සංචාරක කර්මාන්තය යලි ආරම්භ කිරීමත් සමඟ මෙරට චිත්‍ර හා මූර්ති ශිල්පීන්ට සංචාරකයන්ට ඔවුන්ගේ නිර්මාණ අලෙවි කර ගැනීම සඳහා විශේෂ ස්ථාන හඳුන්වා දෙන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මහනුවර, සීගිරිය, කොළඹ, අනුරාධපුරය, හම්බන්තොට, මාතර, ගාල්ල වැනි සංචාරක කලාප ආශ්‍රිතව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.
මහනුවර බෝගම්බර සිර කඳවුර ආශ්‍රිතව පැවති චිත්‍ර හා මූර්ති ප්‍රදර්ශනයක් නැරඹීමට පසුගිය දා (27) ගිය අවස්ථාවේ ඇමතිවරයා මේ බව කීවේය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු මහනුවර නගරය හා ඒ ආශ්‍රිතව තාප්ප හා ගොඩනැගිලි බිත්ති වල චිත්‍ර පිරියම් කල තරුණ කණ්ඩායමක් එක්ව මෙම චිත්‍ර හා මූර්ති ප්‍රදර්ශනය සංවිධානය කර තිබිණි. ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙම ප්‍රදර්ශනය නැරඹීමට ගියේ මධ්‍යම පලාත් ආණ්ඩුකාර ලලිත් යූ.ගමගේ මහතාගේ විශේෂ ඉල්ලීමකට අනුවය.
සිය චිත්‍ර හා මූර්ති ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාගෙන් ඔවුන් ඉල්ලා සිටියේ සිය චිත්‍ර හා මූර්ති අලෙවි කර ගැනීම සඳහා සංචාරක කලාප ආශ්‍රිතව කිසියම් නිශ්චිත ස්ථානයක් වෙන් කරන ලෙසයි. ඒ පිළිබඳව රජයේ අවධානය යොමු කිරීමට කටයුතු කරන බවට ඇමතිවරයා මෙහිදී සහතික විය.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී කියා සිටියේ සාම්ප්‍රදායික හා නූතන නර්තන ශිල්පීන්ගේ ප්‍රාසාංගික ප්‍රදර්ශන පැවැත්වීමට හා චිත්‍ර හා මූර්ති ශිල්පීන්ගේ නිර්මාණ අලෙවි කර ගැනීමට කලාප ආශ්‍රිතව ඉඩකඩ ලබාදීමේ වැඩපිළිවෙලක් සකස් කරන බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට නගන සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙලේ ද ඇතුලත් යෝජනාවක් බවයි. ඒ අනුව මෙම වැඩසටහන ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව ඇමතිවරයා මෙහිදී කිවේය.
 WhatsApp Image 2020 09 28 at 11.37.24 WhatsApp Image 2020 09 28 at 11.37.24 1 
 WhatsApp Image 2020 09 28 at 11.37.25  WhatsApp Image 2020 09 28 at 11.37.25 1
 WhatsApp Image 2020 09 28 at 11.37.26  WhatsApp Image 2020 09 28 at 11.37.26 1
 WhatsApp Image 2020 09 28 at 11.37.27 2  WhatsApp Image 2020 09 28 at 11.37.28
 WhatsApp Image 2020 09 28 at 11.37.28 1 WhatsApp Image 2020 09 28 at 11.37.29 
WhatsApp Image 2020 09 28 at 11.37.29 1 WhatsApp Image 2020 09 28 at 11.37.30
WhatsApp Image 2020 09 28 at 11.37.31 WhatsApp Image 2020 09 28 at 11.37.30 1

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Continue Reading

Sri Lanka Tourism Strengthens Travel Trade Partnerships Through 2026 B2B Networking Series in Australia and New Zealand

Sri Lankan delegates engage over 250 Australian and New Zealand travel agents across a landmark five-city roadshow

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය