• කලාපීය ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කෙරෙන රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සංවර්ධන කටයුතු කඩිනම් කෙරේ...
  • ගුවන් තොටුපළේ යාත්‍රාංගණ ධාරිතාව සහ ගුවන් ධාවන පථයේ කාර්යක්ෂමතාව 75%කින් වැඩි කිරීමට සැලසුම්...

කලාපීය ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කෙරෙන රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සංවර්ධන කටයුතු කඩිනම් කෙරේ. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ  රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළේ යාත්‍රාංගණය සහ ගුවන් ධාවන පථය පුඵල් කිරිමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක බවයි. පසුගිය මැයි මාසයේ දී  ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතිය සදහා වැය කරන මුදල රුපියල් මිලියන 220කි.

මෙහි ඉදිකිරිම් කටයුතු ලබන වසරේ පළමු කාර්තුව තුළ දී අවසන් කිරිමට අපේක්ෂා කරන බව ද ඇමතිවරයා සදහන් කරයි. ව්‍යාපෘතිය නිම වීමෙන් පසු ගුවන් තොටුපළේ යාත්‍රාංගණ ධාරිතාව සහ ගුවන් ධාවන පථයේ කාර්යක්ෂමතාව 75%කින් පමණ වැඩි වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. රත්මලාන ගුවන් තොටුපළ තුළ ගගන නාවික පහසුකම් සහිත පාලන මධ්‍යස්ථානයක් හා ගුවන් ගමන් පාලන කුළුණක් ඉදි කිරීමට ද අපේක්ෂිතයි. ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙන්නේ රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළේ වාණිජ මෙහෙයුම් වැඩි දියුණු කිරිම කෙරෙහි ද රජය අවධානය යොමු කර ඇති බවයි.  දේශීය ගුවන් සේවා 05 ක් සමග නව වාණිජ ගුවන් සේවා වලට මේ වන විටත් එළඹ තිබේ. රත්මලාන ගුවන් තොටුපළ ආශ්‍රිතව ගුවන් තොටුපළ පුහුණු පාසලක් ආරම්භ කිරිම සදහා සාකච්ඡා කෙරෙමින් පවතින අතර ජාත්‍යන්තර සංවිධිත මෙහෙයුම් (International Scheduled Operations) ආරම්භ කිරිම සදහා ද මේ වන විට කටයුතු කරමින් සිටින බව  ඇමතිවරයා සදහන් කරයි.

රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ 1938 දි ආරම්භ කෙරැණ අතර 1968 දී කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ගුවන් ගමන් ආරම්භ කිරීම හේතුවෙන් කලාපීය ජාත්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක නොවිණි. රත්මලාන ගුවන් තොටුපළ තුල පවතින සම්පත් උපයෝගි කරගනිමින් නව කළාපීය ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. ශ්‍රී ලංකාව කලාපීය ගුවන් කේන්ද්‍රස්ථානයක් ලෙසට දියුණු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ද සදහන් කර තිබිණ.

රත්මලාන ගුවන්තොටුපලේ ජාත්‍යන්තර ගුවන් ගමන් ප්‍රවර්ධනය සඳහා ගුවන්යානා නැවතුම් සහ නවතා තැබීමේ ගාස්තු වසරක කාලයක් සඳහා ඉවත් කිරීමටත් ගුවන් මගීන්ගෙන් අයකරනු ලබන ගුවන්තොටුල සේවා බද්ද වසරක කාලයක් සදහා අත්හිටුවීමටත්  රජය පසුගිය දා කටයුතු කර තිබිණි.

වත්මන් රජය බලයට පත්විමෙන් පසු රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපල ප්‍රධාන කේෂ්ත්‍ර 05ක් ඔස්සේ සංවර්ධනය කිරීමට සැලසුම් කෙරිණි. දේශීය ගුවන්සේවා කේන්ද්‍රස්ථානයක්, විනෝදාස්වාද ගුවන්ගමන් මධ්‍යස්ථානයක්, ගුවන් පුහුණු මධ්‍යස්ථානයක් ලෙසත් එය සංවර්ධනය කිරිමට නියමිතය. මීට අමතරව ඉහල ආදායම් ලබන පුද්ගලයින් ඉලක්ක කරගෙන පුද්ගලික ගුවන්යානා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම ප්‍රවර්ධනය කිරීමටත්,  පුද්ගලික ගුවන්යානා සඳහා තාක්ෂණික නැවතුම් සේවා ගුවන් යානා ඉන්ධන පිරවුම් වැනි අවශ්‍යතාවයන් ඉටුකිරීමටත් මේ යටතේ කටයුතු කෙරෙනු ඇත.

සංචාරක පුවත්

Hon. Deputy Minister of Tourism Prof. Ruwan Ranasinghe Inaugurates Sri Lanka Pavilion at Outbound Travel Mart (OTM) Mumbai 2026

Sri Lanka Tourism Promotion Bureau, in collaboration with the Sri Lankan High Commission in India, participated at the prestigious Outbound Travel Mart (OTM), India’s leading outbound travel trade exhibition, generating strong momentum for Sri Lanka

Continue Reading

Showcasing Sri Lanka’s Extraordinary Wildlife & Nature: Visit of Belgian RTBF TV crew to Sri Lanka

Sri Lanka Embassy in Belgium in collaboration with the Sri Lanka Tourism Promotion Bureau has facilitated a special edition of Belgian wildlife documentary Le Jardin Extraordinaire (the Extraordinary Garden) to be filmed in Sri Lanka, with the object

Continue Reading
Exit
දිස්ත්‍රික්කය