ශ්‍රී ලංකාව කලාපීය ගුවන් කේන්ද්‍රස්ථානයක් ලෙස දියුණු කිරීමට රජය කටයුතු කරමින් සිටින බව සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරනය කරන්නේ කොවිඩ් වසංගතය සමග බිද වැටුනු ගුවන් සේවාව පැවති තත්වයටත් වඩා දියුණු කිරීම රජයේ අපේක්ෂාව බවයි.

ගුවන්සේවා සහ අපනය සැකසුම් කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ  අලුත් අවුරුද්ද වෙනුවෙන් රාජකාරී ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කලේය.

ඔහු අවධාරනය කලේ කොවිඩ් වසංගතය හේතුවෙන් බිද වැටුනු ගුවන් කර්මාන්තය යථාතත්වයට පත් වීම සදහා වසර කිහිපයක් ගත විය හැකි බවයි. සංචාරක ක්ෂේත්‍රය මෙන්ම ගුවන්කර්මාන්තයද කොවිඩ් වසංගතයෙන් බරපතල හානියට පත් කර්මාන්ත වේ. වත්මන් ආණ්ඩුව මෙම ක්ෂේත්‍රය දියුණු කිරීම සදහා දැනටමත් වැඩසටහන් ගණනාවක් ආරම්භ කර තිබේ ඒ අනුව කටුනායක, මත්තල, රත්මලාන, යාපනය සහ මඩකලපුව ගුවන්තොටුප සංවර්ධනය කිරීම සදහා රජය සිය පූර්ණ අවධානය යොමු කර ඇතැයිද ඇමතිවරයා මෙහිදි සදහන් කලේය.

මෙහිදි අදහස් දැක්වූ ගුවන්තොටුපල හා අපනයන සැකසුම් කළාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා සදහන් කලේ කොවිඩ් වසංගතය පැවතියද ගුවන්තොටුපල සංවර්ධන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක වූ බවයි නව ලොවට ගැලපෙන පරිදි මෙරට ගුවන්තොටුපල දියුණු කිරීම රජයේ අපේක්ෂාවයි ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදනද වෙන් කර ඇතැයිද රාජ්‍ය ඇමතිවරයා මෙහිදි සදහන් කලේය.

මෙම අවස්ථාව සදහා සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි, රාජ්‍ය අමාත්‍යාංශය ලේකම් මාධව දේවසුරෙන්ද්‍ර, රාජ්‍ය අමාත්‍යාංශ අතිරේක ලේකම් සුනිල් ගුණවර්ධන යන මහත්ම මහත්මීහුද එක්ව සිටියහ.   

 

02

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Continue Reading

Sri Lanka Tourism Strengthens Travel Trade Partnerships Through 2026 B2B Networking Series in Australia and New Zealand

Sri Lankan delegates engage over 250 Australian and New Zealand travel agents across a landmark five-city roadshow

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය