ශ්‍රී ලංකාව ආකර්ශනීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සදහා  එමිරේට්ස් ගුවන් සමාගම හා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබේ

ජාත්‍යන්තර ගුවන් සමාගම් රැසක් සමග ඉදිරියේ දී  ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරිම සදහා ගිවිසුම් වලට එළඹෙනවා...

-ඇමති ප්‍රසන්න රණතුංග කියයි.

ශ්‍රී ලංකාව ආකර්ශනීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සදහා  එමිරේට්ස් ගුවන් සමාගම හා මෙරට  සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබේ. මෙම ගිවිසුමට අත්සන් තැබීම ඩුබායි පිහිටි එමිරේට්ස් මූලස්ථානයේදී පසුගිය සිකුරාදා (04) සිදු කෙරිණ. සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය වෙනුවෙන් එහි සභාපති කිමාලි ප්‍රනාන්දු හා එමිරේට්ස් ගුවන් සමාගමේ බටහිර ආසියානු හා ඉන්දියානු සාගර කලාපිය වාණිජ මෙහෙයුම් ජ්‍යෙෂ්ඨ උප සභාපති Ahamad Khoory  යන මහත්ම මහත්මීහූ ඊට අත්සන් තැබූහ.

එමිරේට්ස් ගුවන් සේවය වසර 30 කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවට සිය ගුවන් මෙහෙයුම් සිදු කරනු ලබයි. එම සමාගම ශ්‍රී ලංකාවට පළමුවෙන්ම ගුවන් ගමන් ආරම්භ කළේ  1986 අප්‍රේල් මස 01 වෙනිදායි. එමිරේට්ස් සමාගම කොවිඩ් වසංගත කාල සිමාව තුළ ද ශ්‍රී ලංකාවට ගුවන් මෙහෙයුම් සිදු කල ලොව ප්‍රමුඛ පෙලේ ගුවන් සමාගමකි. 2021 ජනවාරි මස 26 වන දින සිට ශ්‍රී ලංකාව යළි සංචාරකයන්ට විවෘත විමත් සමග එමිරේට්ස් ගුවන් සේවයෙන් ගුවන් මගින් 50,000 කට ආසන්න පිරිසක් මෙරටට පැමිණ ඇතැයි ගුවන් තොටුපල වාර්තා සදහන් කරයි. එක්සත් අරාබි එමිර් රාජ්‍ය , ඉතාලිය, එක්සත් රාජධානිය හා ජර්මනිය වැනි රටවලින් මෙම ගුවන් මගින් පැමින තිබේ. සතියකට එමිරේට්ස් ගුවන් යානා 21 ක් මේ වන විට කටුනායක ගුවන් තොටුපළට පැමිණේ. අවබෝධතා ගිවිසුමට අනුව ඉදිරි කාලය තුළ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය හා එමිරේට්ස් ගුවන් සමාගම අතර ඒකාබද්ධ ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක වේ. සංචාරක ප්‍රදර්ශන, සමුළු සම්මන්ත්‍රණ, වැඩමුළු හා ප්‍රවර්ධන සංචාර මේ යටතේ සංවිධානය කිරීමට නියමිතයි.

මෙම ගිවිසුමට අත්සන් කිරීමේ අවස්ථාවට සහභාගී වූ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ ලෝකයේ ප්‍රධාන පෙලේ ජාත්‍යන්තර ගුවන් සමාගම් සමග ඉදිරියේදි ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමේ ඒකාබද්ධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි. මේ වසර තුළ ජාත්‍යන්තර ගුවන් සමාගම් කිපයක් අලුතින් ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත් ඒ පිළිබදව අදාල ගුවන් සේවාවන් සමග සාකච්ඡා කරමින් සිටින බවත් ඇමතිවරයා කීවේය.

එමිරෙට්ස් ගුවන් සමාගම සමග මෙලෙස ශ්‍රී ලංකාව ආකර්ශනීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සදහා අවබෝධතා  ගිවිසුමට එළඹීම මෙරට සංචාරක ව්‍යාපාරයේ සුවිශේෂී කඩඉමක් බවද ඇමතිවරයා පෙන්වා දුන්නේය. කොවිඩ් වසංගතයෙන් කඩා වැටුනු මෙරට සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේදී ගුවන් සේවාවන් වළද සහයෝගය අත්‍යවශ්‍ය බවත් එම සහයෝගය ලබා ගැනීම සදහා රාජ්‍ය කටයුතු සිදු කරමින් සිටින බවත් ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

WhatsApp Image 2022 03 05 at 13.14.51

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Continue Reading

Sri Lanka Tourism Strengthens Travel Trade Partnerships Through 2026 B2B Networking Series in Australia and New Zealand

Sri Lankan delegates engage over 250 Australian and New Zealand travel agents across a landmark five-city roadshow

Continue Reading
Exit
දිස්ත්‍රික්කය