කොරෝනා වසංගතය හේතුවෙන් බිද වැටී ඇති මෙරට සංචාරක කාර්මාන්තය නංවාලීම සදහා සිය පූර්ණ සහාය පල කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. ඊට අදාල යෝජනා එම සංවිධානය විසින් සංචාරක සංවර්ධන අධිකාරිය වෙත මේ වන විටත් භාර දී තිබේ.

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහ එක්සත් ජාතීන්ගේ මෙරට නිත්‍ය නියෝජිත හැනා සිංගර් මහත්මිය සමග බදාදා (14) පැවති විශේෂ සාකච්ඡාවේදී මේ බව අවධාරණය කෙරිණි. සාකච්ඡාව සංචාරක අමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

සංචාරක ව්‍යාපරයේ නිරත පුද්ගලයන් වෙනුවෙන් සමාජ ආකර්ෂණ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සදහා ද සිය සහාය හිමි වන බව හැනා සිංගර් මහත්මිය මෙහිදි කියා සිටියාය. ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කලේ මේ සම්බන්ධයෙන් දැනටමත් රජය සිය අවධානය යොමු කර ඇති බවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ඉදිරිපත් කල සංචාරක කාර්මාන්තය නංවාලීම සදහා වන යෝජනා වලිය සම්බන්ධයෙන්ද සංචාරක සංවර්ධන අධිකාරිය සිය අවධානය යොමුකර ඇති බව ද ඇමතිවරයා මෙහිදි කිවේය.

කොවිඩ් පාලනය කිරීමෙන් අනතුරුව මෙරටට සංචාරකයන් කණ්ඩායම් වශයෙන් සෞඛ්‍ය නිර්දේශ අනුව ගෙන්වා ගැනීමට රජය සැලසුම් කර ඇති බව මෙහිදී පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා කොවිඩ් තුන්වන රැල්ල පාලනය කිරීමට රජය සිය උපරිමයෙන් කටයුතු කරමින් සිටින බවද කීවේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නියෝජිත හැනා සිංගර් මහත්මිය මෙහිදී අවධාරණය කලේ කොවිඩ් 19 පාලනය සදහා රජය ගෙන යන වැඩපිළිවෙලට සිය ප්‍රසාදය පල කරන බවයි. ජාත්‍යන්තර කම්කරු සංවිධානය හා සංක්‍රමනිකයන් පිළිබද ජාත්‍යන්තර සංවිධානය මගින් සංචාරක හා ගුවන්සේවා ක්ෂේත්‍ර සදහා ලබා දෙන සහාය සම්බන්ධයෙන්ද දෙපාර්ශවය අතර දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

මෙම සාකච්ඡාව සදහා සංක්‍රමකිකයන් සදහා වූ ජාත්‍යන්තර සංවිධානයේ ශ්‍රි ලංකා හා මාලදිවයින ප්‍රධානී සරත් ඩාෂ්, සංචාරක අමාත්‍යංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි, රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් මාධව දේවසුරේන්ද්‍ර යන මහත්වරුන්ද එක්වූහ.

 8f52edd8 8964 44b1 978e 32df26d6530e 68514bcd de79 402e 91ed 8330567944f4
 cedaee05 c012 4e85 800f e4483894db27  d5cd0dc0 b627 4b50 8585 a38bb91adbfa

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Continue Reading

Sri Lanka Tourism Strengthens Travel Trade Partnerships Through 2026 B2B Networking Series in Australia and New Zealand

Sri Lankan delegates engage over 250 Australian and New Zealand travel agents across a landmark five-city roadshow

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය