ඉතිහාසයේ පළමු වරට ගුවන් තොටුපල  හා ගුවන් සේවා සමාගම ගුවන් තොටුපල බිම් ගත මෙහෙයුම් අරඹයි (ground handling). ඒ අනුව අද (25) සිට රත්මලාන ගුවන් තොටුපලේ ගුවන් තොටුපල බිම් ගත මෙහෙයුම් ( ground handling)  සිදු කරන්නේ එම සමාගම විසිනි.

අද උදෑසන 11.45 ට මාලදිවයිනේ සිට පැමිණි වෙළද ගුවන් යානයක් සදහා මුලින්ම බිම්ගත මෙහෙයුම් සිදු කෙරුණු බව රත්මලාන ගුවන් තොටුපලේ කළමනාකාර අරුණ රාජපක්ෂ මහතා සදහන් කරයි. මීට පෙර රත්මලාන ගුවන් තොටුපලේ බිම්ගත මෙහෙයුම් ( ground handling) සිදු තරනු ලැබුවේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම මගිනි. ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමට අදාල පණත මගින් ඒ සදහා බලය පැවරී තිබුනද මෙතෙක් කලක් එය ක්‍රියාත්මක වූයේ නැත. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග හා රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක යන අමාත්‍ය වරුන්ගේ මැදිහත් වීමෙන් රත්මලාන ගුවන් තොටුපලේ බිමිගත මෙහෙයුම් ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම මගින් සිදු කිරීමට තීරණය කෙරිණ.

රත්මලාන ගුවන් තොටුපලේ කාලසටහන් ගත ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් ලබන ඉරිදා සිට ආරම්භ කෙරෙන අතර එම ගුවන් මෙහෙයුම් සදහාද බිම්ගත මෙහෙයුම් සිදු කරන්නේ ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගම මගිනි. කොළඹ හා මාලදිවයින අතර මෙම කාලසටහන් ගත ගුවන් මෙහෙයුම් සිදු කෙරේ. රත්මලාන ගුවන් තොටුපලේ ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් යළි ඇරඹෙන්නේ වසර 55 කට පසුවයි. 

සංචාරක පුවත්

Sri Lanka Tourism Strengthens Travel Trade Partnerships Through 2026 B2B Networking Series in Australia and New Zealand

Sri Lankan delegates engage over 250 Australian and New Zealand travel agents across a landmark five-city roadshow

Continue Reading

Deputy Tourism Minister Prof. Ruwan Ranasinghe Joins as a Main Key Special Guest at 130th Anniversary of World-Renowned Sichuan University

Deputy Tourism Minister Prof. Ruwan Ranasinghe Joins as a Main Key Special Guest at 130th Anniversary of World-Renowned Sichuan University

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය