වසර 06 කට පසු ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර යළි සෘජු ගුවන් ගමන් ඇරඹෙයි. ඒ අනුව අද අළුයම 01 ට UL 563 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානය ප්‍රංශයේ පැරිස් නුවර Charles De Gaulle

ගුවන් තොටුපළට පිටත්ව ගියේය. සෑම සතියකම බදාදා, සිකුරාදා සහ ඉරිදා කටුනායක ගුවන්තොටුපළේ සිට පැරිස් Charles De Gaulle  ගුවන් තොටුපළ දක්වා ශ්‍රී ලංකන් ගුවන් යානයක් ගමන් කරන අතර එදිනම සවස ප්‍රංශයේ සිට ශ්‍රී ලංකාව බලා තවත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් පැමිණීමට නියමිතය.  

ශ්‍රී ලංකාව හා ප්‍රංශය  අතර මුලින්ම සෘජු ගුවන් ගමන් ආරම්භ කෙරුණේ 1980 දීයි. පසුව 2015 වසරේ දි මෙම සෘජු ගුවන් ගමන් නතර කෙරුණි. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි ලෝකයේ විවිධ ගමනාන්ත කරා සෘජු ගුවන් ගමන් ආරම්භ කිරිමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම කටයුතු යොදා තිබේ. කොළඹ සහ ප්‍රංශයේ පැරිස් නුවර අතර අද අළුයම මෙම සෘජු ගුවන් ගමන් ආරම්භ කෙරුණේ ඒ අනුවයි. කටුනායක ගුවන් තොටුපළේ සිට ප්‍රංශයේ පැරිස් නුවර Charles De Gaulle ගුවන් තොටුපළට ගමන් කිරීමට පැය 10 කට ආසන්න කාලයක් ගතවේ. පළමු ගුවන් ගමන සදහා සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග ගුවන් තොටුපළ හා අපනයන සැකසුම් කළාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩි.වි.චානක, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ, සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් මාධව දේවසුරේන්ද්‍ර ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම නිමිත්තෙන් කටුනායක ගුවන්තොටුපළේ සෙරන්ඩිබ් ශාලාවේ දි චාම් උත්සවයක් පැවැත්වුණි. ඇමති ප්‍රසන්න රණතුංග මහතා එහි දි කියා සිටියේ ඉදිරියේ දි නව ගමනාන්ත රැසකට සෘජු ගුවන් ගමන් ආරම්ඵ කිරිමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම කටයුතු යොදා ඇති බවයි.

මෙරට සංචාරක ව්‍යාපාරය නංවාලීම සදහා ජාතික ගුවන් සේවය ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවාව අත්‍යවශ්‍යය බව පෙන්වා දුන් ඇමතිවරයා මෙරට ජාතික ගුවන් සේවය ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවය දියුණු කිරිම රජයේ අපේක්ෂාව  බව ද කීවේය.

FO4A1255

 

සංචාරක පුවත්

Sri Lanka Convention Bureau’s Roadmap for a Knowledge-Driven MICE Sector

During the first half of 2026, the Sri Lanka Convention Bureau (SLCB), through its Research, Development & Training Division, successfully implemented a series of capacity-building initiatives aimed at strengthening Sri Lanka's Meetings, Incentiv

Continue Reading

Sri Lanka Tourism Showcases Progress Across Key Sectors – July 2026

Sri Lanka Tourism continues to strengthen its global presence through a series of impactful initiatives and achievements across wellness, marine, cultural, educational, and business tourism. The Sri Lanka Tourism Promotion Bureau (SLTPB) has recently

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය