විදේශ රැකියාවන්හි නිරතව ශ්‍රී ලංකාවට පැමිණෙන විගමනික ශ්‍රමිකයන්ට ගුවන් තොටුපොළේ සිදුකෙරෙන PCR පරීක්ෂණ සඳහා වැය වන මුදල් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ගෙවීමට කටයුතු කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මේ සම්බන්ධව අද අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදීය.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ,විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය  අමාත්‍ය ප්‍රියංකර ජයරත්න යන මහත්වරුන් ද ගුවන්තොටුපල සේවා සමාගම,යුද හමුදාව,විදේශ නියුක්ති කාර්යාංශය යන ආයතන වල ද නිලධාරීහු ද මෙම සාකච්ඡාවට එක් වූහ.

මෙහි දී අදහස් දක්වමින් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා  ප්‍රකාශ කළේ, විදේශගතව  රැකියාවල නිරත වෙමින් සිට අපේ රටට විදේශ විනිමය උපයා දුන් මෙම රට විරුවන්ට අදාල PCR පරීක්ෂණ සිදු කිරීම ගුවන්තොටුපල පරිශ්‍රයේ පිහිට වූ නව රසායනාගාරයේ දී සිදුකිරීමට නියමිතයි .මෙම විගමනික ශ්‍රමිකයන්ට ඔවුන් කළ සේවයට කරන ගරු කිරීමක්  ලෙස සලකා මෙම PCR පරීක්ෂණ සඳහා වන ඩොලර් 40 ක මුදල විදෙස් සේවා නියුක්ති කාර්යංශය විසින් ගෙවීමට  තීරණය කළ බව ද අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙහිදී පැවසීය.

මෙහි දී අදහස් දැක්වූ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා  ප්‍රකාශ කළේ ,මෙම PCR පරීක්ෂණයක් කර පැය තුනක් වැනි කෙටි කාලයක් තුල මෙම රටවිරුවන්ට සිය නිවෙස් බලා යාමට අවස්ථාව සලසා දීම මෙම වැඩ පිළිවෙළේ ප්‍රධාන අරමුණ බවය.සම්පූර්ණ එන්නත් එන්නත්කරණයට ලක් වූ විගමණික ශ්‍රමිකයන් මෙම පරීක්ෂණයේදී ආසාදිත නොවන්නේ නම් ඔවුන්ට සිය නිවෙස් බලා යාමට අවස්ථාව සැලසෙන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග  මහතා වැඩි දුරටත් පැවසීය.රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා ප්‍රකාශ කළේ , මැදපෙරදිග හා කොරියාවේ රැකියා සදහා ගිය ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වෙනුවෙන් මෙහි දී විශේෂ අවධානයක් යොමු කරමින් මෙම සහන සැලසීම ක්‍රියාත්මක කරන බව ය .

මෙම අවස්ථාවට කම්කරු අමාත්‍යාංශයේ ලේකම්  පතිරණ මහතා,විදෙස් සේවා නියුක්ති කාර්යංශයේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතා ,ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජීව සූරියාරච්චි මහතා ද එක් වූහ.

WhatsApp Image 2021 09 24 at 10.27.32

සංචාරක පුවත්

Shaping Tomorrow's Tourism Pioneers- SLCB Drives MICE Excellence at Rajarata University

The Sri Lanka Convention Bureau (SLCB), in collaboration with the Department of Tourism and Hospitality of Rajarata University of Sri Lanka, successfully conducted a specialized MICE Training Programme on 19 August 2026 at Rajarata University.

Continue Reading

Bridging Academia and Industry -SLCB hosts MICE Tourism Workshop at Sabaragamuwa University

On 11 August 2026, the Sri Lanka Convention Bureau (SLCB), in collaboration with the Department of Tourism Management of the Sabaragamuwa University, successfully conducted a specialized MICE Training Programme at Sabaragamuwa University of Sri Lanka

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය