ආගමන විගමන පහසුකම් පුළුල් කරමින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ අලුතින් ඉදිකළ විගමන පියස ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්  අද (15) පෙරවරුවේ මහජන අයිතියට පත්කෙරිණි.

නිගමන කවුළු 23ක් සහිතව ඉදිකෙරුණු මෙම  නව විගමන පියස ඉදිකිරීමට ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමට  රුපියල් මිලියන 430 ක මුදලක් වැයවී ඇත.මෙම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ගුවන් තොටුපොළේ පළමු පර්යන්තය සම්පූර්ණයෙන්ම නවීකරණය වී ඇත. ද්විත්ව  උසකින් යුත් ඉඩකඩ සහිත පිටත්වීමේ මගී පර්යන්තය සඳහා වෙන් වූ පෙදෙස, නව වායු සමීකරණ පද්ධතිය, දුරකථන හා දත්ත උපාංග ස්ථාපනය , දැනට පවතින පිටත් වීමේ පර්යන්තය ප්‍රභූන් සඳහා වෙන් වූ ප්‍රදේශයට පුළුල් කිරීම, අමතර තට්ටු තුනකින් සමන්විත වන ලෙස එස්කැලේටර් 2ක්, විදුලි සෝපානයක්, නව පියගැටපෙළක් සහ ඉහළ මහලේ අමතරව පිරික්සුම් කවුළු පහක් සහිතව ගුවන් මගීන්ගේ මලු හසුරුවාලීම පහසුකම්  පුළුල් කිරීම ද මෙම ව්‍යාපෘතිය යටතේ සිදුකෙරිණි.

නව විගමන හා බුද්ධි අංශ කාර්යාල පරිශ්‍රයද නවීනතම පහසුකම් සහිතව ඉදිකර තිබේ.2025 වර්ෂය වන විට වාර්ෂිකව ගුවන් මගීන් මිලියන 20ක් සේවය ලබාගන්නා, තරගකාරී ආරක්ෂක ගුවන් සේවාවක් සැපයීම සඳහා හොඳම භාවිතයන් සහ අති නවීන තාක්ෂණයෙන් යුත් ආගන්තුක සත්කාර සපයන ගුවන් තොටුපළක් ලෙස  කටුනායක ගුවන්තොටුපල පරිවර්තනය කිරීමේ අපේක්ෂාව ක්‍රියාත්මක කෙරෙන මෙම ගුවන්තොටුපල යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ.

සෞඛ්‍යය උපදෙස් අනුව පැවති මෙම විවෘත කිරීම සඳහා සිවිල් ගුවන් සේවා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක ,ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ සභාපති ජී.ඒ. චන්ද්‍රසිරි,උප සභාපති රජිව් සූරියාරච්චි ඇතුළු පිරිසක් සහභාගී වූහ.

WhatsApp Image 2021 07 15 at 10.08.54 1

 

 

WhatsApp Image 2021 07 15 at 10.08.54

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Continue Reading

Sri Lanka Tourism Strengthens Travel Trade Partnerships Through 2026 B2B Networking Series in Australia and New Zealand

Sri Lankan delegates engage over 250 Australian and New Zealand travel agents across a landmark five-city roadshow

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය