• ඉන්දියාවේ නව ජාත්‍යන්තර ගුවන්තොටුපළ කුෂිනගර්හිදි විවෘත වේ...
  • නව ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩ බැස්ස වු පළමු ගුවන් යානය ශ්‍රී ලංකාවෙන්...
  • තෛනිකායික අනුනායක හිමිවරුන් ඇතුළු සිය නමක් මුල්ම ගුවන් යානයෙන් කුෂිනගර්වලට...
  • ඇමති නාමල් ඇතුළු 08 දෙනෙකුත් කුෂිනගර් යති.....
  • කුෂිනගර් ගුවන් තොටුපළ ආරම්භ වීම ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර නව ආගමික සබදතා වල නව පරිච්ඡේදයක් - ඇමති ප්‍රසන්න රණතුංග කියයි.

ඉන්දියාවේ නව ජාත්‍යන්තර ගුවන්තොටුපළ කුෂිනගර් (පැරණි කුසිනාරා නුවර) දී විවෘත කෙරේ. මෙම නව කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘත කිරීම සදහා එහි  පළමුවෙන් ගොඩබැස්සවූයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් UL 1147 ගුවන් යානයයි. මෙම ගුවන් යානය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර ශ්‍රී මෝදි මහතා ශ්‍රි ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් කළ විශේෂ ඉල්ලීමකට අනුව පළමු ගුවන් යානය ඉන්දියාව වෙත යැවිණි.

 අද අළුයම 5.20ට ගුවන් ගත කෙරුණු මෙම ගුවන් යානයෙන් තෛනිකායික අනුනායක හිමිවරුන් සමග සංඝයාවහන්සේලා සියක් නමක් කුෂිනගර් වෙත වැඩම කළ අතර ඇමති නාමල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ විශේෂ ධුත පිරිසක් ද ඉන්දියාව බලා ගියහ. මෙම ධුත පිරිසට රාජ්‍ය අමැත්‍යවරුන් වන විජිත බේරුගොඩ, සිසිර ජයකොඩි, ඩි.වි.චානක මෙන්ම ජීවාන් තොණ්ඩමන් මහතා ද ඇතුළත් වූහ. ගුවන් තොටුපළ විවෘත කිරීම සහ මෙම පිරිස පිළිගැනීම සදහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කුෂිනගර් නව ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමීණ සිටියේය. මෙම ගුවන් යානයෙන් ඉන්දිය අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි කුෂිනගර් බෞද්ධ සැදැහැවතුන්ට වන්දනාමාන කිරීම සදහා වස්කඩුවේ විහාරස්ථානයේ තැන්පත් කර තිබෙන කපිල වස්තු ධාතුන්වහන්සේලා වැඩම කර විම ද විශේෂත්වයකි.

ගුවන් තොටුපළ විවෘත කිරිමේ අවස්ථාවට සමගාමීව ඓතිහාසික ඡායාරූප දෙකක් ද එහි ස්ථිපිත කිරීමට කටයුතු යොදා තිබේ. බුදුන්ගේ තෙවැනි ශ්‍රී ලංකා සංචාරය ලෙස සැලකෙන කැළණිය රජමහා විහාරයේ දි ශ්‍රී ලංකාවේ ප්‍රකට චිත්‍ර ශිල්පියෙකු වු සෝලියස් මෙන්ඩිස් පින්තාරු කරන ලද බිතුසිතුවම් දෙකක් මෙලෙස කුෂිනගර් ගුවන් තොටුපළේ ස්ථාපනය කර තිබේ.

කටුනායක ගුවන් තොටුපළේ සිට මෙම විශේෂ ගුවන් යානය පිටත්ව යාමේ අවස්ථාවට සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග, මෙරට ඉන්දිය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ යන මහත්වරු සහභාගී වුහ.

ඉන්දිය මහකොමසාරිස්වරයා මෙහි දි කියා සිටියේ මෙය ඉන්දියාවට මෙන්ම ශ්‍රී ලංකාවට ද ඓතිහාසික අවස්ථාවක් බවයි. දෙරට අතර ද්විපාර්ශවික සබදතා පුළුල් කිරීමට මෙම සංචාරය ඉවහල් වන බව ද ඔහු කීවේය. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දි කීවේ කටුනායක කුෂිනගර් සෘජු ගුවන් සේවාව දෙරට අතර ආගමික සම්බන්ධතා වල නව පරිච්ඡේදයක් වනු ඇති බවයි. ඉදිරියේ දි දඹදිව වන්දනාවේ යන ශ්‍රී ලාංකික බෞද්ධ සැදැහැවතුන්ට මෙය වඩාත් පහසුවක් වනු ඇතැයි ද ඇමතිවරයා කීවේය.

බුද්ධ පරිනිර්වාණය සිදු වූ උපවර්තන සල් උයන පිහිටා ඇති කුසිනාරා නුවර හැදින්වෙන්නේ කුෂිනගර් ලෙසයි. ඉන්දියාවේ උත්තර ප්‍ර දේශයේ ඇති කුෂිනගර් බුද්ධ කාලයට පෙර කුසාවති නමින් හදුන්වා තිබේ. මහා පරිනිර්වාණ සුත්‍රය අනුව බුදුන් වහන්සේ කුසිනාරා නුවරට වැඩම කර එහි දි පිරිනිවන් පෑ අතර ධර්මාශෝක රජු එහි විශේෂ ස්ථුපයක් ද ඉදි කර ඇත.

 

1f990efb 8b5d 49c3 91ec 14f39a877aa0
01789dc1 5245 4eb6 9384 c1a507293509

 

f4cbc2b0 b549 45c8 a419 a1777f67ce56
f9878374 2df8 4e1f a501 df5e16bb85cf

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases Progress Across Key Sectors – July 2026

Sri Lanka Tourism continues to strengthen its global presence through a series of impactful initiatives and achievements across wellness, marine, cultural, educational, and business tourism. The Sri Lanka Tourism Promotion Bureau (SLTPB) has recently

Continue Reading

Sri Lanka Recognized Among World’s Best Travel Destinations for 2026

Sri Lanka has continually proven its potential as a top travel destination, maintaining a strong global image despite challenges such as the Easter attacks, the COVID-19 pandemic, the economic crisis, and the recent Ditwah disaster. Demonstrating res

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය