සංචාරකයන් දිවයිනට ගෙන්වා ගැනීම සදහා පස් අවුරුදු විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් ඇරඹෙයි. ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් සංචාරකයන් පැමිණෙන රටවල් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මේ සදහා දැනටමත් උපායමාර්ගික සංවර්ධන සැලැස්මක්ද සකස් කර තිබේ. ඊට ඇමති මණ්ඩල අනුමැතියද හිමිව ඇතැයි ඇමතිවරයා පවසයි.

මෙම ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සදහා සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන්  සමන්විත ඉහල පෙලේ කමිටුවක්ද ඇමතිවරයා විසින් පත් කර තිබේ. සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා එම කමිටුවේ සභාපති වරයායි. සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනී කිමාලි ප්‍රනාන්දු, සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ කළමණාකාර අධ්‍යක්ෂ මධුභාෂිණි පෙරේරා, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වන හිරාන් කුරේ (සභාපති සංචාරක උපදේශක සභාව), තිලක් වීරසිංහ (සභාපති - SLAITO),සනත් උක්වත්ත (සභාපති THASL) සමින්ද පෙරේරා (සාමාන්‍යාධිකාරී අලෙවි - ශ්‍රී ලංකා ගුවන්සේවා සමාගම), නිමේෂ් හේරත් (ඇමති සම්බන්ධීකාරක) යන මහත්ම මහත්මීහු මෙම කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.

මෙම ඉහළ පෙලේ කමිටු සාමාජිකයන්ට පත්වීම් ප්‍රධානය කිරීම ඊයේ (22) ඇමතිවරයාගේ අතින් සිදු වූ අතර කමිටුවේ පළමු සාකච්ඡාවටද ඇමතිවරයා සහභාගී විය.

මෙහිදි අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ ශ්‍රී ලංකාව ලෝකයේ ආකර්ෂණීය සංචාරක ගමණාන්තයක් ලෙසත් කොවිඩ් සුරක්ෂිතම රටක් ලෙසත්  ප්‍රවර්ධනය කිරීමට අපෙක්ෂා කරන බවයි. කොවිඩි වසංගතය පාලනය කරමින් රට සංචාරකයන්ට විවෘත කිරීමට ගත් තීරණය ඉතා අභියෝගාත්මක තීරණයක් බවත් සංචාරක ක්ෂේත්‍රයේ නියුතු ලක්ෂ 30 ක පමණ පිරිසට සහන සැලසීම මේ තීරණය ගැනීමට හේතු වූ බවත් ඇමතිවරයා මෙහිදි කිවේය.

ආණ්ඩුවේ නිළ කාලය අවසන් වන විට  වාර්ෂිකව සංචාරකයන් මිලියන 07 ක් දිවයිනට ගෙන්වා ගැනීමේ හා ජාතික ආර්ථිකයට සංචාරක ව්‍යාපාරයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 10 ක ආදායමක් ලබා දීමේ රජයේ ඉලක්කය කොවිඩ් වසංගතය හේතුවෙන් දශමයක් හෝ අඩු වී නැති බවත් ඒ සදහා උපරිමයෙන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් ඇමතිවරයා කීවේය.

ජනවාරි 21 වනදා සිට මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 5000 ඉක්මවා ඇති බවත් තවත් මාස කිහිපයක් ගත වන විට මෙරටට සංචාරකයන්ගේ පැමිණිම යථා තත්වයට පත්වනු ඇතැයි විශ්වාසය පල කළ ඇමති ප්‍රසන්න රණතුංග මහතා දිවයිනට හැකිතාක් සංචාරකයන් ගෙන්වා ගැනීම සංචාරක සංවර්ධන අධිකාරියේ වගකීම බවද අවධාරණය කලේය.

‘‘අපි කණ්ඩායමක් ලෙස මේ අභියෝගයට මුහුණ දිය යුතුයි. පසුගිය කාලයේ සංචාරකයක් මෙරටට ගෙන්වීම සදහා ක්‍රියාත්මක වූ ප්‍රවර්ධන වැඩසටහන්වල විවිධ අක්‍රමිකතා සිදු වූ බවට චෝදනා තිබෙනවා. මේ ඉහළ පෙලේ කමිටුවේ එක් වගකීමක් වන්නේ එවැනි අක්‍රමිකතා වැලැක්වීම ගෝලීය ප්‍රවර්ධන කටයුතු ඉතා විනිවිදභාවයෙන් සිදු විය යුතුයි.“    ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදි වැඩිදුරටත් කියා සිටියේය.

නව සංචාරක නිපැයුම් සංවර්ධනය බෞද්ධ මංපෙත් ආශ්‍රිත සංචාරක ව්‍යාපාරය,සුවතාව හා ආයුර්වේද මත පදනම් වූ සංචාරක ව්‍යාපාරය, චිත්‍රපථ රූගත කිරීම්, ත්‍රාසජනක ක්‍රීඩා, ජාත්‍යන්තර ක්‍රීඩා තරග හරහා සංචාරක ප්‍රවර්ධනය පාරිසරික සංචාරක ව්‍යාපාරය වැනි විවිධ ක්ෂේත්‍රයන් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රවර්ධන කටයුතුද ලෝකය පුරා සිදු කිරීමටත් ඒ සදහා විදේශගත ශ්‍රී ලංකා දූත මණ්ඩල සහය ලබා ගැනීමටත් මෙහිදි තීරණය කෙරිණ. 

FO4A0609

ඡායාරූපය - කමිටු සභාපති අමාත්‍යාංශ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා වෙත ඇමති ප්‍රසන්න රණතුංග මහතා අදාල පත්වීමේ ලිපිය භාරදුන් අවස්ථාව.

 FO4A0610  FO4A0612 FO4A0614 
 FO4A0619  FO4A0622  FO4A0624

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Continue Reading

Sri Lanka Tourism Strengthens Travel Trade Partnerships Through 2026 B2B Networking Series in Australia and New Zealand

Sri Lankan delegates engage over 250 Australian and New Zealand travel agents across a landmark five-city roadshow

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය