වසර 06 කට පසු ශ්‍රී ලංකන් ගුවන් සේවය කොළඹ - මොස්කව් ගුවන් ගමන් යළි ආරම්භ කරයි. ඒ අනුව පසුගිය සිකුරාදා (30) රාත්‍රී 10.20 ට UL 533 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානය මොස්කව් බලා පිටත්ව ගියේය. 31 වන දින අලුයම 04.30 ට මොස්කව් DOMODEDOVO ගුවන් තොටුපළට ගොඩ බැස්සවු අතර මෙම ගුවන් යානයේ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග,  ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ, ගුවන් තොටුපළ හා අපනයන සැකසුම් කළාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලේකම් මාධව දේවසුරේන්ද්‍ර ඇතුළු විශේෂ දූත පිරිසක් ද වූහ.

ඒ අනුව සෑම සතියක ම සිකුරාදා කොළඹින් ශ්‍රී ලංකන් ගුවන් යානයක් මොස්කව් බලා ගමන් කිරීමට නියමිත අතර එම ගුවන් යානය මොස්කව් ගුවන් තොටුපළට ගමන් කිරීමට පැය 08 ක් සහ විනාඩි 25 ක කාලයක් ගතවේ. පසුදින මොස්කව් සිට කටුනායක දක්වා මෙම ගුවන් යානය ආපසු පැමිණීමට නියමිතයි.

වසර 06 කට පසු කොළඹ සහ මොස්කව් අතර නැවත ගුවන් ගමන් ආරම්භ කිරීම නිමිත්තතෙන් ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා සවස චාම් සමාරම්භක වැඩසටහනක් පැවති අතර ඊට සහභාගී වෙමින් ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ වසර 06 කට පසු ශ්‍රී ලංකාව හා රුසියාව අතර යළි සෘජු ගුවන් ගමන් ඇරඹිම දෙරට අතර ද්විපාර්ශවික සබදතා පුළුල් කිරීමට ඉවහල් වනු ඇති බවයි. විශේෂයෙන් ම මෙරට සංචාරක ව්‍යාපාරය සදහා මෙය ඉතා හොද ආරම්භයක් බව ද ඇමතිවරයා කීවේය.

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා රුසියාවේ රැදී සිටින කාලය තුළ එරට සංචාරක  හා ගුවන් සේවා ප්‍රධානීන් මෙන්ම එරට වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් සමග ද සාකච්ඡා කිරීමට නියමිතයි.

205346214 6533636259995168 904665703982133849 n

ඡායාරූපය -   කොළඹ සහ මොස්කව් අතර යළි ගුවන් ගමන් ඇරඹිම නිමිත්තෙන් කටුනායක සෙරන්ඩිබ් ශාලාවේ පැවති සමාරම්භක වැඩසටහන.

 

 

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Continue Reading

Sri Lanka Tourism Strengthens Travel Trade Partnerships Through 2026 B2B Networking Series in Australia and New Zealand

Sri Lankan delegates engage over 250 Australian and New Zealand travel agents across a landmark five-city roadshow

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය