සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක හෝටල්, සේවා සපයන ආයතන, සංචාරක මාර්ගෝපදේශකයන් හා රියදුරන් මේ වසරේත් ලියාපදිංචි අළුත් කිරීමේ ගාස්තුවෙන් නිදහස් කෙරේ. ඒ අනුව ඔවුන් වෙත ලබා දුන් සහනය තවත් වසරකින් දීර්ඝ කෙරෙන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රයේ නිරතවූවන් වෙනුවෙන් සහන සැලසීමේ රජයේ වැඩ පිළිවෙල යටතේ 2020 දී මෙම සහනය ප්‍රකාශයට පත් කෙරිණි.. මේ වසර තුලද එම සහනය තවදුරටත් ලබාදීමට තීරණය කල බව ඇමතිවරයා සදහන් කරයි.

මෙ වන විට සංචාරක හෝටල්, සේවා සපයන ස්ථාන,මාර්ගෝපදේශකයන් හා රියදුරන් ලියාපදිංචිය කඩිනම් කිරීමටද බළධාරීන්ට උපදෙස් දී ඇතැයි ඇමතිවරයා සදහන් කරයි. 2019 වසරට සාපේක්ෂව පසුගිය වසරේ සංචාරක ක්ෂේත්‍රයේ නවාතැන් සපයන්නන්ගේ ලියාපදිංචිය 39%  කින් ඉහළ ගොස් ඇති අතර සේවා අංශයේ ලියාපදිංචිය 26% කින් ඉහළ ගොස් තිබේ. සංචාරක පණත අනුව සියළුම සංචාරක සේවා ආයතන හා සංචාරක සේවා සපයන්නන් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිිංචි විය යුතු වුවද බොහෝ සංචාරක සේවා ආයතන හා සේවා සපයන්නන් තවමත් අධිකාරියේ ලියාපදිංචි වී නොමැත. කොවිඩ් තත්ත්වය තුල රජය විසින් ලබා දුන් සහන මේ අයට ලබාදීමේදී ද විවිධ ගැටළු මතු වූ බවත් මේ තත්ත්වය සැලකිල්ලට ගෙන මේ වසර තුලදී සංචාරක සේවා සපයන්නන් ලියාපදිංචිය කඩිනම් කිරීමට කටයුතු යොදා ඇති බවත් ඇමතිවරයා කියයි

මේ අතර සංචාරක සංවර්ධන අධිකාරියේ  ලියාපදිංචි හා  බලපත්‍රලාභී මාර්ගෝපදේශකයන් පමණක් විදෙස් සංචාරකයන්ට මාර්ගෝපදේශ සේවා සදහා යොදවා ගැනීම සංචාරක සංවර්ධන අධිකාරිය අනිවාර්ය කර තිබේ. සංචාරක සංවර්ධන අධිකාරිය සියළුම සංචාරක සංවර්ධන ආයතන වෙත දැනුම් දී ඇත්තේ ලියාපදිංචි හා බලපත්‍ර නොමැති සංචාරක මාර්ගෝපදේශකයන් විදෙස්  සංචාරකයන්ගේ මාර්ගෝපදේශ සදහා යොදා ගන්නා ආයතන වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි. සංචාරක පොලීසිය මගින් දැනටමත් ඊට අදාල පරීක්ෂා කිරීම් සිදු කෙරෙන බවද එම අධිකාරිය සදහන් කරයි.

මේ වන විට දිවයින පුරා සංචාරක මාර්ගෝපදේශකයන් 5000කට ආසන්න පිරිසක් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී තිබේ. ඔවුන් අතර ජාතික මාර්ගෝපදේශකයන් 1680 ක්, රියදුරු මාර්ගෝපදේශකයන් 1388 ක්, ප්‍රාදේශීය මාර්ගෝපදේශකයන් 1667 ක් හා ස්ථානීය මාර්ගෝපදේශකයන් 98 ක් සිටිති. ඔව්හු විධිමත් පුහුණුවකින් පසු අදාල බලපත්‍ර හා හැදුනුම්පත් ලබාගත් අය වෙති.

මේ අතර මේ වසර තුල මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබේ. සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තාවලට අනුව පසුගිය 07 වෙනිදා වනවිට මෙරටට සංචාරකයන් 104,739 ක් පැමිණ තිබේ. පසුගිය ජනවාරි මාසයේදී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 82327 කි. මෙම මස (පෙබරවාරි)මුල් දින 07 තුල මෙරටට  පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 22412 කි. 2021 වසර අවසන් වන විට සංචාරකයන් පැමිණ තිබුණේ 1,94,495ක් බවද සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තාවල සදහන් වෙයි.

මේ වසරේ මුල් දින 38 තුල මෙරටට වැඩිම සංචාරක පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර එම සංඛ්‍යාව 16844 ක් වේ . ඉන්දියාවෙන් 14178 ක් පැමිණ ඇති අතර එක්සත් රාජධානියෙන් පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 10007 කි. ඊට අමතරව යුක්රේනය,ජර්මනිය, ප්‍රංශය,පෝලන්තය, ඕස්ට්‍රේලියාව, කසකස්ථානය හා මාලදිවයින මෙ වසරේ මුල් දින 37 තුල මෙරටට වැඩිම සංචාරකයන් පැමිණී රටවල් වන බවද එම වාර්ථාවේ සදහන් වෙයි.

සංචාරක පුවත්

Hon. Deputy Minister of Tourism Prof. Ruwan Ranasinghe Inaugurates Sri Lanka Pavilion at Outbound Travel Mart (OTM) Mumbai 2026

Sri Lanka Tourism Promotion Bureau, in collaboration with the Sri Lankan High Commission in India, participated at the prestigious Outbound Travel Mart (OTM), India’s leading outbound travel trade exhibition, generating strong momentum for Sri Lanka

Continue Reading

Showcasing Sri Lanka’s Extraordinary Wildlife & Nature: Visit of Belgian RTBF TV crew to Sri Lanka

Sri Lanka Embassy in Belgium in collaboration with the Sri Lanka Tourism Promotion Bureau has facilitated a special edition of Belgian wildlife documentary Le Jardin Extraordinaire (the Extraordinary Garden) to be filmed in Sri Lanka, with the object

Continue Reading
Exit
දිස්ත්‍රික්කය