කොවිඩ් - 19 වසංගතය ලොව  පුරා  පැතිරයාමත් සමඟ  2020 මාර්තු මාසයේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වසා දැමූ දා සිට විදෙස් රටවල අතරමං වූ ශ්‍රී ලාංකිකයින් යලි මව්බිමට  ගෙන්වා ගැනීම සහ ශ්‍රී ලංකාව සහ  ලෝකයේ සෙසු රටවල් අතර අත්‍යවශ්‍ය සම්බන්ධතාවය පවත්වා ගනිමින් ජාත්‍යන්තර වෙළඳාමට පහසුකම් සැලසීම මඟින් ශ්‍රී ලංකන් ගුවන් සේවය ජාතික ආර්ථිකයට සහ රටට අවශ්‍ය සහයෝගය ලබා දෙමින් සිටී.

පසුගිය මාස නවය තුළ ගුවන් තොටුපලවල් වසා දැමීම සහ විවිධ රටවල් විසින් පනවා තිබූ සංචාරක සීමා හේතුවෙන් ගුවන් සමාගමේ සමස්ත ගුවන්යානා බලඇණියම පාහේ ධාවනය නොකර පැවතුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, විදෙස්ගත පුරවැසියන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සහ වෛද්‍ය සැපයුම් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කිරීම  සඳහා පමණක් ගුවන් ගමන් වාර සීමිත සංඛ්‍යාවක්  ක්‍රියාත්මක කිරීම හේතුවෙන් පෙර නොවූ විරූ  අන්දමේ අලාභයන්ට මුහුණ දීමට ගුවන් සමාගමට සිදුවිය.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම මෙන්ම අවශ්‍ය අවස්ථාවන්හිදී ගුවන් භාණ්ඩ ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් රජයේ අවශ්‍යතාවන්ට කඩිනමින් ප්‍රතිචාර දැක්වීමට අමතරව, වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය තාවකාලික ගුවන් ගමන් කාලසටහන් අනුගමනය කර ඇත. කොවිඩ්-19 වසංගතය වැළැක්වීම සඳහා බලධාරීන් විසින් නියම කර ඇති මාර්ගෝපදේශවලට අනුකූලව,  කෙටි දැනුම්දීමකින් පසුව සේවයට වාර්තා කිරීමට ගුවන් සමාගමේ සියලුම සේවකයින්ට සිදුවිය.  සමාගමේ සේවකයින් රාජකාරියේ යෙදී සිටියදී ඔවුන්ව ආරක්ෂා කිරීම සඳහා පූර්වාරක්ෂක ක්‍රියාමාර්ග ගන්නා ලද අතර ගුවන් සමාගම විසින් පුද්ගලික ආරක්ෂක උපකරණ සෑම විටම සේවකයින්ට සපයනු ලැබේ.

ජාතික ගුවන් සේවය මෙම දුෂ්කර කාල පරිච්ඡේදය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා රජයේ සහයෝගය කෙරෙහි විශ්වාසය තබා ඇති අතර අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් රජය විසින් මුහුණ දෙන අයවැය හා මූල්‍යමය අභියෝග මධ්‍යයේ වුවද,  සමාගමට අවශ්‍ය මුදල් කිසිදු පැකිළිමකින් තොරව   ලබා දී ඇත. එබැවින් සමාගමේ සේවකයින්ගේ ඉහලම යුතුකම වන්නේ රට නැවත ගොඩනැඟීම සඳහා රජය ගන්නා උත්සාහයට සහාය වීමය. වසංගතය ආරම්භයේ සිටම දැඩි හා අනපේක්ෂිත සේවා පරිසරයක වැඩ කිරීමට සිදුවීම නිසා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සේවකයින් බොහෝ දුෂ්කරතා විඳදරාගත් අතර වැටුප් කප්පාදුව හේතුවෙන් ඔවුන්ගේ ආදායමෙන් යම් ප්‍රතිශතයක් ද අඩුවී ඇත.

මෙම පීඩාකාරී පසුබිමට එරෙහිව යමින්, ගුවන් නියමුවන්ගේ සංසදයේ  (ALPG) විධායක කමිටුවේ සාමාජිකයින් අත්තනෝමතික ආකාරයෙන් කටයුතු කිරීමට තීරණය කර ඇති අතර එමඟින් ගුවන් සේවයේ මෙහෙයුම්වලට දැඩි බාධා ඇති කරනවා පමණක් නොව ගුවන් සේවය ද අනතුරේ හෙළමින් රටේ සංවර්ධන උත්සාහයන්ටද බාධා ඇති කරවයි. රාජකාරි ඇමතුම් ප්‍රතික්ෂේප කිරීමෙන් හෝ සමාගමෙන් ලැබෙන ඇමතුම්වලට ප්‍රතිචාර නොදැක්වීම මඟින් සේවාවාර නිවාඩු දිනවල රාජකාරී කිරීමට  එකඟත්වය පළකිරීමෙන්  වැළකීසිටින ලෙසට වන පිළිගත නොහැකි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට ගුවන් නියමුවන්ගේ සංසදය සිය සාමාජිකයින්ට බල කර ඇත.

එබැවින්, කැපවීමෙන් වැඩකරන  හා වටිනා සේවයක් ඉටුකරන සමාගමේ සෙසු සේවකයින්ගේ උත්සාහයන් සහ ශ්‍රී ලංකා රජයේ අධිෂ්ඨානය ගුවන් සමාගමේ සේවකයින්ගෙන් සුළු පිරිසක් හිතාමතාම අඩපණ කිරීම පිළිබඳව ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ කළමනාකරණය දැඩි ලෙස කලකිරීමට පත්ව සිටිති. අධ්‍යක්ෂ මණ්ඩලය, කළමනාකරණය සහ ගුවන් සේවයේ කැපවීමෙන් වැඩකරන  සේවකයින් සියළුදෙනාම ගුවන් නියමුවන්ගේ සංසදයේ (ALPG)  මෙම අකල් හා ආත්මාර්ථකාමී ක්‍රියා දැඩි ලෙස හෙළා දකී.

ගුවන් නියමුවන්ගේ සංසදයේ (ALPG)  ඉල්ලීම වන්නේ කොවිඩ්-19 ආසාදිතවන ගුවන් නියමුවන්ගේ සංසදයේ  සාමාජිකයන් සඳහා විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක්  ගුවන් සමාගම විසින් ලබා දෙන ලෙසයි. ගුවන් සමාගම  විසින් එවැනි මධ්‍යස්ථානයක් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා ඇති අතර ඉක්මනින් එම පහසුකම් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

ශ්‍රී ලංකන් ගුවන් සේවය

සංචාරක පුවත්

Sri Lankan Travel Documentary Wins Top Honor at Global Media Awards 2026 in London, UK

Sri Lanka’s storytelling excellence took centre stage at the Inspire Global Media Awards 2026, held recently in London, United Kingdom with a packed room of media glitterati. The Sri Lankan travel documentary produced by Mark Julian Edwards won the p

Continue Reading

Media Networking session and Roadshow (B2B) & Networking Evening | 05th – 06th April 2026 | Dhaka, Bangladesh

Sri Lanka Tourism Promotion Bureau , (SLTPB ) in coordination with the High commission of Sri Lanka in Bangladesh , organized the first-ever Media Networking Session and Roadshow (B2B) & Networking Evening in Dhaka, Bangladesh, on 05th & 06t

Continue Reading
Exit
දිස්ත්‍රික්කය