මෙරට රැඳී සිටින රුසියානු හා යුක්රේන සංචාරකයන් සදහා ගාස්තු අය කිරිමකින් තොරව තවත් මාස 02 ක කාලයක් සදහා වීසා කාලසීමාව දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය පළ වේ. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා විසින් කැබිනට් මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කළේය.

මේ වන විට රුසියාව හා යුක්රේනය අතර වර්ධනය වි ඇති අර්බුදය හමුවේ දැනට සංචාරය කරමින් සිටින රුසියානු හා යුක්රේන සංචාරකයන්ට පවතින තත්ත්වය සමනය වනතුරු නැවත සිය රටවලට යාමට නොහැකි බැවින් ඔවුන්ගේ වීසා කාලය දීර්ඝ කිරීමට තීරණය කළ බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මේ වන විට රුසියානු සංචාරකයන් 11,463 ක් හා යුක්රේන සංචාරකයන් 3,993 ක් මෙරට තුල රැදි සිටිති.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙන්නේ රුසියාව හා යුක්රේනය ශ්‍රී ලංකාවට ඉහළම සංචාරකයන් සංඛ්‍යාවක් පැමිණෙන රටවල් දෙකක් බවයි. මේ වසරේ ජනවාරි හා පෙබරවාරි මස 27 වන දින දක්වා මෙරටට පැමිණ ඇති රුසියානු සංචාරකයන් සංඛ්‍යාව  28,392 කි. යුක්රේන සංචාරකයන් 13,039 ක් පැමිණ තිබේ.

කෙසේ වෙතත් මෙම වීසා දීර්ඝ කිරීම මෙරට සේවය කිරීම සදහා ලබාදෙන අවසර පත්‍රයක් නොවිය යුත් බවත් වීසා දීර්ඝ කිරීමේ කොන්දේසි කඩ කළහොත් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් අදාළ කැබිනට් මණ්ඩල සංදේශය මගින් අමාත්‍ය මණ්ඩලය සිය එකඟතාවය පළ කර තිබේ.

සංචාරක පුවත්

Sri Lanka’s Nalani Madhushani Wickramaratna to Shine at the Prestigious "Queen of the World International Pageant – Class of 2025"

Colombo, Sri Lanka – April 21, 2025 – Nalani Madhushani Wickramaratna, crowned Elite Queen of the World – Sri Lanka in 2024, is set to represent Sri Lanka at the globally renowned "Queen of the World International Pageant – Class of 2025" i

Continue Reading

Marine Tourism Roadmap for Sri Lanka Launched by the Sri Lanka Tourism Development Authority

Sri Lanka marked a major milestone in its tourism development efforts with the official launch of the Marine Tourism Roadmap on Thursday, April 10, 2025 in Colombo. This initiative, led by the Sri Lanka Tourism Development Authority (SLTDA) with supp

Continue Reading
Exit
දිස්ත්‍රික්කය