එයාර් ෆ්‍රාන්ස් ගුවන් සමාගම නොවැම්බර් 05 වෙනිදා සිට ශ්‍රී ලංකාවට වාණිජ ගුවන් ආරම්භ කිරීමට තීරණය කරයි. ඒ අනුව ආරම්භයක් ලෙස නොවැම්බර් 05 වෙනිදා සිට ප්‍රංශය හා ශ්‍රි ලංකාව අතර සතියකට සෘජු ගුවන් ගමන් වාර 03ක් ක්‍රියාත්මක කිරීමට එම සමාගම එකඟ වූ බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මේ දිනවල ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන අන්තර්ජාතික ප්‍රංශ සංචාරක වෙළඳ ප්‍රදර්ශනයට සහභාගී වී සිටින  ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහ එයාර් ෆ්‍රාන්ස් ගුවන් සමාගමේ නියෝජිතයන් අතර පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම එකඟතාව පල කෙරිණ. සාකච්ඡාව පැවැත්වුණේ පෙරේදා (05) පැරිස් නුවර අන්තර්ජාතික ප්‍රංශ සංචාරක වෙළඳ ප්‍රදර්ශන භූමියේ පිහිටි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ප්‍රදර්ශණ කුටිය තුලදීයි.

ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර කඩිනමින් කාලසටහන් ගත ගුවන්ගමන් ආරම්භ කිරීමටද මෙහිදී එකඟතාව පලවූ බවත් එයාර් ෆ්‍රාන්ස් ගුවන් සේවය හරහා මෙරටට පැමිණෙන ගුවන් මගීන්ට විශේෂ සහන පැකේජයක් ක්‍රියාත්මක කිරීම පිලිබදවත් මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරුණ බව ඇමතිවරයා සඳහන් කරයි. ඒ අනුව මෙරට හෝටල් හිමියන් සමගද සාකච්ඡා කර අදාල විශේෂ සහන පැකේජය ක්‍රියාත්මක කිරිමට අපේක්ෂා කෙරේ. ඉදිරියේදී මෙරටට පැමිණෙන ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීමටද මෙහිදී එයාර් ෆ්‍රාන්ස් ගුවන් සමාගම එකඟතාවය පල කල බවද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

එයාර් ෆ්‍රාන්ස් ගුවන් සමාගම ලෝකයේ ප්‍රධාන පෙලේ ගුවන් සමාගම් වලින් එකකි.1933 දී ආරම්භ කෙරුනු මෙම ගුවන් සමාගම මේ වසරේ Sky trax ලෝක ගුවන් සේවා සම්මානය හිමිකරගත්තේය. යුරෝපයේ හොඳම ගුවන් සමාගම ලෙසත් කොවිඩ් තත්වය යටතේ සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කරන විශිෂ්ඨතම ගුවන් සමාගමක් ලෙසත් සම්මානයට පාත්‍ර වී ඇත්තේ එයාර් ෆ්‍රාන්ස් ගුවන් සමාගමයි.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා සමග පැවති මෙම සාකච්ඡාවට එයාර් ෆ්‍රාන්ස් සමාගමේ අධ්‍යක්ෂ ජනරාල් ( දිගු ගුවන් සේවා) Zoran Jelkic , ආසියානු පැසිෆික් කලාපයේ ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂ Francois Giudicelli , සංචාරක අමාත්‍යාංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි යන මහත්වරු සහභාගී වූහ.

WhatsApp Image 2021 10 07 at 10.56.33

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Continue Reading

Sri Lanka Tourism Strengthens Travel Trade Partnerships Through 2026 B2B Networking Series in Australia and New Zealand

Sri Lankan delegates engage over 250 Australian and New Zealand travel agents across a landmark five-city roadshow

Continue Reading
Exit
දිස්ත්‍රික්කය