විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට හා සංචාරකයන්ට පැය 03 කින් ප්‍රතිඵල ලබාදෙන කටුනායක පිසිආර් පරීක්ෂණාගාරයේ වැඩ ඇරඹෙයි. ඒ අනුව ඊයේ (25) සවස 06.30 ට ඩුබායි සිට මෙරටට පැමිණි EK 652 දරණ එමිරේට්ස් ගුවන් යානයේ සිටි ගුවන් මගීන් 53 දෙනෙකුට මුල්ම පිසිආර් පරික්ෂණ සිදු කෙරිණ. ඒ අතර විදේසගත ශ්‍රී ලාංකිකයන් මෙන්ම සංචාරකයෝ ද වූහ.

කටුනායක ගුවන් තොටුපළේ පිහිටුවා ඇති විශේෂ කවුළු කීපයක දී ලියාපදිංචි වූ මෙම පිරිස ගුවන් තොටුපළේ සිට 18 කණුව පිසිආර් පරික්ෂණාගාරය දක්වා බස් රථ මගින් රැගෙන ගිය අතර ජෛව පටල සාම්පල් ලබාගැනීමෙන් පසු සංචාරකයන් අදාළ හෝටල් වලටත්, විදේසගත ශ්‍රී ලාංකිකයන් නිවෙස් වෙතත් යොමු කෙරිණ. ගුවන් තොටුපළ කුලී රථ අවශ්‍ය අයගේ ප්‍රවාහන කටයුතු සදහා ද යොදවා තිබුණි. පිසිආර් වාර්තා මගින් කොවිඩ් වැළදී නොමැති බවට තහවුරු වන සංචාරකයන්ට හා ශ්‍රී ලාංකිකයන්ට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සමාජගත විමට ඒ අනුව හැකියාව ලැබේ.

පළමු කණ්ඩායමේ ප්‍රතිඵලය පැය 03 කටත් අඩු කාලයක දී ලබාදීමට පියවර ගැනුණු අතර ඔවුන්ගේ ජංගම දුරකථන වෙත අදාළ සහතිකය යොමු කිරීමට කටයුතු කෙරිණ.

පසුගිය ජූලි 09 වන දා සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා විසින් මෙම පරික්ෂණාගාරය ඉදි කිරීමට අනුමැතිය ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබු අතර ඊට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ හා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලේ අනුමැතිය හිමි විය. ඒ අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 05 ක ආයෝජනයක් වන මෙම පිසිආර් පරීක්ෂණාගාරය ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ හා ඔක්සිනෝම් ආයතනයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් යටතේ ඉදි කෙරිණ. මෙම පිසිආර් පරික්ෂණාගාරයේ ඉදි කිරිම් ආරම්භ කෙරුණේ පසුගිය ජුලි 23වනදායි.

පැයකට පිසිආර් පරික්ෂණ 500 ක් හා දවසකට පිසිආර් පරික්ෂණ 7000 ක් සිදු කළ හැකි මෙම පරික්ෂාණගාරයේ කටුනායක 18 කණුව ආශ්‍රිත ගුවන් තොටුපළ භූමියක ඉදි කෙරුණු අතර පසුගිය  23 වන දා එය සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල හා සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් වීවෘත කෙරිණ. මුලින් සංචාරකයන් ඉලක්ක කර ගනිමින් මෙය ආරම්භ කෙරුණ ද පසුව විගමනික ශ්‍රමිකයන්ට ද මෙහි දී පිසිආර් පරික්ෂණ සිදු කිරීමට තීරණය කෙරිණ. විදෙස් සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වි විදේශ රැකියා සදහා පිටත් ව ගිය ශ්‍රී ලාංකිකයන් ආපසු පැමිණෙන විට ඔවුන්ගේ පිසිආර් පරික්ෂණ සදහා වැය වන මුදල ගෙවිමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඒකගත්වය පළ කර තිබේ. ඒ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග, කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා සහ විදේශ සේවා නියුක්ති රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවක දීය.

ඊයේ(25) සවස සිට පැමිණෙන සියලු ගුවන් යානා වල පැමිණෙන ගුවන් මගීන්ට මේ වන විට මෙම පිසිආර් පරික්ෂණාගාරයේ පිසිආර් පරික්ෂණ සිදුකෙරන අතර කිසිදු බාධාවකින් තොරව සියලු ගුවන් මගින්ට මෙම ස්ථානයෙන් සිය පිසිආර් පරික්ෂණය සිදු කර ගැනිමට මේ වන විට පහසුකම් සලසා තිබේ.

ඊයේ සවස 06.30 ට මෙරටට  පැමිණි ඩුබායි ගුවන් යානයේ මගීන්ට පිසිආර් පරික්ෂණ සිදු කෙරෙන ක්‍රියාවලිය නිරීක්ෂණය සදහා සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග, ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජි.ඒ.චන්ද්‍රසිරි, උප සභාපති රජීව් සූරියආරච්චි ඇතුළු ගුවන් තොටුපළ බළධාරීන් පැමිණ සිටියහ. ගුවන් යානයෙන් මගීන් බසින ස්ථානයේ සිට පිසිආර් පරීක්ෂාවට ලක් ව ප්‍රතිඵලය ලැබෙන තුරු සිදු වන සම්පූර්ණ ක්‍රියාවලිය මෙහි දී සංචාරක ඇමතිවරයාගේ දැඩි පරික්ෂාවට ලක් වූ අතර එහි පැවති ඇතැම් ක්‍රම වේදයන් පිළිබද ව අදාළ අංශ වෙත උපදෙස් දෙන අයුරු ද දක්නට ලැබිණ.

මෙම අවස්ථාව නිරික්ෂණයට එක් වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මාධ්‍ය වේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සදහන් කළේ මෙම පිසිආර් පරික්ෂණාගාරයේ මෙරටට පැමිණෙන සංචාරකයන්ටත්, ශ්‍රී  ලාංකිකයන්ටත් ඉතා වැදගත් බවය. සංචාරකයන් ගෙන්වා ගැනීම සදහා දැනට පැමිණෙන සංචරණ සීමා යාවත්කාලීන කිරීමට කටයුතු කරමින් සිටින බව පැවසු ඇමතිවරයා මෙම පරික්ෂණාගාරය ඉදි කෙරුණේ රජයේ ප්‍රතිපත්තිමය තීරණයකට අනුව බව ද කිවේය. පසුගිය ජූලි මාසයේ සිට ඒ සදහා රජය වෙහෙසුන බවත් කොවිඩ් හේතුවෙන් බිද වැටි ඇති රට යළි ගොඩනැංවිමේ දි නිවැරිදි ක්‍රම වේදයක් ඔස්සේ එය සිදු කිරිමේ අවශ්‍යතාව මත මෙය සිදුකෙරුණු බවත් ඇමතිවරයා වැඩිදුරටත් කීවේය. විපක්ෂය හා ඇතැමුන් පවසන පරිදි ඉතා කඩිමුඩියේ මෙවැනි පරීක්ෂණාගාර ක්‍රියාත්මක කළ නොහැකි බවත්, කොවිඩ් වසංගත තත්ත්වය ද සැලකිල්ලට ගනිමින් එය සිදු කළ යුතු බවත් ඇමතිවරයා පෙන්වා දුන්නේය.

“අපි මේ සටන් කරන්නේ නොපෙණෙන සතුරෙක් සමගයි. අපිට හිතෙන හිතෙන හැටියට මෙහි දී කටයුතු කළ නොහැකියි. ඉතා ප්‍රවේසමෙන් මේක කරන්න ඕනේ. හදිස්සි වී වසංගත වලට විසදුම් හොයන්න බෑ. දැන් අපි මෙය ආරම්භ කළා. ඉදිරියේ දි මතුවිය හැකි ප්‍රායෝගික ගැටළු ගැන අපි අවධානයෙන් ඉන්නේ. ඒ අනුව ගැටළු මතුවුවහොත් ඒවාට ප්‍රායෝගික විසදුම් සොයා ගනිමින් අපි මේ කටයුත්ත අඛණ්ඩව ඉදිරියට ගෙනියනවා.“ ඇමතිවරයා මෙහි දි කීවේය.

240523536 6838289739529817 7797062627126968793 n241192423 6838290052863119 4264663170442277615 n241262767 6838288339529957 7536726281247658710 nf678b596 39d7 4801 bf73 2886791cd917

සංචාරක පුවත්

Sri Lanka Convention Bureau’s Roadmap for a Knowledge-Driven MICE Sector

During the first half of 2026, the Sri Lanka Convention Bureau (SLCB), through its Research, Development & Training Division, successfully implemented a series of capacity-building initiatives aimed at strengthening Sri Lanka's Meetings, Incentiv

Continue Reading

Sri Lanka Tourism Showcases Progress Across Key Sectors – July 2026

Sri Lanka Tourism continues to strengthen its global presence through a series of impactful initiatives and achievements across wellness, marine, cultural, educational, and business tourism. The Sri Lanka Tourism Promotion Bureau (SLTPB) has recently

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය