කොවිඩ් වසංගතය හේතුවෙන් අත්හිට වු කොළඹ - යාපනය ගුවන් ගමන් යළි අරඹන්න යැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා බළධාරීන්ට උපදෙස් දෙයි. ඒ අනුව ලබන මස මැද දී මෙම ගුවන් ගමන් යළි ආරම්භ කිරිමට සැලසුම් කෙරේ.

කොළඹ- රත්මලාන ගුවන් තොටුපළේ සිට යාපනය - පළාලි ගුවන් තොටුපළ දක්වා පසුගිය වසරේ මාර්තු මාසයේ රට වසා දැමීමට පෙර සතියකට දෙවරක් ගුවන් ගමන් සිදු කෙරිණි. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් එය යළි ආරම්භ කිරීමට නොහැකි විය. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දී ඇත්තේ සෞඛ්‍ය මාර්ගෝපදේශ ද සැලකිල්ලට ගනිමින් එම ගුවන් ගමන් යළි ආරම්භ කරන ලෙසයි. කොවිඩ් වසංගතයට රට වැසීමට පෙර සතියට දෙවරක් කොළඹ සහ යාපනය අතර ගමන් කෙරුණු මෙම අභ්‍යන්තර ගුවන් ගමන් දෛනිකව සිදු කිරීමේ හැකියාව සොයා බලන ලෙස ද, ඒ සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ඇමතිවරයා ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමට උපදෙස් දී තිබේ.

මේ අතර  කොවිඩ් වසංගතය හේතුවෙන් අත් හිටුවා තිබු යාපනය - චෙන්නායි සෘජු ගුවන් ගමන් කඩිනමින් යළි ආරම්භ කිරීම කෙරෙහි ද රජයේ අවධානය යොමු ව තිබේ. එය සිදු කෙරෙන්නේ ද සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුවයි. යාපනය පළාලි ගුවන් තොටුපළ සංවර්ධනය කිරීම සදහා ද රජය අවධානය යොමු කර ඇති අතර කොවිඩ් තත්ත්වය හේතුවෙන් එහි කටයුතු වලට ද බාධා එල්ල වි තිබිණි. ඒ පිළිබද ව ද ඉදිරියේ දි විශේෂ අවධානය යොමු කෙරේ.

යාපනය පළාලි ගුවන්තොටුපළ දෙවන ලෝක යුද්ධ සමයේ දී ආරම්භ කෙරුණකි. නිදහසින් පසු මෙරට දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපළ ලෙස Air Ceylon මෙහි සිය මෙහෙයුම් ආරම්භ කළ අතර දකුණු ඉන්දීය ගමනාන්ත සදහා ගුවන් ගමන් ක්‍රියාත්මක කෙරිණි. කොටි ත්‍රස්තවාදය හේතුවෙන් 1980 න් පසු පළාලි ගුවන් තොටුපළේ ක්‍රියාකාරිත්වය අඩාල වු අතර 2002 වසරේ දී එය ගුවන් හමුදා පාලනයට නතු විය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ දි කොටි ත්‍රස්තවාදි යුද්ධය අවසන් කිරීමත් සමග 2010 වසරේ දී මෙම ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස නැවත සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ විය.

සංචාරක පුවත්

Shaping Tomorrow's Tourism Pioneers- SLCB Drives MICE Excellence at Rajarata University

The Sri Lanka Convention Bureau (SLCB), in collaboration with the Department of Tourism and Hospitality of Rajarata University of Sri Lanka, successfully conducted a specialized MICE Training Programme on 19 August 2026 at Rajarata University.

Continue Reading

Bridging Academia and Industry -SLCB hosts MICE Tourism Workshop at Sabaragamuwa University

On 11 August 2026, the Sri Lanka Convention Bureau (SLCB), in collaboration with the Department of Tourism Management of the Sabaragamuwa University, successfully conducted a specialized MICE Training Programme at Sabaragamuwa University of Sri Lanka

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය