මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ කාලසටහන් ගත ගුවන් මෙහෙයුම් ආරම්භ කරන  ගුවන් සමාගම් සදහා විශේෂ සහන පැකේජයක් ක්‍රියාත්මක කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මත්තල ගුවන් තොටුපළ සදහා ජාත්‍යන්තර ගුවන් සමාගම් ආකර්ෂණය කර ගැනිම මෙහි අරමුණයි.

මේ අනුව මෙතෙක් මත්තල ගුවන්තොටුපළට ගුවන් මෙහෙයුම් සිදු නොකළ ජාත්‍යන්තර ගුවන් සමාගම් එම ගුවන් තොටුපළට මෙහෙයුම් ආරම්භ කරන දින සිට වසර දෙකක කාලයක් සදහා ඩොලර් 60 ක ගුවන්තොටුපළ විගමන බද්ධ අය නොකිරීමට යෝජනා වී තිබේ. ගුවන් යානා ගොඩ බැසීම් හා නැවතුම් ගාස්තු සදහා ද සහන ලබාදීමට සැලසුම් කර තිබේ. ඒ අනුව මත්තල ගුවන් තොටුපළ වෙත මෙහෙයුම් ආරම්භ කරන දිනයේ සිට වසර හතරක් දක්වා එම ගාස්තු සදහා වට්ටම් ලබාදිමට නියමිතයි. පළමු වර්ෂයේ 100% කින් ගුවන් යානා ගොඩ බැස්සවීම් හා නැවතුම් ගාස්තු නිදහස් කෙරෙන අතර දෙවන වර්ෂයේ 75%කින් ද තුන්වන වර්ෂයේ 50% ක් ද, සිව්වෙනි වර්ෂයේ 25%ක් ද නිදහස් කෙරෙනු ඇත.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ සතියකට අවම වශයෙන් එක් කාලසටහන් ගත ගුවන් ගමනක්වත් මත්තල ගුවන් තොටුපළ සදහා ක්‍රියාත්මක කිරීමට කිසියම් ගුවන් සමාගමක් ගිවිසුමකට එළඹෙන්නේ නම් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි පළමු වර්ෂයේ මෙහෙයුම් වල ගුවන්යානා ගොඩබැසීම් හා නැවතුම් ගාස්තු සදහා 50% ක වට්ටමක් ලබාදීම කෙරෙහි ද අවධානය යොමුව ඇති බවයි.

කොවිඩ් 19 වසංගතය ගෝලීය ගුවන් ප්‍රවාහන කර්මාන්තයට ද සැලකිය යුතු අන්දමින් බාධා පමුණුවා ඇති බවත් ඒ නිසා සමස්ථ ගුවන් කර්මාන්තයම අර්බුදයකට ලක් ව ඇති බවත් ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි. මත්තල ගුවන් තොටුපළ සදහා නව ගුවන් සේවා ආරම්භ කිරීමට කැමති ගුවන් සමාගම් ඉලක්ක කර ගනිමින් මෙම සහන පැකේජය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළේ ඒ අනුව බවත්, මීට අදාළ කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බවත් ඇමතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Continue Reading

Sri Lanka Tourism Strengthens Travel Trade Partnerships Through 2026 B2B Networking Series in Australia and New Zealand

Sri Lankan delegates engage over 250 Australian and New Zealand travel agents across a landmark five-city roadshow

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය