂාවයි. ඒ අනුව සංචාරක ගුවන් බුබුළේ කටයුතු ක්‍රියාත්මක කෙරෙන බව ඇමතිවරයා වැඩි දුරටත් සදහන් කරයි.

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Continue Reading

Sri Lanka Tourism Strengthens Travel Trade Partnerships Through 2026 B2B Networking Series in Australia and New Zealand

Sri Lankan delegates engage over 250 Australian and New Zealand travel agents across a landmark five-city roadshow

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය