ගුවන් මගීන් සඳහා පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීමේ ක්‍රියාවලිය නතර කර නැතැයි ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ උප සභාපති රජීව් සූරියාරච්චි මහතා පවසයි. මෙම පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීමේ ක්‍රියාවලිය අත්හිටුවා ඇති බවටත් අලුතින් ආරම්භ කෙරුණු පී.සී.ආර් පරීක්ෂණාගාරය වසා දමා ඇති බවටත් පල වන වාර්තා පදනම් විරහිත බවද උප සභාපතිවරයා පෙන්වා දෙයි.

කටුනායක ගුවන්තොටුපලට පැමිණෙන සංචාරකයින් හා විගමනික ශ්‍රමිකයින් සඳහා පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර පැය 03ක් තුල එම වාර්තා ලබාදීම සඳහා පසුගිය 25 වෙනිදා ආරම්භ කෙරුණු පී.සී.ආර්. පරීක්ෂණාගාරයේ ඉදිරි කටයුතු පැහැදිලි කිරීම සඳහා කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී උප සභාපතිවරයා මේ බව සඳහන් කලේය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ උප සභාපති  රජීව් සූරියාරච්චි මහතා මෙසේද කීවේය.

‘‘ ගුවන්තොටුපල තුල අපි මේ වෙනකොට පී.සී.ආර්. පරීක්ෂා කිරීම සිදුකරනවා. මෙහි කිසිම ප්‍රශ්ණයක් සිදුව නෑ. පී.සී.ආර්. පරීක්ෂණාගාරය වහලා කියන එක සම්පූර්ණ අසත්‍යයි.මේක යන්ත්‍රානුසාරයෙන් කරන වැඩක්. එවිට  විවිධ තාක්ෂණික දෝෂ මතුවිය හැකියි.ඒ නිසා අපි ඒ ක්‍රියාවලියේදී මතුවන ප්‍රායෝගික ගැටලු වලට විසඳුම් ලබාදෙමින් එම ක්‍රියාවලිය නිවැරදි කරමින් සිටිනවා.

කොවිඩ් එන්නත් දෙකම ලබාගෙන දින 14කට පසුව එන අයටයි අපි මේ පරීක්ෂණ කරන්නේ.කොවිඩ් එන්නත් එකක් ලබාගත් අය සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ වෙනම ක්‍රමවේදයක්. පැය 03කින් මෙම වාර්තාව දෙන බව අපි ප්‍රකාශ කලා. එහි වෙනසක් නෑ. නමුත් ඇතැම් අයගේ වාර්තා ප්‍රමාද වෙලා තියෙනවා.  ඒ ගැන හොයලා බලපුවාම දැනගන්න ලැබුනේ ඇතැම් අය ලබාදීලා තිබුණ ඊමේල් ලිපිනය,දුරකථන අංක වගේ ඒවගේ ගැටලු නිසා මේ තත්වය ඇතිවුන බවයි අපට වාර්තා වෙලා තියෙන්නේ. එය දැන් නිවැරදි කරගන්න කටයුතු කරගෙන යනවා.

මේක ලේසි වැඩක් නෙමෙයි. මේක විශාල ක්‍රියාවලියක්. අතිගරු ජනාධිපතිතුමාට අවශ්‍ය වෙලා තිබුනා ලංකාවට එන ගුවන් මගීන් සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් තමන්ගේ ගමනාන්තයට යන්න අවශ්‍ය පහසුකම් සලසන්න. ඒ අනුවයි මේ පී.සී.ආර්. පරීක්ෂණ කඩිනමින් ලබාදීමේ ක්‍රියාවලිය ආරම්භ කලේ. පී.සී.ආර්. පරීක්ෂණ ක්‍රියාවලිය අපි මේ වනවිටත් ක්‍රියාත්මකයි. එය කිසිසේත් නතර කර නැහැ.  

මේ සම්බන්ධයෙන් ඇතැමුන් විවිධ බොරු ප්‍රචාර ගෙන ගියත් ගුවන්තොටුපලේ පී.සී.ආර්. පරීක්ෂණ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා.

ඒ වගේම කියන්න කැමතියි මෙය අද ඊයේ ආරම්භ වූ ක්‍රියාවලියක් නෙමෙයි. මේ පරීක්ෂණාගාරයට අදාල කැබිනට් ප්‍රත්‍රිකාව අනුමත වුනේ පසුගිය ජූලි 09 වෙනිදා. මාස 02ක් ඇතුලත අපි එය ස්ථාපිත කලා. මෙහෙයුම් ක්‍රියාවලියත් අපි දැන් අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා.’’

 

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases Progress Across Key Sectors – July 2026

Sri Lanka Tourism continues to strengthen its global presence through a series of impactful initiatives and achievements across wellness, marine, cultural, educational, and business tourism. The Sri Lanka Tourism Promotion Bureau (SLTPB) has recently

Continue Reading

Sri Lanka Recognized Among World’s Best Travel Destinations for 2026

Sri Lanka has continually proven its potential as a top travel destination, maintaining a strong global image despite challenges such as the Easter attacks, the COVID-19 pandemic, the economic crisis, and the recent Ditwah disaster. Demonstrating res

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය