BIMSTEC චාරිකා  මෙහෙයවන්නන්ගේ  දෙවන රැස්වීම 2020 දෙසැම්බර් මස 8 හා 9 යන  දින වලදී  ශ්‍රී ලංකාවේ කොළඹ දී  පවත්වන ලදී. එක් එක් රාජ්‍යයන්හි සිට පරිගණක තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් පවත්වන ලද මෙම රැස්වීම සඳහා  ශ්‍රී ලංකා රජය විසින් සාර්ථකව සත්කාරකත්වය සපයන ලදී.

මෙම උත්සවය ශ්‍රී ලංකා චාරිකා මෙහෙයෙවන්නන්ගේ  සංගමයේ සහාය ඇතිව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමඟ එක්ව සංචාරක අමාත්‍යාංශය විසින්  සංවිධානය කරන ලදී. රැස්වීම සඳහා BIMSTEC රටවල් වන බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය සහ ශ්‍රී ලංකාව යන රටවල නියෝජිතයින් සහභාගී වූහ.  සංචාරක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) වරුණ සමරදිවාකර මහතා විසින් මෙම රැස්වීමේ මුලසුන දරන ලදී.  සියළුම නියෝජිතයින් සාදරයෙන් පිළිගැනීමෙන් අනතුරුව, BIMSTEC කලාපයේ සංචාරක ව්‍යාපාරය පිළිබඳ BIMSTEC චාරිකා  මෙහෙයවන්නන්ගේ  සංගමයේ පළමු රැස්වීමේදී සාකච්ඡා කර එකඟ වූ ක්‍රියාකාරී සැලැස්මේ වැදගත්කම ඔහු  අවධාරණය කලේය.

මෙම රැස්වීමේ ප්‍රධාන දේශනය සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි  මහතා විසින් සිදු කරන ලද අතර  එම දේශණයේදී ඔහු BIMSTEC කලාපයේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශයේ චාරිකා මෙහෙයවන්නන් සහ ආගන්තුක සත්කාරක ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින් අතර සමීප සහයෝගීතාවයක් පැවතීමේ වැදගත්කම  අවධාරණය කළේය. තවද, කලාපීය සහයෝගීතාව සහ සමාජ ආර්ථික සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරමින් තිරසාර සංචාරක ප්‍රවර්ධනය සඳහා විධිමත් ක්‍රියාමාර්ගයක් ගැනීමද නිර්දේශ කළේය. 

සහභාගි වන ලද සියළුම කීර්තිමත් නියෝජිතයින් විසින් මෙම සුවිශේෂි රැස්වීමේදී පහත ක්ෂේත්‍ර පිළිබඳ නිර්දේශ හුවමාරුකරගන්නා ලදී.

  • BIMSTEC සංචාරක සන්නාමය සඳහා වන කලාපීය ප්‍රතිපත්ති
  • BIMSTEC බෞද්ධ හා ආගමික සිද්ධස්ථාන සංචාරක ගමන්මඟ
  • BIMSTEC පාරිසරික සංචාරක හා මඟී නෞකා සංචාරක ගමන්මඟ
  • BIMSTEC ත්‍රාසජනක සංචාරක කටයුතු සඳහා වන පොදු ආරක්ෂණ නියමාවලි
  • BIMSTEC සංචාරක ව්‍යාපාරය පිළිබඳ වාර්ෂික සමුළුව/චාරිකා වෙළඳපළ/සාකච්ජා සභාව
 FB IMG 1608023986481 FB IMG 1608023960454 FB IMG 1608024012825 

මෙම සාර්ථක රැස්වීමේ ප්‍රතිඵල වන්නේ :

  • පරිගණක ගතව භාවිතා කර හැකි සංචාරක තොරතුරු මධ්‍යස්ථානයක් ඉන්දියාවේ පිහිටුවීම සහ සාමාජික රටවල් විසින් කාර්යභාර නිලධාරීන් නම්කිරීම
  • BIMSTEC සංචාරක සන්නාමය සහ 2020 දෙසැම්බර් මස 31 දිනට පෙර BIMSTEC සංචාරක අරමුදල භාවිතා කිරීමේ ක්‍රම පිළිබඳව ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම සඳහා කමිටුවක් පත් කිරීම සහ පළමු රැස්වීමෙන් පසු මාස ​​හයක් ඇතුළත අදාළ ක්‍රියාකාරී සැලැස්ම සඳහා කෙටුම්පතක් සකස් කිරීම.
  • 2021 වර්ෂයේදී සංචාරක ව්‍යාපාරය පිලිබඳ පළමු BIMSTEC වාර්ෂික සමුළුව / සංචාරක වෙලඳපළ / සාකච්ජා සභාව පැවැත්වීමට හා BIMSTEC චාරිකා මෙහෙයවන්නන්ගේ  තුන්වන රැස්වීම පැවැත්වීමට  නේපාලයේ නියෝජිතයින් එකඟ වීම.

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Continue Reading

Sri Lanka Tourism Strengthens Travel Trade Partnerships Through 2026 B2B Networking Series in Australia and New Zealand

Sri Lankan delegates engage over 250 Australian and New Zealand travel agents across a landmark five-city roadshow

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය