ජාත්‍යන්තර ගුවන් සේවා කිහිපයක් ශ්‍රී ලංකාව සමග අලුතින් ගුවන් ගමන් ආරම්භ කිරීමට සාකච්ඡා  ආරම්භ කරයි.දැනට ලෝකය පුරා විහිදී තිබෙන ගුවන් සමාගම් 32 ක් ශ්‍රී ලංකාව සමඟ ගුවන් ගමන් සේවා වල නිරත වන අතර නව ගුවන් සේවා හතරක් අලුතින් ගුවන් ගමන් ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡා ආරම්භ කර ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.

එයා ෆ්‍රාන්ස් ගුවන් සමාගම සහ මැද පෙරදිග ගුවන් සමාගමක්  ශ්‍රී ලංකාව සමඟ කඩිනමින් ගුවන් ගමන් සේවා ආරම්භ කිරීම සඳහා එකඟත්වය පළකර ඇති අතර කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ මෙන්ම මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ ද ආවරණය වන පරිදි ගුවන් ගමන් ගමන් වාර ආරම්භ කිරීමට  කැමැත්ත පළ කොට තිබේ.මේ අතර ඕමාන් ගුවන් සේවයට අයත් සලාම් ගුවන් සේවය මත්තල ජාත්‍යන්තර ගුවන් ගුවන්තොටුපළ සමග ගුවන් ගමන් වාර ආරම්භ කිරීම කෙරෙහි සාකච්ඡා පවත්වා ඇත.

මීට අමතරව සිනමන් ගුවන් සේවය ලංකාව පුරා විහිදී තිබෙන  අභ්‍යන්තර ගුවන් ගුවන්තොටුපල ආවරණය වන පරිදි ගුවන් ගමන් ගමන්වාර ආරම්භ කිරීමට කැමැත්ත පළ කොට තිබේ.

නව වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකාව ගුවන් ගමන් ක්ෂේත්‍රයේ කේන්ද්‍රස්ථානයක් බවට නංවාලීම තුළින් ධනාත්මක තරගකාරිත්වයක් ඇතිකර ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළ වල මගී ධාරිතාවය  ඉහල නැංවීමට පියවර ගැනෙයි.

දිවයිනේ සංචාරක ව්‍යාපාරය යථාවත් කිරීම සඳහා ලෝකේ පුරා ගෙන යන සංචාරක ප්‍රචාරණ ප්‍රවර්ධන වැඩසටහනට සමගාමීව ගුවන් ගමන් වාර ප්‍රමාණයද ඉහළ නැංවීමට අපේක්ෂිතය.

ලෝකය පුරා රටවල් සමඟ ගුවන් ගමන් සේවා ව්‍යාප්ත කිරිමත් සමගම දිවයිනට ඉදිරි කාලය තුළ ඇදී එන සංචාරකයින් ප්‍රමාණය දිනකට දහස ඉක්මවනු ඇති බවට ද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විශ්වාසය පළ කරයි.

සංචාරක පුවත්

Shaping Tomorrow's Tourism Pioneers- SLCB Drives MICE Excellence at Rajarata University

The Sri Lanka Convention Bureau (SLCB), in collaboration with the Department of Tourism and Hospitality of Rajarata University of Sri Lanka, successfully conducted a specialized MICE Training Programme on 19 August 2026 at Rajarata University.

Continue Reading

Bridging Academia and Industry -SLCB hosts MICE Tourism Workshop at Sabaragamuwa University

On 11 August 2026, the Sri Lanka Convention Bureau (SLCB), in collaboration with the Department of Tourism Management of the Sabaragamuwa University, successfully conducted a specialized MICE Training Programme at Sabaragamuwa University of Sri Lanka

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය