කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ලොව නැගෙනහිර හා බටහිර කලාපයන් යා කෙරෙන ආසියාවේ ගුවන් සේවා මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ පළමු පියවර සනිටුහන් කරමින්  ගුවන් තොටුපළ පුළුල් කිරීමේ  ව්‍යාපෘතියේ  දෙවන අදියර ජනතා අයිතියට පත් කෙරේ .

කටුනායක බණ්ඩාරනායක  ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර අද(25) පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් සුබ මොහොතින් ජනතා අයිතියට පත් කරනු ලැබීය.මෙරට දෙවන විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය ලෙස සැලකෙන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ  අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය විදහා දැක්වෙන පරිදි  ජාත්‍යන්තර ගුවන්  පථයන්ට  අනුරූප වන පරිදි නව සැලැස්මකට අනුව ගුවන්තොටුපල සංවර්ධනය කිරීමයි.

සමස්ත ව්‍යාපෘතිය අවසන් වන විට දැනට මිලියන හයක් වන කටුනායක ගුවන්තොටුපළේ වාර්ෂික මගින් හැසිරවීමේ ධාරිතාවය  මගීන් මිලියන පහළොවක් දක්වා ඉහළ නැංවීමට හැකියාව ලැබේ.ජපන් ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් වන කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ බී පැකේජ ව්‍යාපෘතිය සඳහා  වැයකර ඇති මුළුමුදල රුපියල් බිලියන 6කි.2014 වසරේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්හුවා අබේ මහතාගේ ප්‍රධානත්වයෙන් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබීය .

නව ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්  ඉදිකර අවසන් වනවිට  බණ්ඩාරනායක ගුවන් තොටුපලේ ගුවන් යානා නැවැත්වීමේ අංගන ප්‍රමාණය 49ක් දක්වා වැඩිවන අතර එමගින් දැනට පවතින ගුවන් යානා නැවැත්වීමේ පහසුකම් දෙගුණයක් වනු ඇත .මෙහිදී බැහැරුම් පත දිගු කිරීම තුළින් ගුවන් යානා වලට නව පර්යන්ත ගොඩනැගිල්ලට ප්‍රවේශ වීමේ පහසුකම් සපයයි.බී පැකේජය යටතේ දුරස්ථ අංඟනය නිම කිරීමෙන් අනතුරුව දැනට පවත්නා අංගනය වර්ග මීටර් 269000 සිට වර්ග මීටර් 479000ක්  දක්වා  පුළුල්  වන අතර  මෙමගින් අනාගතයේදී අපේක්ෂිත ඉල්ලුමට සහ ගුවන් යානා මෙහෙයුම් වළට ඉහල පහසුකම් සැළසේ.

කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ පුළුල් කිරීමේ සමස්ථ ව්‍යාපෘතිය අවසන් වන විට  පිරික්සුම් කවුළු  53 සිට 149 ක් දක්වා වැඩිවන අතර විගමන කවුළු සංඛ්‍යාව  21 සිට 53 ක් දක්වාත් ආගමන කවුළු සංඛ්‍යාව 27 සිට 83ක් දක්වාත්  වැඩිකෙරෙයි.පවතින ගුවන් බස් දොරටු සංඛ්‍යාව 6 සිට 16ක් දක්වා වැඩිවන අතර ගුවන් සේවා විවේකාගාර සංඛ්‍යාව 4සිට 10ක් දක්වා ඉහල යයි.

ලොව නැගෙනහිර සහ බටහිර යාකෙරෙන ආසියාවේ ගුවන් සේවා මධ්‍යස්ථානයක් ලෙස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය විදහා දැක්වෙන පරිදි සංවර්ධනය කිරීම මහින්ද චින්තනයේ මෙන්ම සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ද ප්‍රමුඛ ප්‍රතිපත්තියකි.

කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර  ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට ජපානයේ ශ්‍රී ලංකා තානාපති හිදේකි මිසුකොශී (Hideaki MIZUKOSHI) මහතා සහ  සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ක්‍රීඩා සහ ඩිජිටල් තාක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ , ගුවන් සේවා සහ අපනයන සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක, යන අමාත්‍යවරුන් සහභාගි වූහ.

 

1f990efb 8b5d 49c3 91ec 14f39a877aa0
7d7b60ad 1841 4161 b8ee 463dc353cf22
74edfd9e 54bb 4e47 882a 96f5e0b60525

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Continue Reading

Sri Lanka Tourism Strengthens Travel Trade Partnerships Through 2026 B2B Networking Series in Australia and New Zealand

Sri Lankan delegates engage over 250 Australian and New Zealand travel agents across a landmark five-city roadshow

Continue Reading
Exit
දිස්ත්‍රික්කය