• වසරේ මුල් දෙසතිය තුල සංචාරකයන් 39172 ක් ශ්‍රී ලංකාවට එයි.
  • වැඩිම පිරිස පැමිණ ඇත්තේ රුසියාවෙන්.
  • සංචාරකයන් ඉලක්ක කර ගත් ගෝලීය සන්නිවේදන ප්‍රවර්ධන වැඩසටහන මේ වසරේ මුල් කාර්තුවේදි ඇරඹෙයි.

- ඇමති ප්‍රසන්න රණතුංග කියයි.

       මේ වසරේ මුල් දෙසතිය තුල සංචාරකයන් 39172 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මෙම දින 14 තුල මෙරටට වැඩි වශයෙන් සංචාරකයන් පැමිණ ඇත්තේ රුසියානු සමූහාන්ඩුවෙන් බවත් සංචාරකයන් 6963 ක් ඒ අනුව රුසියානු සමූහාන්ඩුවෙන් ගෙවි ගිය සති දෙකක කාලය තුල මෙරටට පැමිණ ඇති බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

කොවිඩ් වසංගතය පැවති පසුගිය වසරක (2021)  කාලය තුල මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 1,94,495කි. ඉන් වැඩිම සංචාරක පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ පසුගිය වසරේ අවසන් මාස 03 තුලයි. එම මාස 03 ක කාලය තුල මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 156,571 කි.

පසුගිය සති 02 තුල රුසියානු සමූහාන්ඩුවට අමතරව වැඩිම සංචාරක පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාව, යුක්රේනය, එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය, මාලදිවයින, ඕස්ට්‍රේලියාව, පෝලන්තය, ඇමරිකාව වැනි රටවලිනි.සංචාරක ප්‍රවර්ධනය ඉලක්ක කර ගනිමින් රුසියාව, යුක්රේනය, එංගලන්තය, ජර්මනිය හා ප්‍රංශය යන රටවල විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණු අතර එහි ප්‍රථිඵලයක් ලෙස එම රටවලින් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයිද ඇමතිවරයා පෙන්වා දෙයි.

සංචාරක පැමිණීම් වර්ධනය වීමත් සමග මේ වන විට එම ක්ෂේත්‍ර යේ නිරතවූවන් මුහුණ පා සිටින ගැටළු වලටද  කිසියම් සහනයක් ලැබෙමින් තිබෙන බව පැවසූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව ඉහල නංවා ගැනිම සදහා රජය ගත යුතු ගතහැකි සෑම පියවරක්ම ගනිමින් සිටින බවද කීවේය. මේ වසරේ ලෝකයේ විවිධ රටවල් වල පැවැත්වෙන සංචාරක ප්‍රදර්ශන සදහා සහභාගී වීමට ශ්‍රී ලංකාව දැනටමත් සැලසුම් කර තිබේ.මීට අමතරව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මගින් හදුනාගත් රටවල විශේෂ ප්‍රවර්ධන වැඩ සටහන්ද ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර තිබේ.මීට අමතරව මෙරට සංචාරක ව්‍යාපාරයේ ප්‍රධාන මුලාශ්‍ර වෙළදපොල ඉලක්ක කර ගනිමින් ගෝලිය සන්නිවේදන වැඩ සටහන්ද ක්‍රියාත්මක කෙරෙන අතර මේ වසරේ මුල් කාර්තුව තුළ එය දියත් කිරිමට අපේක්ෂා කරන බවද ඇමතිවරයා සදහන් කරයි. 

සංචාරක පුවත්

Bridging Academia and Industry -SLCB hosts MICE Tourism Workshop at Sabaragamuwa University

On 11 August 2026, the Sri Lanka Convention Bureau (SLCB), in collaboration with the Department of Tourism Management of the Sabaragamuwa University, successfully conducted a specialized MICE Training Programme at Sabaragamuwa University of Sri Lanka

Continue Reading

Launch of the National Tourism Strategic Planning Consultancy (2026–2031) and Global Promotional Campaign Road Map Consultancy 31 August 2026

Sri Lanka today marked a major milestone in its tourism development agenda with the official launch of two nationally significant consultancy assignments supported under the World Bank’s Grant Facility for Project Preparation (GFPP). The event was of

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය