ඉකුත් සති අන්ත දිර්ඝ නිවාඩුවේ දී මෙරට උද්‍යාන නැරඹීම සඳහා පැමිණි දේශීය විදේශීය සංචාරකයින්‍ ගෙන් කෝටියකට ආසන්න ආදායමක් උපයා ඇතැයි සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

තෛපොංගල්, සති අන්ත සෙනසුරාදා ඉරිදා හා  දුරුතු පොහොය දිනය එක ළග ළග දිනවල යෙදී තිබීම නිසා විශාල පිරිසක් විනෝද චාරිකාවලට එක්වීමක් දක්නට ලැබුණු අතර වැඩිම පිරිසක් උද්‍යාන නැරඹීම සඳහා පැමිණ තිබුණේ ඉකුත් 16 වැනිදායි. එදින දේශීය සංචාරකයින් 23,342ක් හා විදේශීය සංචාරකයින් 425ක් උද්‍යාන නැරඹීම සඳහා පැමිණ ඇති අතර එමගින් රුපියල් 2859840ක ආදායමක් උපයා ඇතැයි ඇමතිවරයා කියයි.

තෛපොංගල් නිවාඩුව යෙදුනු 14 වැනි සිකුරාදා උද්‍යාන නැරඹීම සඳහා දේශීය සංචාරකයින් 11617ක් හා විදේශිය සංචාරකයින් 423ක් පැමිණ ඇති අතර එමගින් රුපියල් 1840500 ක ආදායමක් ලැබී තිබේ. ඉකුත් 15 වැනි සෙනසුරාදා දේශීය සංචාරකයින් 16175ක් හා විදේශිය සංචාරකයින් 493ක් උද්‍යාන නැරඹීම සඳහා පැමිණ ඇති අතර එමගින් රුපියල් 2381340ක් ලැබී ඇත. දුරුතු පොහොය දිනයේ දේශීය සංචාරකයින් 18747ක් හා විදේශිය සංචාරකයින් 314ක් පැමිණ තිබේ. එදින රුපියල් 2250140ක ආදායමක් ලබා තිබේ. සති අන්ත දිර්ඝ නිවාඩුවේ පමණක් උද්‍යාන නැරඹීමට පැමිණි දේශීය විදේශීය සංචාරකයින් මඟින් රුපියල් 9331820ක ආදායමක් ලබා ගෙන ඇතැයිද ඇමතිවරයා සදහන් කරයි.

සංචාරක කර්මාන්තයේ මෙම නව පිඹිදීම රටේ ආර්ථිකය නැංවීම සඳහා ලැබුණු අවස්ථාවක් බවට පත්කර ගන්නා ලෙස කර්මාන්තයේ නියැලෙන අයගෙන් ඉල්ලා සිටින බවද ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියි.

සංචාරක පුවත්

Bridging Academia and Industry -SLCB hosts MICE Tourism Workshop at Sabaragamuwa University

On 11 August 2026, the Sri Lanka Convention Bureau (SLCB), in collaboration with the Department of Tourism Management of the Sabaragamuwa University, successfully conducted a specialized MICE Training Programme at Sabaragamuwa University of Sri Lanka

Continue Reading

Launch of the National Tourism Strategic Planning Consultancy (2026–2031) and Global Promotional Campaign Road Map Consultancy 31 August 2026

Sri Lanka today marked a major milestone in its tourism development agenda with the official launch of two nationally significant consultancy assignments supported under the World Bank’s Grant Facility for Project Preparation (GFPP). The event was of

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය