දිවයින පුරා ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනයට තුන් අවුරුදු ක්‍රියාකාරී සැලස්මක් සැකසේ. ග්‍රාමීය ආර්ථිකය නංවාලීමේ ජාතික වැඩසටහන යටතේ එය ක්‍රියාත්මක බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඒ අනුව දිවයින පුරා සෑම ග්‍රාමසේවා වසකම පවතින පාසල්, ග්‍රාමීය රෝහල්, ක්‍රීඩා පිටි හා බහු කාර්ය ගොඩනැගිලි මෙන්ම සෞඛ්‍ය, අධ්‍යාපන හා ක්‍රීඩා හා තරුණ ක්ෂේ ත්‍රයන්ට අදාළ පහසුකම් පුළුල් කිරිමට අපේක්ෂා කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි දිවයින පුරා පැවැත්වෙන ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩසටහන යටතේ අද (16) පැවති ගම්පහ දිස්ත්‍රික් සමාජීය යටිතල පහසුකම් කමිටු රැස්වීමේ දී ඇමතිවරයා මේ බව සදහන් කළේය.නාමල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.

මෙම සාකච්ඡාවේ දී ගම්පහ දිස්ත්‍රික්කයේ ගුරු පුරප්පාඩු 1032 ක් පවතින බව අනාවරණය විය. අවසන්වරට බස්නාහිර පළාත් සභාව මගින් පැවැත් වූ ගුරු විභාගයෙන් සමත් වූවන් මෙම ගුරු පුරප්පාඩු සදහා බදවා ගැනීමට පියවර ගන්නා ලෙස  ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදි උපදෙස් දුන්නේය. පළාත් ප්‍රධාන ලේකම් ජයන්ති විජේතුංග මහත්මිය කීවේ ඒ සදහා අවශ්‍ය පියවර ගෙන ඇති බවයි. දිවයින පුරා පාසල් වල පවතින ගුරු පුරප්පාඩු පිරවීමට ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව ඇමති නාමල් රාජපක්ෂ මහතා කීවේය. ඔහු පෙන්වා දුන්නේ ඒ අනුව ඉදිරියේදී ගුරු පුරප්පාඩු වලට විසදුම් ලැබෙන බවයි.

දැනට ක්‍රියාත්මක නොවන පළාත් සභා ව්‍යුහ කමිටු නැවත ක්‍රියාත්මක කිරීමට ද මෙහි දී තීරණය කෙරිණි. පාසල් වල අඩක් නිම කර ඇති ගොඩනැගිලි නිම කිරීම හා අළුත්වැඩියා කිරීම සදහා රුපියල් මිලියන 109.6 ක් වෙන් කර තිබේ. පාසල්වල වැසිකිළි, කැසිකිළි අවශ්‍යතා කඩිනමින් සම්පූර්ණ කිරීමට ද අපේක්ෂිතයි. දිස්ත්‍රික්කය පුරා වෘත්තීය පුහුණු වැඩසටහන් විධිමත් කෙරේ. ඒ සදහා අවශ්‍ය පහසුකම් ලබාදීමට ද මෙම කමිටුවේ දී තීරණය කෙරිණ.

ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය යටිතල පහසුකම් නැංවීම සදහා රුපියල් මිලියන 684 ක් වෙන් කිරීමට නියමිතයි. මේ යටතේ දිස්ත්‍රික්කය පුරා ඇති ළමා හා මාතෘ සායන සදහා අවශ්‍ය යටිතල පහසුකම් ලබා දීමට ද අපේක්ෂිතයි. දිස්ත්‍රික්කයේ ඇති ළමා හා මාතෘ සායන සංඛ්‍යාව 106 කි. රාගම රෝහලේ පවතින ගැටළු කඩිනමින් විසදීමට ද මෙහි දී තීරණය කෙරිණ. ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකක 08කට අවශ්‍ය වෛද්‍යවරුන් නොමැති බැවින් ඒ සදහා අවශ්‍ය වෛද්‍යවරුන් කඩිනමින් ලබාදීමට කටයුතු කරන ලෙස ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඉල්ලා සිටියේ ය. රාජ්‍ය ඇමතිණි සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙහි දී කීවේ ඒ සදහා අවශ්‍ය පියවර ගෙන ඇති බවයි. දිස්ත්‍රික්කයේ ඇති ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකක ගණන 45කි.

මේ අතර දිවයිනපුරා ඇවිදින මංතීරු 100ක් ද ඉදිකෙරේ. ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය ඒය මෙහෙයවයි. තරුණ හා කාන්තා ව්‍යවසායකයන් 25,000ක් සවිබල ගැන්වීමේ විශේෂ ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක බව තරුණ හා ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙහි දී කීවේය. මාර්තු මස මුල දී මෙම වැඩසටහන් ආරම්භ කිරීමට නියමිතයි. ඒ අනුව සෑම ග්‍රාමසේවා වසමක ම ව්‍යවසායකයන් දෙදෙනෙකු තෝරාගෙන ඔවුන්ට නව ව්‍යාපාර ආරම්භ කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදීමට තීරණය කර තිබුණි.

මෙම සාකච්ඡාවේ දී ගම්පහ දිස්තික්කයේ කොවිඩ් වසංගතය පාලනය කිරීම සදහා ගෙන ඇති පියවර කෙරෙහි ද විශේෂ අවධානය යොමු විය. ගම්පහ දිස්ත්‍රික්කයේ පි.සි.ආර් පරීක්ෂණ සිදු කර ඇති පුද්ගලයින් සංඛ්‍යාව 169,542 කි. මෙතෙක් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 14,011 කි. කොවිඩ් වසංගතය හේතුවෙන් රුපියල් මිලියන 8323 ක මුදලක් සුබසාධන කටයුතු සදහා වැය කර තිබේ. රාජ්‍ය ඇමතිණි සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙහිදි කීවේ ගම්පහ දිස්ත්‍රික්කයේ සාමාන්‍ය ජනතාවට කොවිඩ් ඒන්නත ලබා දීම මේ සතිය තුළ ආරම්භ කරනු ලබන බවයි. දැනටමත් දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය හා ආරක්ෂක නිළධාරීන්ට මෙම ඒන්නත ලබා දී ඇතැයි ද රාජ්‍ය ඇමතිවරිය කීවාය.

මාර්තු මස 02 දින සිට ග්‍රාමීය ක්‍රීඩාංගණ සංවර්ධනය ආරම්භ කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමති නාමල් රාජපක්ෂ මහතා මෙහි දී කිවේය. නාගරික හා ග්‍රාමීය ක්‍රීඩාපිටියක් සංවර්ධනය කිරීමට  රුපියල් ලක්ෂ 50ක මුදලක් වෙන් කෙරේ. පාසල් ක්‍රීඩාපිටියක් සංවර්ධනය සදහා වෙන් කෙරෙන මුදල රුපියල් ලක්ෂ 30කි. ප්‍රධාන ක්‍රීඩාංගණ පරිපාලනය සදහා විශේෂ කමිටු පත් කිරීමට ද නියමිතයි.

මෙම අවස්ථාවට රාජ්‍ය ඇමතිවරුන් වන නිමල් ලාන්සා, විජිත බේරුගොඩ, ලසන්ත අලගියවන්න, සිසිර ජයකොඩි, දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත්, දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති සහන් ප්‍රදීප් ඇතුළු දිස්ත්‍රික්කයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය ලේකම්වරු, අමාත්‍යාංශ ලේකම්වරු රැසක් සහභාගී වූහ.

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Continue Reading

Sri Lanka Tourism Strengthens Travel Trade Partnerships Through 2026 B2B Networking Series in Australia and New Zealand

Sri Lankan delegates engage over 250 Australian and New Zealand travel agents across a landmark five-city roadshow

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය