• මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළට සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සදහා නව වැඩපිළිවෙලක්...
  • සංචාරක පැකේජ හදුන්වා දීමේ සැලසුම්...
  • ගුවන් භාණ්ඩ මෙහෙයුම් ද පුළුල් කෙරේ...

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළට සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සදහා නව වැඩපිළිවෙලක් සැකසේ. ඒ අනුව සංචාරක පැකේජ හදුන්වා දීමට ඉදිරියේ දි කටයුතු කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

දැනටමත් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණෙන ගුවන් යානා සදහා විශේෂ සහන පැකේජ හදුන්වා දි තිබේ. ගුවන් තොටුපළ අපනයන බදු වසර දෙකක කාලයක් සදහා නිදහස් කර ඇති අතර ගොඩ බෑමේ හා නවතා තැබිමේ ගාස්තු සදහා ද වසරක සහන ලබා දී ඇත. මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංචාරක ආකර්ෂණය හිමි ගුවන් තොටුපළක් ලෙස ප්‍රවර්ධනය කිරිමේ දි ගුවන් තොටුපළ ආශ්‍රිත හෝටල් පහසුකම් වැඩි දියුණු කිරිම සම්බන්ධයෙන් ද විශේෂ අවධානය යොමු ව ඇතැයි ඇමතිවරයා සදහන් කරයි.

මත්තල ගුවන්තොටුපළේ පහසුකම් වැඩි දියුණු කිරීමට ද රජය කටයුතු කරමින් සිටි. එහි අංග සම්පුර්ණ භාණ්ඩ පිරික්සුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සදහා පවතින නඩත්තු ගොඩනැගිල්ල නවීකරණය කිරීමට කටයුතු යොදා ඇත. ඒ සදහා ඇමති මණ්ඩල අනුමැතිය ද හිමිව තිබේ. ගුවන් යානා අලුත්වැඩියා කටයුතු ආරම්භ කිරිමට ද කටයුතු යොදා ඇති අතර විදේශීය ගුවන් යානා වලට සේවා සැපයීම එහි අරමුණයි. ඉදිරි කාලය තුළ සුළු නඩත්තු කිරිම් මත්තල ගුවන්තොටුපළ තුල සිදු කිරීමට ද අපේක්ෂිතයි. ගුවන් යානා නඩත්තු කිරිම්, එන්ජින් අලුත්වැඩියා කිරිම් සදහා ශක්‍යතා අධ්‍යනයක් ද සිදු කර තිබේ. ඊට අදාළ යටිතල පහසුකම් සහ අනෙකුත් පහසුකම් සම්පුර්ණ කිරිමට කටයුතු කරමින් සිටින බව ද ඇමතිවරයා සදහන් කරයි.

ගුවන් භාණ්ඩ මෙහෙයුම් සේවා මත්තල රාජපක්ෂ ගුවන් තොටුපළ තුල පුළුල් කිරිමට ද අපේක්ෂා කෙරේ. ඒ අනුව ඉදිරියේ දී සතියකට භාණ්ඩ ගුවන් යානා 06 ක් පමණ කියාත්මක කිරිමට සැලසුම් කර ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි. මේ වන විටත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම භාණ්ඩ හැසිරවීමේ සේවා සැපයීම ආරම්භ කර තිබේ. පුළුල් ගුවන් යානා 03 ක් ඇතුළු ව ගුවන් යානා 07 ක් පමණ ගුවන් භාණ්ඩ ප්‍රවාහනය සදහා යොදවා ගෙන ඇත. ඉදිරි වසර තුළ මත්තල රාජපක්ෂ ගුවන්තොටුපළ වඩාත් සක්‍රීය ගුවන් තොටුපළක් බවට පත් කිරීමට කටයුතු කරමින් සිටින බව ද ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කරයි.

සංචාරක පුවත්

Sri Lanka Convention Bureau’s Roadmap for a Knowledge-Driven MICE Sector

During the first half of 2026, the Sri Lanka Convention Bureau (SLCB), through its Research, Development & Training Division, successfully implemented a series of capacity-building initiatives aimed at strengthening Sri Lanka's Meetings, Incentiv

Continue Reading

Sri Lanka Tourism Showcases Progress Across Key Sectors – July 2026

Sri Lanka Tourism continues to strengthen its global presence through a series of impactful initiatives and achievements across wellness, marine, cultural, educational, and business tourism. The Sri Lanka Tourism Promotion Bureau (SLTPB) has recently

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය