දේශීය හා විදේශීය සංචාරක ව්‍යාපාරය නංවාලීමේ අරමුණින් සංචාරක කලාප ආශ්‍රිතව පිහිටා ඇති මෙරට අභ්‍යන්තර ගුවන් තොටුපළ 05 ක් වැඩි දියුණු කිරීමට යයි. ඒ අනුව සීගිරිය, කොග්ගල, අම්පාර, අනුරාධපුරය හා හිගුරක්කගොඩ අභ්‍යන්තර ගුවන් තොටුපළ ප්‍රමුඛතා පදනම යටතේ වැඩි දියුණු කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මේ වන විට මෙරට අභ්‍යන්තර ගුවන් පථ 10 ක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව පාලනය යටතේ පවතී. සීගිරිය, කොග්ගල, අම්පාර, අනුරාධපුරය, හිගුරක්ගොඩ, කටුකුරුන්ද, ත්‍රීකුණාමලය, වවුනියාව, වීරවිල, පුත්තලම එම ගුවන්තොටුපළ වේ. ඊට අමතරව ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම යටතේ රත්මලාන, යාපනය හා මඩකලපුව ගුවන් තොටුපළ ක්‍රියාත්මක අතර එම ගුවන්තොටුපළ අභ්‍යන්තර ගුවන්තොටුපළ ලෙස ද ක්‍රියාත්මකයි.

සීගිරියෙ දෙස් විදේස සංචාරකයන් රැසක් ආක්රෂණය කර ගත් සංචාරක කළාපයකි. සීගිරිය අභ්‍යන්තර ගුවන් තොටුපළ සංවර්ධනයෙන් දෙස් විදෙස් සංචාරකයන් රැසක් එම පහසුකම ලබාගනු ඇතැයි අපේක්ෂා කෙරේ. කොග්ගල අභ්‍යන්තර ගුවන්තොටුපළ තල් මසුන් නැරඹීමට ප්‍රසිද්ධ මිරිස්ස වෙරළ තීරය ආශ්‍රිතව පැවතීමත්, අම්පාර අභ්‍යන්තර ගුවන් තොටුපළ නැගෙනහිර වෙරළ තිරයට ආසන්නව පිහිටීමත්, අනුරාධපුරය පැරණි රාජධානිය කෙරෙහි ඇති දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය හා පොළොන්නරුව පැරණි රාජධානිය කෙරෙහි ඇති දෙස් විදෙස් ආකර්ෂණය සැලකිල්ලට ගනිමින් ඒ ආශ්‍රිත අභ්‍යන්තර ගුවන් තොටුපළ දියුණු කිරීමටත් අපේක්ෂා කරන බව ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි.

නුවර ඵළිය, දිගන හා බණ්ඩාරවෙල නව අභ්‍යන්තර ගුවන් තොටුපළ 03 ක් ඉදිකිරීම් සම්බන්ධයෙන් ද යෝජනා ඉදිරිපත් ව ඇති අතර ඒ සම්බන්ධයෙන් ද ඉදිරි කටයුතු සිදු කෙරෙමින් පවතී. බණ්ඩාරවෙල අභ්‍යන්තර ගුවන් තොටුපළ ඉදිකිරීම 2016 වසරේ ජාතික අයවැය යෝජනාවකි. නුවරඑළිය ප්‍ර දේශයේ අභ්‍යන්තර ගුවන් තොටුපළක් ඉදි කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ද සදහන් කරුණකි. ඒ අනුව  සීතාඑළිය බීජ අල ගොවිපළ භූමිය, සදතැන්න, ගෙග්‍රරි වැවට නුදුරු ප්‍ර දේශ ආශ්‍රිත ප්‍ර දේශ මේ සදහා පරික්ෂා කෙරුණ ද, අදාළ ස්ථාන අභ්‍යන්තර ගුවන් තොටුපලක් ඉදිකිරීමට නුසුදුසු බව තහවුරු වී ඇත. ඒ අනුව ප්‍ර දේශයේ වෙනත් ස්ථානයක් සම්බන්ධයෙන්  ඉදිරිපත් ව ඇති යෝජනාවක් කෙරෙහි ද මේ වන විට අවධානය යොමුව ඇති බවත් එම ස්ථානය පීළිබද ශක්‍යතා අධ්‍යනයක් සිදු කිරීමට අපේක්ෂා කරන බවත් ඇමතිවරයා සදහන් කරයි. දිගන අභ්‍යන්තර ගුවන් තොටුපළ සම්බන්ධයෙන් ගුවන් හමුදාව ඉදිරි කටයුතු සිදු කරමින් පවතී.

කොවිඩ් වසංගතයෙන් පසුව මෙරට සංචාරක ව්‍යාපාරය යළි නගා සිටුවීමේ දි සංචාරක යටිතල පහසුකම් නැංවීම මෙන්ම සංචාරක ආකර්ෂණය ලබා ගැනීමේ නව උපක්‍රම සම්බන්ධයෙන් ද වැඩි අවධානයක් යොමුව තිබේ. ඒ අනුව මෙම අභ්‍යන්තර ගුවන් තොටුපළ වැඩි දියුණු කිරීම කෙරෙහි ද අවධානය යොමු කර ඇතැයි ඇමතිවරයා කියයි.

සංචාරක පුවත්

Sri Lankan Travel Documentary Wins Top Honor at Global Media Awards 2026 in London, UK

Sri Lanka’s storytelling excellence took centre stage at the Inspire Global Media Awards 2026, held recently in London, United Kingdom with a packed room of media glitterati. The Sri Lankan travel documentary produced by Mark Julian Edwards won the p

Continue Reading

Media Networking session and Roadshow (B2B) & Networking Evening | 05th – 06th April 2026 | Dhaka, Bangladesh

Sri Lanka Tourism Promotion Bureau , (SLTPB ) in coordination with the High commission of Sri Lanka in Bangladesh , organized the first-ever Media Networking Session and Roadshow (B2B) & Networking Evening in Dhaka, Bangladesh, on 05th & 06t

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය