මැයි මාසය වනවිට මෙරට සියලු දෙනාට කොවිඩ් එන්නත ලබා දී අවසන් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බැවින් ඒ වනවිට සංචාරකයන්ට කොවිඩ් වලින් තොර ලෝකයේ සුරක්ෂිතම රට බවට ශ්‍රී ලංකාව පත්වන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.ඔහු අවධාරණය කරන්නේ ජනවාරි 21 වෙනිදා රට සංචාරකයන්ට විවෘත කිරීමෙන් පසුව මේ වනවිට සංචාරක ව්‍යාපාරය ක්‍රමානුකූලව යථා තත්වයට පත්වෙමින් තිබෙන බවයි.

 

සංචාරකයන්ගෙන් සමාජයටත් සමාජයෙන් සංචාරකයන්ටත් කොවිඩ් බෝ නොවීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවත් මෙතෙක් මෙරටට පැමිණි සංචාරකයන් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසිලෙස අනුගමනය කරන්නේ දැයි සෞඛ්‍ය බලධාරීන් මෙන්ම සංචාරක සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ද දැඩි අධීක්ෂණයක යෙදෙන බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

 

රට සංචාරකයන්ට විවෘත කිරීමෙන් අනතුරුව වර්තමාන තත්වය හා ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ඊයේ (08) සංචාරක අමාත්‍යංශයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේය.

 

'' ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරපු ඉන්දියාව නොමිලේ  ලබාදුන් කොවිඩ් එන්නත අපි දැන් සෞඛ්‍ය හා ආරක්ෂක අංශ වල අයට ලබාදීම සිදු කරනවා. ආණ්ඩුවේ අපේක්ෂාව වෙන්නේ රටේ සෙසු ජනතාවටත් මේ එන්නත ලබා දීමටයි. මැයි මාසය වන විට මෙම එන්නත ලබා දිය හැකි සියලු දෙනාට මේ එන්නත ලබා දීලා අවසන් කරන්න ආණ්ඩුව අපේක්ෂා කරනවා.එහෙම වු‍නොත් අපිට රට තුල නැවත සුපුරුදු ක්‍රියාකරකම් ආරම්භ කරන්න පුළුවන් වේවි.විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරයට මෙය ඉතා සුවිශේෂි තත්වයක්.කොවිඩ් එන්නත මැයි මාසය වනවිට රටේ සියලු දෙනාට දීලා අවසන් වුනොත් සංචාරකයන්ට ලෝකයේ කොවිඩ් වලින් සුරක්ෂිතම රටක් බවට අපේ රට පත් වෙනවා.

 

මේ වෙනකොට ඉන්දියාව, ජර්මනිය, ඉතාලිය වගේ රටවල් වලින් සංචාරකයන් මෙරටට පැමිණීම සම්බන්ධයෙන් කටයුතු කරමින් තිබෙනවා. සංචාරක සංවිධාන ඒ සඳහා කටයුතු කරනවා. මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සමාජයටත් සමාජයෙන් සංචාරකයන්ටත් කොවිඩ් බෝ නොවීමට අවශ්‍ය සෑම පියවරක් අප ගත්තා.

 

රටට පැමිණෙන හැම සංචාරකයෙක්ම ඒ සංචාරකයන් නතර වී සිටින ආයතන, සංචාරය කරනු ලබන ස්ථාන වලදී ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරනවාදැයි සෞඛ්‍ය බලධාරීන් වගේම සංචාරක සංවර්ධන අධිකාරියත් සොයා බලනවා. පැය 24 පුරා ක්‍රියාත්මක නීරීක්ෂණ ඒකකයක් අප සංචාරක සංවර්ධන අධිකාරියේ ස්ථාපිත කර තිබෙනවා. 1912 අංකය ඔස්සේ ඒ සඳහා සම්බන්ධ විය හැකියි.

 

කොවිඩ් 19 නිසා සම්පූර්ණයෙන්ම බිඳ වැටුණු සංචාරක කර්මාන්තය යලි හිස එසවීමෙන් මෙරට ආර්ථිකයට විශාල පිටුවහලක් ලැබෙනවා. අපේ ඉලක්කය තමයි සංචාරක ව්‍යාපාරය තිබුණාටත් වඩා ඉහළ තැනකට ඔසවා තැබීමයි. කොවිඩ් නිසා රට මුහුණ දී තිබෙන දැඩි ආර්ථික අර්බුදයට ඇති එක විසඳුමක් වන්නේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමයි.නමුත් අපි මෙහිදී රටේ ජනතාව අනතුරේ හෙලන්න සූදානම් නෑ. ඒ නිසයි අපි මේ වැඩපිළිවෙලේදී ඉතා සුපරීක්ෂාකාරී වෙන්නේ.''

 

සංචාරක අමාත්‍යංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චිස, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු, අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ සහ අමාත්‍යංශයේ හා සංචාරක සංවර්ධන අධිකාරියේ නිලධාරී පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Continue Reading

Sri Lanka Tourism Strengthens Travel Trade Partnerships Through 2026 B2B Networking Series in Australia and New Zealand

Sri Lankan delegates engage over 250 Australian and New Zealand travel agents across a landmark five-city roadshow

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය