සංචාරක කර්මාන්තය නංවාලීම සඳහා මධ්‍යම ආණ්ඩුව පලාත් සභා සහ පලාත් පාලන ආයතන ඒකාබද්ධ ක්‍රියාකාරී සැලැස්මක් කඩිනමින් ක්‍රියාවට නැංවේ. ඒ සඳහා දිස්ත්‍රික් මට්ටමින් සංචාරක ක්ෂේත්‍රයට අඳාලව හඳුනාගත් ව්‍යාපෘති රැසක් හඳුනාගෙන ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක වලට සංචාරක අමාත්‍යංශයේ සහ සංචාරක සංවර්ධන අධිකාරියේ නිලධාරියෙකු බැගින් නිලධාරීන් දෙදෙනෙකු මේ වනවිට නම් කර තිබේ. එම නිලධාරීන් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව හරහා හඳුනාගත් යෝජනා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව මඟින් අමාත්‍යංශයට යොමු කිරීමෙන් පසු අමාත්‍යංශය හා සංචාරක සංවර්ධන අධිකාරිය එක්ව ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට සැලසුම් කර ඇතැයි ද ඇමතිවරයා පෙන්වා දෙයි.
2021 සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසුව සංචාරක අමාත්‍යංශයේ රාජකාරී ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය. කොළඹ ඇසෙට් ආකේඩ් ගොඩනැගිල්ලේ පිහිටි සංචාරක අමාත්‍යංශයේදී මෙම උත්සවය පැවැත්විණි.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ පසුගිය කාලයේ ලොව වැඩිම අභියෝගයට මුහුණ දුන්නේ සංචාරක කර්මාන්තය බවයි. කොවිඩ් වසංගතයත් සමග එම කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩාවැටිණි. මේ වනවිට නැවත සංචාරක ව්‍යාපාරය ආරම්භ වෙමින් තිබේ. කොවිඩ් වසංගතය පැවැතිය ද සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කෙරුණු රටවල් අතලොස්සෙන් එකක් බවට ශ්‍රී ලංකාව පත්වූයේ ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව ගෙනගිය වැඩපිලිවෙල නිසා බවද ඇමතිවරයා කීවේය.
රජයේ ඉලක්කය වී ඇත්තේ කොවිඩ් වසංගතයට පෙර තිබූ තත්වයටත් වඩා ඉහළ මට්ටමකට මෙරට සංචාරක ව්‍යාපාරය ගෙන ඒමයි. ඒ සඳහා සංචාරක අමාත්‍යංශයත්, සංචාරක සංවර්ධන අධිකාරියත් එක්ව කටයුතු කල යුතුයි. සංචාරක ක්ෂේත්‍රයට අදාල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මධ්‍යම රජයත්, පලාත් සභාවත් පලාත් පාලන ආයතනත් ඒකාබද්ධව කටයුතු කල යුතුය. රට තුල ක්‍රියාත්මක කල යුත්තේ එක් සංචාරක සංවර්ධන සැලැස්මකි. ඒකාබද්ධ ක්‍රියාකාරී සැලැස්මක් සකස් කරන්නේ එම අරමුණ පෙරදැරිව බවද ඇමතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
සංචාරක ක්ෂේත්‍රය 99%ක්ම යැපෙන්නේ පෞද්ගලික අංශයෙනි. රජය කල යුත්තේ ඔවුන්ට අවශ්‍ය සහයෝගය හා පසුබිම සැකසීමයි. නීතිරීති මඟින් සංචාරක ක්ෂේත්‍රය ඉදිරියට ගෙන යාමට බාධා ඇති කිරීම රජයේ ප්‍රතිපත්තිය ‍නොවන බව පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම ජාතික ප්‍රතිපත්ති රාමුවට අනුව මෙරට සංචාරක කර්මාන්තය පරිසර හිතකාමී දේශීය සංස්කෘතික හිතකර සහ පුළුල් වශයෙන් මහජන සහභාගීත්වයෙන් යුතු කර්මාන්තයක් ලෙස නවීකරණය කරන බවද කීවේය.
සංචාරක අමාත්‍යංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි, අතිරේක ලේකම් දීපා සන්නසූරිය, ගුවන් සේවා හා අපනයන සංවර්ධන රාජ්‍ය අමාතංශයේ ලේකම් මාධව දේව සුරේන්ද්‍ර යන මහත් මහත්මීහුද මෙහිදී අදහස් ප්‍රකාශ කරන ලදි.

 WhatsApp Image 2021 04 19 at 11.52.48 AM  WhatsApp Image 2021 04 19 at 11.52.49 AM

සංචාරක පුවත්

Shaping Tomorrow's Tourism Pioneers- SLCB Drives MICE Excellence at Rajarata University

The Sri Lanka Convention Bureau (SLCB), in collaboration with the Department of Tourism and Hospitality of Rajarata University of Sri Lanka, successfully conducted a specialized MICE Training Programme on 19 August 2026 at Rajarata University.

Continue Reading

Bridging Academia and Industry -SLCB hosts MICE Tourism Workshop at Sabaragamuwa University

On 11 August 2026, the Sri Lanka Convention Bureau (SLCB), in collaboration with the Department of Tourism Management of the Sabaragamuwa University, successfully conducted a specialized MICE Training Programme at Sabaragamuwa University of Sri Lanka

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය