දිස්ත්‍රික් මට්ටමින් සංචාරක පුහුණු පාසල් ස්ථාපිත කිරීමට පියවර ගැනේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට රකින සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව එය ක්‍රියාත්මකයි. ඒ අනුව මේ වසර තුල නව හෝටල් පාසල් 04 ක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

සංචාරක හෝටල් කලමනාකරණ ආයතනයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය. රැස්වීම පසුගියදා (05) සංචාරක හෝටල් හා කලමනාකරණ ආයතනයේ මොනාරා උත්සව ශාලාවේදී පැවැත්විණ.

සංචාරක අමාත්‍යංශය යටතේ ඇති සංචාරක හා හෝටල් කලමනාකරණ ආයතනය හෙවත් හෝටල් පාසල හෝටල් හා සංචාරක ක්ෂේත්‍රයට අදාල වෘත්තිකයන් බිහි කරන මෙරට එකම හා ප්‍රධානතම ආයතනයයි. කොළඹ ප්‍රධාන හෝටල් පාසලට අමතරව මහනුවර, කුරුණෑගල, අනුරාධපුරය, බණ්ඩාරවෙල, කොග්ගල, රත්නපුරය, පාසිකුඩා හා යාපනේ ප්‍රදේශ ආශ්‍රිතව හෝටල් පාසල් ක්‍රියාත්මක වෙයි. ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී පෙන්වා දුන්නේ මෙරට සියලූම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි හෝටල් පාසල් ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇති බවයි.

මෙම සංචාරක හෝටල් වල සංචාරක හා හෝටල් ක්ෂේත්‍රයට අදාල විවිධ පාඨමාලා ක්‍රියාත්මක වෙයි. මෙම පාඨමාලා උපාධි පාඨමාලා දක්වා ඉහළ නැංවීමේ අවශ්‍යතාවයද ඇමතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සමග දැනටමත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බවද ඇමතිවරයා කීවේය. දැනට ඇති පාඨමාලා වලට අමතරව සාමාන්‍යපෙළ සුදුසුකම් රහිත එහෙත් මෙම ක්ෂේත්‍රයේ රැකියා කරන හා එම ක්ෂේත්‍රයට උනන්දුවක් ඇති තරුණ තරුණියන් වෙනුවෙන් ආරම්භක ඩිප්ලෝමා පාඨමාලාවක් හදුන්වා දීමට කටයුතු කරන ලෙසද ඇමතිවරයා මෙහිදී බලධාරීන්ට උපදෙස් දුන්නේය.

සංචාරක ක්ෂේත්‍රයේ පුහුණු හා නුපුහුණු සේවා සපයන්නන්ගේ සංඛ්‍යාව දසලක්ෂය දක්වා වැඩි කරන බව ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වෙයි. එම ඉලක්කය සපුරාලීමට නව සංචාරක ක්ෂේත්‍රය පිළිබඳ රට තුල පවතින ආකල්පමය වෙනසක් සිදු විය යුතු බවද ඇමතිවරයා පෙන්වා දුන්නේය. ඒ සඳහා දැනටමත් නව ක්‍රමවේදයක් සැලසුම් කර ඇතැයිද ඇමතිවරයා කීවේය. ප්‍රමාදයකින් තොරව සහතික පත් ප්‍රදානය නියමිත පරිදි සිදු කරන ලෙස මෙහිදී උපදෙස් දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා වන පාඨමාලා ඉක්මණින් ආරම්භ කරන ලෙසද උපදෙස් දුන්නේය.

සංචාරක අමාත්‍යංශයේ ‍ලේකම් එස්.හෙට්ටිආරච්චි , අතිරේක ලේකම්වරුන් වන වරුණ සමරදිවාකර,  දීපා සන්නසූරිය , සංචාරක හෝටල් කලමනාකරන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් නදීකා වටලියැද්ද මහත්මිය ඇතුළු නිලධාරී පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Continue Reading

Sri Lanka Tourism Strengthens Travel Trade Partnerships Through 2026 B2B Networking Series in Australia and New Zealand

Sri Lankan delegates engage over 250 Australian and New Zealand travel agents across a landmark five-city roadshow

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය