A159335793 5834192083272926 7372587714834697407 n 
 159383368 5834189433273191 2142644144901661865 n  159048169 5834190063273128 158118101792351837 n

 

ගම්පහ උද්භිද උද්‍යානයේ ඇති පඩු කරද හෙවත් Crudia Zeylanica ගස හා සංරක්ෂිත පැළ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග හා රොෂාන් රණසිංහ මහත්වරුන්ගේ නිරීක්ෂණයට ලක්වෙති. ඊයේ (13) ගම්පහ උද්භිද උද්‍යානයට පැමිණි මෙම අමාත්‍යවරුන් ගම්පහ උද්භිද උද්‍යානයේ ඇති විශාල පඩු කරද ගස හා සංරක්ෂිත පැළ 06 නිරීක්ෂණය කළහ.

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකෙරෙන ගම්පහ දාරළුව ප්‍ර දේශයේ ඇති පඩු කරද ගස ලෝකයේ එකම පඩු කරද ගස බව ප්‍රකාශ වුවද මේ වන විට ගම්පහ උද්භිද උද්‍යානයේ මෙම වර්ෂයේ විශාල ගසක් හා පැළ 06 ක් ඇති බව ගම්පහ උද්භිද උද්‍යානයේ සහකාර අධ්‍යක්ෂක රුවිනි ගෝමස් මහත්මිය මෙහිදී ඇමතිවරුන්ට කීවාය. මීට අමතරව අත්තනගලු ඔයේ ශාඛාවක් වන මැඩිල්ල ඇළ, දොරණගොඩ, මිනුවන්ගොඩ, හෙන්ඩිමහර හා කඩුවෙල හා කදිරාන ප්‍ර දේශවල මෙම ශාඛය ඇති බවත් උද්භිද උද්‍යානයේ නිළධාරින් එම ශාඛා නිරීක්ෂණය කළ බවත් ඇය කීවාය. පේරාදෙණිය උද්භිද උද්‍යානයේ මෙම ශාඛයේ පැළ 20 ක් ඇති බව කී සහකාර අධ්‍යක්ෂකවරිය අදාළ ශාඛය හමු වූ දාරළුව ප්‍ර දේශයේ ද තවත් පඩු කරද විශාල ගසක් හා කුඩා ගසක් හමු වූ බව ද කීවාය.

දාරළුව ප්‍ර දේශයේ පඩු කරද ශාඛය බේරා මධ්‍යම අධිවේගී මාර්ගය වෙනස් කර ඉදි කිරීමට රැපියල් ලක්ෂ 86,000 ක මුදලක් වැය වෙන බවට ගණන් බලා ඇතැයි කී ඇමති ප්‍රසන්න රණතුංග මහතා අදාළ ශාඛය ලෝකයේ එකම ගස බව ප්‍රකාශ කළ බවත් එම ශාඛය හා මෙම ශාඛ එකම බවට තහවුරු කරගත්තේ කෙලෙසදැයි සහකාර අධ්‍යක්ෂකවරියගෙන් ප්‍රශ්න කළේය. සහකාර අධ්‍යක්ෂකවරිය කීවේ මේ පිළිබද ව විද්‍යාත්මක පරීක්ෂණයක් සිදු කළ බවයි. දාරළුවේ ගසට උද්භිද උද්‍යානයේ ගස් සෑම අතින්ම සමාන බව මෙම විද්‍යාත්මක පරීක්ෂණයේ දී සනාථ වූ බව ද ඇය කීවාය.

දාරළුව ප්‍ර දේශයේ ඇති පඩු කරද ගස ලෝකයේ එකම ගස බවට කළ ප්‍රකාශය එක්කෝ කරුණු නොදැන, නැතිනම් කාගේ හෝ වුවමනාවකට කළ එකක්දැයි සැක මතුවන බවත් කාගේ හෝ වුවමනාවකට සිදු කළේ නම් එය රටේ සංවර්ධනය අඩාල කිරීමට හිතාමතා  සිදු කළ ප්‍රකාශයක් බවත් සදහන් කළ ඇමති ප්‍රසන්න රණතුංග මහතා පරිසරය ආරක්ෂා කරන අතරම රටේ සංවර්ධනය ද ක්‍රියාත්මක කළ යුතු බැවින් මේ පිළිබද ව පරිසරවේදීන්ගේ විශේෂ අවධානය යොමු විය යුතු බව ද කීවේය.

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Continue Reading

Sri Lanka Tourism Strengthens Travel Trade Partnerships Through 2026 B2B Networking Series in Australia and New Zealand

Sri Lankan delegates engage over 250 Australian and New Zealand travel agents across a landmark five-city roadshow

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය